හොලිවුඩ් පායන බොලිවුඩ් තරුව

අප්‍රේල් 29, 2021

ඉන්දියානු නළු නිළියන් හොලිවුඩයට පිවිසීම පිළිබඳ නිරන්තරයෙන් අසන්නට ලැබේ. දැන් මෙම දිගු ලැයිස්තුවට අලුත්ම එකතු කිරීම වන්නේ හුමා කුරේෂි ය. හුමා කුරේෂි හොලිවුඩ් චිත්‍රපටයක් වන 'ආර්මි ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටයට පිවිසීමට සූදානමින් සිටී. සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයක් වන එහි ක්‍රියාදාමයෙන් පිරුණු ට්‍රේලරය පසුගියදා අන්තර්ජාලයට එක් කර තිබේ. හූමා කුරේෂි සිය සමාජ මාධ්‍යවල මෙම ටීසරය එය බෙදාහදා ගනිමින්, "මෙම බුද්ධිමත් නිර්මාණකරුවාගේ දර්ශනයේ කුඩා කොටසක් වීම ගැන ආඩම්බරයි" යනුවෙන් සටහනක් යෙදුවාය.

ඩේව් බවුටිස්ටා, එලා පර්නෙල්, ඔමාරි හාඩ්වික්, ඇනා ඩි ලා රෙගුආරා, තියෝ රොසි, මතියස් ෂ්වේගෝෆර්, නෝරා ආර්නෙසෙඩර්, හිරෝයුකි සනඩා ඇතුළු පිරිසක් 'ආර්මි ඔෆ් ද ඩෙඩ්' චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති. එය මැයි 21 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගතවීමට නියමිතය.