පාඩම් පමණි

අප්‍රේල් 29, 2021

රන්වීර් සිං දශකයකට වැඩි කාලයක් පුරා බොලිවුඩයේ විනෝදාස්වාදයේ සුපිරි තරුවක් බවට පත්වී සිටී. තිරයේ ඇති භූමිකාවන් අව්‍යාජභාවයට ගෙන ඒම සඳහා ජීවිතයේ ඇතැම් අත්දැකීම් වැදගත් බව ඔහු පවසන්නේය. රන්වීර් සිං බොලිවුඩයට පැමිණියේ 2010 දී තිරගත වූ 'බෑන්ඩ් බජා බරාත්' චිත්‍රපටයත් සමඟ ය. දීපිකා පදුකෝන් සමඟ ගොලියොන් කි රස්ලීලා රාම් ලීලා චිත්‍රපටය රන්වීර්ගේ වෘත්තිය එතැන් සිට ඉහළට ඔසවා තැබීය. 'බජිරාඕ මස්තානි', 'පද්මාවත්' සහ 'ගලී බෝයි' සේම තිරගත වීමට නියමිත '83 'චිත්‍රපටයේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව්ගේ චරිතයත් ඔහුගේ සිනමා දිවියේ විශේෂවනු ඇත.

"අවස්ථා කිහිපයකදී මට බලාපොරොත්තුවක් නැති බවක් දැනුණත් මගේ හැකියාවන් ගැන මම විශ්වාස කළා" ඔහු පවසන්නේය. "අව්‍යාජභාවය මෙන්ම ඔබ කවුරුන්ද යන්න සත්‍යවාදීව අවබෝධකර ගැනීම ඉතාම වැදගත්. මම ඉගෙන ගත් තවත් වැදගත් දෙයක් නම් අවදානම ගැනීම දිගටම කරගෙන යාමයි. මන්දයත් මගේ විශ්වාසය ජීවිතයේ කිසිදු අසාර්ථකත්වයක් නොමැති අතර තිබෙන්නේ පාඩම් පමණකි" ඔහු පවසන්නේය.