සිතුවම් කළ නිරෝධායනය

අප්‍රේල් 29, 2021

අර්ජුන් රාම්පල් ද පසුගියදා කොරෝනා වෛරසයේ ග්‍රහණයට හසු විය. ඒ වෙනුවෙන් පූර්වාරක්ෂාව ලබා ගැනීම සඳහා ඔහු සියලු වැඩ අතහැර නිරෝධායනයට ලක් වූයේය. "රෝග ලක්ෂණ නොමැති වුවද, මම හුදෙකලා වී නිවසේ නිරෝධායනය වෙමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමි. පසුගිය දින 10 තුළ මා හා සම්බන්ධ වූ සියලු දෙනාටම කරුණාකර ප්‍රවේශම් වී අවශ්‍ය පියවර ගන්න. මෙය අපට ඉතා භයානක කාලයකි. නමුත් අප කෙටි කාලයක් සඳහා දැනුම්වත්ව ඥානවන්තව කටයුතු කළහොත් එය දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙනු ඇත. අපි සැවොම එක් වී කොරෝනාට එරෙහිව සටන් කරමු" ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබීය.

නිරෝධායනය සඳහා ඔහු කාලය ගත කරන්නේ කෙසේදැයි ඔහුගේ රසිකයෙකු කළ විමසුමකට ඔහු පිළිතුරු දුන්නේය. ඒ වෙනුවෙන් ඔහු තමා විසින්ම සිතුවමක් පින්තාරු කරන අයුරු ඡායාරූපයක් ගෙන අන්තර්ජාලයට එක් කළේය. 'ඩකාඩ්' සහ 'ද රැපිස්ට්' ඇතුළත්ව අර්ජුන්හට ඉදිරි නිර්මාණ පෙළක් ඇත.