ආශාවරී මෙය ආදර කතාවක් නොවේ

ආදරයේ කතාවකි
අප්‍රේල් 29, 2021

කන්ද උඩරට ඉතා ධනවත් පවුලක තරුණයෙක් දියතලාව හමුදා ඇකඩමියේ පුහුණු ලබද්දී ඔහිය දුම්රිය ස්ථානධිපතිගේ බාල රුමත් දියණිය වන ආශාවරී සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් දුරදිග යාම සහ ඒ පවුල් දෙකේ ගැටුම ජය පරාජය ආදරය විරහව පිරුණු ඉතාමත් අනුවේදනීය කතාවකින් යුතු චිත්‍රපටයකි ආශාවරී. යාපනය දෙමළ පවුලක සිරිත් විරිත් එමෙන්ම කන්ද උඩරට සිංහල පවුලක අභිමානය හමුවේ ඔවුන් එකිනෙක ගැටී ආදරය ජයගන්නට දැරණ වෑයම මෙහි කතා තේමාව වී ඇත. මෙහි රූගත කිරීම් දියතලාව, ඔහිය, ඉදල්ගස්හින්න, නුවරඑළිය, අඹේවෙල, රන්මිහිතැන්න වැනි සුන්දර දර්ශනතලවල රූගත කර ඇත.

නළු නිළි කැල

හේමාල් රණසිංහ, ඉෂාත්කා ජහන්වී, දිනිති වල්ගමගේ, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි,

ජයනි සේනානායක, සේමිණී ඉද්දමල්ගොඩ,

සාරංග දිසාසේකර, ප්‍රියංකර රත්නායක, රුවී ලක්මාලී, රොහාන් රණතුංග, ධනුෂ්ක ඔයස්, දයා වයිමන්, ලසන්ත උඩුකුඹුර

 

 

අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය - තේජා ඉද්දමල්ගොඩ

සහාය නිෂ්පාදනය - සංජීවනී රූපසිංහ, ප්‍රියන්ත අමුණුගම

නිෂ්පාදන කළමනාකරණය - සුගත් කුලතුංග

නිෂ්පාදන කළමනාකරණ සහාය - සචිනි ගයත්‍රි, සවිනි ප්‍රේමරත්න

තිරරචනය - සද්ධාමංගල සුරියබණ්ඩාර

කැමරාකරණය -රුවන් කොස්තා

කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

ඇඳුම් නිර්මාණය - ලසන්ත උඩුකුඹුර

වේශ නිරූපණය - ඉන්දික උදාර

පසුබිම් සංගීතය - සුරේෂ් මාලියැද්ද

ගී තනු - සුරේෂ් මාලියැද්ද, තේජා ඉද්දමල්ගොඩ

ගී පදරචනය - කැලුම් ශ්‍රීමාල්, තේජා ඉද්දමල්ගොඩ

ගීත ගායනය- නිරෝෂා විරාජනී, සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් සහ උපේකා නිර්මාණී