අනිත්‍ය හරහා දොරට වැඩි ලලිත් මධුරංග

අප්‍රේල් 29, 2021

හාලි ඇල කන්දකැටියේ සිට ලලිත් මධුරංග වීරසේකර කිලෝමීටර් 280 ක්ගෙවා කොළඹට සේන්දු වනුයේ කලාකාරයකු වීමේ සිහිනය සිතේ දරාගෙනය. ඒ 2010 වසෙර්ය. එයට වසරකට පෙර ඔහු කන්දකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුස්තකාල පාඨක සමාජය සංවිධානය කරන ලද කෙටි කතා හා චිත්‍ර තරගයේ දී ගලඋඩ මධ්‍ය මහා විදුහලේ ඉගෙනුම ලද ලලිත් විසින් රචනා කරන ලද යුක්තිය තමයි ශක්තිය කෙටි කතාව එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගත්තේය. ඔහු විසින් අඳීන ලද චිත්‍රය ජ්‍යෙෂ්ඨ අංශයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

කොළඹ එන ඔහුගේ මුල්ම රැකියාව රාජගිරියේ හෝටලයකය. කට්ට කා හෝ තැනකට ඒම අරමුණ කරගත් හෙතෙම කොළඹ සුදර්ශි ආයතනයේ හා රාහුල නාට්‍ය පාසැලට එක්ව රංගය හා කලාව පිළිබඳ මූලික හැදෑඋරීමක යෙදිණ.දස වසරකට පසු ඔහු රංගන ශිල්පියකු, ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා නිවේදකයකු ලෙස පෙරට එමින් සිටියි. 

කොළඹ පැමිණි ඔහුට එදා ගමේ දී සිහින මැවූ සිනමා තාරකාවෝ හැබැහින් දැක ගන්නට හැකිවිය. යුක්තිය තමයි ශක්තිය කථාව ඇසුරෙන් තිර රචනයක් ලියූ ඔහු එය සිය හද බැඳී නළු ජීවන් කුමාරතුංගට පිරිනැමුවේය. මේ අවදියේම ඔහු අනිත්‍යා නමින් ඒකාංගික බෞද්ධ ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එයින් සියල්ලට වඩා ඔහු ක්ෂෙත්‍රය පිලිබඳ අවබෝධයක් ලබා ගත්තේය. අනිත්‍යා හරහාම රංගන වරමක් ද ඔහු ලබා ගත්තේය.අනතුරුව ඔහු ස්වර්ණ හංස ටෙලි නාට්‍ය සඳහා ද ඔහු නිෂ්පාදනයෙන් දායක විය.

2014 වසරේ ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් මහවලගේ යටතේ රූපවාහිනිකරණය හැදෑරු ඔහු එයින් පසු තරමක් කලා ක්ෂේත්‍රයන් ඈත්ව ගියේ කලකිරිමකිනි.

2019 වසරේ ඔහු යළි රංගනයට පිවිසෙන අතර එයින් පසු රාවණා, සිද්ධාර්ථ ගෞතම, අහස් මාලිගා, මායාවී, හතේ කල්ලිය, හාරත හේරා, ඔබ නිසා, නෝනාවරුණි මහත්වරු ඇතුළු ටෙලිනාට්‍යය රැසකම චරිත නිරූපණය කළේය. එමෙන්ම මියුසික් වීඩියෝ රාශියකට ද ඔහු රංගනයෙන් දායක විය. එමෙන්ම යූටියුබ් සඳහා යාචකයකුට පෙම් බැඳී ධනවත් තරුණිය, සුට්ටයි,සුට්ටියි, පොලිටිකල් දෝංකාරය, දුව අවකාඩෝ, අපූරු හරකෙක් ඇතුළු නිර්මාණ රාශියක් ම ඔහු විසින් නිර්මාණය කරන ලදී.

මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ හින්දාම ගොඩක් දුක් වින්දා. මිනිසුක්ගේ වංචාවලට අහුවුණා. ඒත් අද ඒ හැම දේකින්ම පාඩමක් ඉගෙන ගෙන ආර්ථික අතිනුත් යම් ස්ථාවරයක් ලබා ගෙන ඉන්නවා. මට අද හොඳ අධ්‍යක්ෂවරයෙක් සමඟ ටෙලිනාට්‍යයක් කරන්න පුළුවන්. හැබැයි ඔහු මා සමඟ ටෙලි නාට්‍ය විකාශය කරන නාලිකාව ගැන ගිවිසුම් ගත විය යුතුයි. ඒ වගේම මම දැනටත් සමහර නිර්මාණ වෙනුවෙන් මූල්‍ය දායකත්වය සපයා තිබෙනවා.

කොලොම්බියා කුඹුර, 12 කණුව,හාලි ඇල ලලිත් ගේ ලිපිනයයි. 0701058800 ඔහුගේ දුරකතන අංකයයි.

චන්දන
ශාන් රූපස්සර