93 වැනි ඇකඩමි සම්මාන උලෙළ

අප්‍රේල් 29, 2021

බොහෝ සම්මාන උළෙල පසුගිය වසරේ රතු පලස් නොමැතිව පැවැත්වුණු අතර ඒවා මත ඇවිද යාමට අමුත්තන් ද නොසිටින බව තේරුම් ගත හැකි හේතුවකි. එනම් ලොවපුරා පැතිර ගිය කොරෝනා වසංගතයයි.

මේ වසරේ ඇකඩම් සම්මාන හෙවත් ඔස්කාර් සම්මාන දින දර්ශනය ද මාස දෙකකින් දීර්ඝ කළ අතර ඒ අනුව පසුගිය 25 වැනිදා ලොස් ඇන්ජලීස් ඩොල්බි රඟහලේ සහ යුනියන් ස්ටේෂන් හිදී 93 වැනි සම්මාන උලෙළ පැවැත්විණි. මෙවර එය අන්තර්ජාල ප්‍රවාහය හරහා තිරගත වූ සහ තරඟකාරී ලෙස නිකුත් නොවූ චිත්‍රපට සඳහා ද විවෘත විය.

සමාජ දුරස්ථභාවයට ප්‍රමුඛස්ථානය දෙමින් පැවති උලෙළ වෙනුවෙන් නාමයෝජකයන්, අමුත්තන් සුළුපිරිසක් සහ ඉදිරිපත් කරන්නන් අතුරින් කිහිප දෙනෙකු ඒ සඳහා පැමිණියහ. ඇතැම් ඉදිරිපත් කිරීමේ නිවේදන නිකුත් වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීව ලෙසිනි.

මෙවර සම්මාන උළෙල ඉතිහාසගත වූයේ පළමු සම්මානය ලබා දීමට පෙරදීය. සමස්තයක් ලෙස කළු ජාතිකයන් වැඩි පිරිසක් නාමයෝජනා ලද පළමු අවස්ථාව මෙය වූ අතර පළමුවරට කාන්තාවන් දෙදෙනෙකු හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නම් කරන ලදී. ඔස්කාර් සම්මාන උලෙළකදී මුල්වරට ආසියානු සම්භවයක් ඇති කාන්තාවන් දෙදෙනෙකුට සම්මාන හිමි වූ පළමු අවස්ථාවද මෙයයි. ක්ලෝයි ෂාවෝ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානයට පාත්‍ර වූ අතර එම සම්මානයට හිමිකම් කියන දෙවන කාන්තාව බවට පත්විය. ඇගේ චිත්‍රපටය වන ව්ධථචඤතචදඤ, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි විය.

හොඳම වාර්තා වෘතාන්තය වෙනුවෙන් නාමයෝජනා ලද ක්‍රිප් කෑම්ප් සමඟින් රෝද පුටු භාවිතා කරන්නන්ද රතු පලස මත කැපී පෙනුණි. එහි සම අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් පෙනී සිටින ඡායාරූපයක් දුටු ටිව්ටර් පරිශීලකයෙක් සඳහන් කර සිටියේ, "ආබාධිත යෞවනයෙකු ලෙස, මම මෙතෙක් දැක ඇති සිසිල්ම දේ මෙයයි" යනුවෙනි. හොඳම සහය නිළිය සම්මානය වෙනුවෙන් නාමයෝජනා ලද මාරියා බාකලෝවා මීටරයේ දුරස්ථ නීතියට අවනත වීමට පහසුම ක්‍රමය සොයාගෙන තිබුණි. ඇය ඔස්කාර් වෙනුවෙන් පැමිණ සිටියේ මීටර් හයක් පුරා විහිද යන පරිදි ඇඳුමකින් සැරසී ගෙනය. ඇමරිකානු සංගීතඥයෙකු වන ක්වෙස්ට්ලොව් පැමිණ සිටියේ රන් ආලේපිත පාවහන් පැළඳ ගෙනය. 93 වැනි ඇකඩමි සම්මාන උලෙළේදී ඇන්ඩ්‍රා ඩේ ඩොලර් මිලියන 2 කට වඩා වටිනා දියමන්ති ආභරණ පැළඳ සිටියාය.

 

93 වැනි ඇකඩමි සම්මාන උලෙළේ සම්මානලාභීන්