“ජුලියස් සීසර්” මැයි දෙවැනිදා වේදිකාවට

අප්‍රේල් 29, 2021

 

ඔබිනාමුණි ගාමිණී ද සිල්වා මහතා සහ ශේක්ස්පියර් නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරන "ජුලියස් සීසර්" වේදිකා නාට්‍ය මැයි මස දෙවැනිදා කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.

විලියම් ශේක්ස්පියර්ගේ "ජුලියස් සීසර්" වේදිකා නාට්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කර මෙය ඉදිරිපත් කරන අතර එහි නිෂ්පාදක නිශාන්ත බඹරැන්ද සමඟ ගාමිණී ද සිල්වා, විජේසිරි මැණික්පුර, නිශානි බන්නැහැක, මධුභාෂිණී බන්නැහැක, විජිත් මැදවල, මහේන්ද්‍ර වීරරත්න ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වේ. මහේන්ද්‍ර වීරරත්න, සමන්ති මානගේ, නිල්මිණී පෙරේරා, නදීශානි විමලරත්න සහාය අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරයි.