විරෝධාකල්පික ග්‍රැමොෆෝන් ගී...

අප්‍රේල් 29, 2021

 

 

මෙම ගීතය ගායනා කළ රොමියුලස් ද සිල්වා මහතා පිළිබඳව දීර්ඝ සටහනක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. එතුමා පිළිබඳව කෙටි සටහනක් පමණක් මෙහි තබමි. වර්ෂ 1901 දී පුංචි බොරැල්ලේදී උපත ලද මෙතුමා වර්ෂ 1905 දී යන්තමින් පස් වස් සපිරෙන විට සිංහල නෘත්‍ය සමාගමේ ළදරු නළුවෙක් ලෙසත්, වර්ෂ 1911 පමණ වනවිට ටවර්හෝල්හි ආර්ය සිංහල නාට්‍ය සභාවේ ළමා නළුවෙක් ලෙසත් රංගනයේ යෙදෙන්නේ ය. ඒවකට ජනකාන්තම නළුවා වූ බි. බර්නාඩ් සිල්වා නොහොත් “බන්ටා මාස්ටර්” ගේ සෙවණැල්ල ලෙස ඔහු අනුගමනය කළ මොහු වර්ෂ 1919 දී පමණ ටවර්හෝල් කරළියට පිවිසෙන්නේ “විධුර” නුර්තිය හරහාය. පසුව වෙස්සන්තර, දුටුගැමුණු, උම්මග්ග ජාතකය, පණ්ඩුකාභය, රාමායණය, උත්තර ගැමුණු, හේමමාලි, පද්මාවතී, කාලිංග කුමරු සහ සිරිමල් එතනා, ශ්‍රී වික්‍රම රස්ජසිංහ, සිරිසඟබෝ, ආදී නුර්ති රාශියක චරිත මවන්නේය. වර්ෂ 1927 දී මුල්වරට ර්‍ණච්ඡ්ර්‍ණව් ලේබලයට “මනෝරම්‍ය ලංකා” නම් ගීතය තැටිගත කරමින් ග්‍රැමොෆෝන් ලෝකයට පිවිසි මෙතුමා එච්.ඇම් .වී., පර්ලෆෝන්, බ්‍රෝඩ්කාස්ට් ආදී ග්‍රැමොෆෝන් තැටි ලේබල සදහා තැටිගත කළ ගීත සංඛ්‍යාව සියයකට ආසන්න ය. ඒවා අතුරින් සරල ගී, අරෙහ ශාස්ත්‍රීය ගී, කිතුණු ගීතිකා, කවි, සීපද, ගාථා සහ ශ්ලෝක ආදියද අන්තර්ගත ය. වර්ෂ 1927-37 කාලයේ වැඩිම ගීත ප්‍රමාණයක් තැටිගත කළ ගායකයන් තිදෙනා අතුරින් කෙනෙක් වන්නේ මෙතුමා ය. අනෙක් දෙදෙනා වන්නේ, ටී. වී .එඩ්වින් පෙරේරා සහ රොමානිස් පෙරේරා ය.

මෙම ගීත යුගලටම ෆුට් බැලෝ හර්මොනියම්, තබ්ලාව සහ වයලීනය යන වාද්‍ය භාණ්ඩ සීමිත ගණනක් පමණක් උපයෝගී කරගෙන ඇති අතර ගායකයන් ගේ කටහඬ ඉස්මතුකිරීම ට ප්‍රමුඛත්වයක් දී ඇති බවක් පෙනේ. මෙම ගීත තැටිගත කිරීම් එවකට කොළඹ දී (වර්තමානයේ ඇස්වාට්ටුව හන්දිය පිහිටි ස්ථානයේ) තිබුණු ශබ්දාගාරයක් තුළ ජර්මානු ඉංජිනේරු මහතුන්ගේ ආධාර ඇතිව ය.

සිංහල ගීතයේ විරෝධාකල්පික ගී පිළිබඳ ඉතිහාසය හදාරන්නන්ට මෙවැනි ගීත පිළිබඳව හැදෑරීම අතිශය වැදගත් ය. අප රටෙහි පසුගිය දශක කිහිපයේ ඇති වූ ජාතිවාදී අරගල, කෝලාහල පිළිබඳව ඊට දශක ගණනාවකට පෙර සමාජ විද්‍යාත්මක ඇසකින් ග්‍රමොෆෝන් ගීතරචකයා දුටු අයුරු අපූරු ය. එසේම සිනමාව, රුපවාහිනිය හෝ ගුවන්විදුලිය වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නොමැති යුගයක ජනයා වෙත ගීත තැටි මගින් සමාජගත කරන්නට යෙදුණු පණිවිඩය එකතරා දුරකට ප්‍රශංසනීය ය. ගීත ඉතිහාසය, භාෂාවේ ක්‍රමික විකාශනය, ගීත රචනයේ, සංගීතයේ සහ ගායනයේ ප්‍රමිතිය, තත්කාලීන සමාජයීය සංසිද්ධි ආදී මාතෘකා යටතේ සලකා බලනකල ග්‍රැමොෆෝන් ගීත මෙකි කරුණු සියල්ල අප වෙත පරාවර්තනය කරන කැඩපතක් බඳුය. එබැවින් අනාගත පරපුරටද මෙම ගීත සංරක්ෂණය කර තැබීම සහ මේවා පිළිබඳව ගවේෂණය කිරීම අප සැමගේ යුතුකමකි.

 

විශේෂ ස්තූතිය :

ගීත තැටි සංරක්ෂක එච්.එම. ගුණතිලක මහතා, කලාභූෂණ ඇඹුල්දෙනියේ ලයනල් ගුණතිලක මහතා

ආශ්‍රිත ග්‍රන්ථ සහ පුවත්පත්: සිළුමිණ ,1930 මාර්තු 30; ර්ධඤඥපදඪඵඪදඨ ඛ්ධථනධඵඪබඪධද: ඉඪදඩචතච ඵධදඨ , නධඥබපර චදඤ නධතඪබඪජඵ ඪද බඩඥ බඹඥදබඪඥබඩ- ජඥදබභපර ඉපඪ ඹ්චදඬච ඡර ට්චපපඥබබ ජ්ඪඥතඤ (2017); කතා පෙට්ටියේ ගී - කලාභූෂණ ඇඹුල්දෙනියේ ලයනල් ගුණතිලක (1992)