වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ගායනයට රංගනයට හපන් පේමසිරි

ඔහු නමින් පේමසිරි ඒ. දිසානායක නම් වේ.
ගායනයට, රංගනයට දායකත්වය ලබාදෙමින් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කලාකරුවෙකි.
හෙක්ටර් විජේකෝන්ගේ ‘පලංචිය’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපා තම රංගන හැකියාව දැක් වූ අතර, වැහිලිහිණි, මුතු පලසක්, එන් කවුන්ටර් යන ටෙලි නාට්‍යයන්ට අමතරව කෝපි කඩේ ටෙලි නාට්‍යයට රංගන ශිල්පියෙක් වශයෙන් දායක වී තිබේ. එමෙන්ම ප්‍රාදේශීයව පැවැත්වෙන සංගීත ප්‍රසංගයන්හි ගායකයෙක් ලෙස ද පේමසිරි දායක වේ. මේ අතර ඔහුගේ ස්ව නිර්මාණයක් වූ ‘ගමේ විහාරේ බෝ මළුවේ’ සහ ‘බුලත් අතක් දී ‘නම් වූ ගීත දෙක යූ ටියුබ් හරහා ප්‍රචලිත වී ඇත. තවදුරටත් කලාවේ නියැළෙන ඔහු ප්‍රවීණ සංගිත අධ්‍යක්ෂවරයෙකු වන විශාරද සමන්ත පෙරේරා යටතේ සංගීතය ද හදාරයි.
මේ ඔහුගේ ලිපිනය - පේමසිරි ඒ. දිසානායක, 310/4/4 ‘ධනමිණි’, වීර මාවත, බෝකුන්දර, පිළියන්දල. දු. ක. 0779031528 - 0112709585