වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
සයිබර් කිවිඳියක වූ මනෝරි

තරුණ ලේඛිකාවක් වන මනෝරි කෞෂි දිසානායක 2017දී “රිදුණු තැන එතැන” නමින් සහ “නැකත වැරදිනි” නමින් කාව්‍ය ග්රන්ථ ද්විත්වයක් රචනා කර ඇත. පාසල් කාලයේ පටන්ම පද්‍ය රචනාවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇති ඇය ගීත රචිකාවක්ද වේ.
සයිබර් අවකාශයේ කාව්‍යකරණයේ නියුතු මනෝරිගේ පළමු ගීතය 2013 වර්ෂයේදී “සිත්තරා” නමින් එළිදැක්විණි. ඇය ලියූ ගීත 12ක් පමණ මේ වනවිට ජනගත කර ඇති අතර තවත් තුනක වැඩකටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. එයින් ඉන්දිකා උපමාලි ගයන, සමන්ත පෙරේරා සංගීතවත් කළ “බෙරලියා පෙති” ගීතයත් ක්‍රිශාන්ත එරන්දක ගයන රෝහණ ධර්මකීර්ති සංගීතවත් කළ “නැකත වැරදිණි” ගීතයත්, සමන්ත පෙරේරාගේ “එදා වැස්ස” ගීතයත් කිත්සිළු ධනංජය සංගීතවත් කළ ඔහු සහ නිලන්ති සේනාධීර ගැයු “සිදාදියේ මහත්තයෝ” යන ගීත ජනපි‍්‍රය වී ඇත.