Home » භාරතයේ දේශප්‍රේමය අවදි කළ රූපණවේදියා

භාරතයේ දේශප්‍රේමය අවදි කළ රූපණවේදියා

by Thanushika
May 15, 2025 11:18 am 0 comment

මනෝජ් කුමාර් බොලිවුඩ් සිනමාවේ සිටි ජනප්‍රිය නළුවෙකි. සුපිරි තරුවකි. නළුවෙක් පමණක් නොවේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකි. සංස්කරණ ශිල්පියෙකි. ඔහු ඉන්දියානු සිනමාවේ සාර්ථක නළුවෙකු ලෙස සැලකේ. ඉන්දියානු සංස්කෘතික විඥානය හැඩගැස්වීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කළ මනෝජ් කුමාර් බොලිවුඩයේ ජනප්‍රිය නළු දිලිප් කුමාර්ට පසුව සාර්ථකම බොලිවුඩ් තරුව බවට පත් වූයේ දැවැන්ත බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලබාගත් නළුවකු ලෙසිනි. මනෝජ් කුමාර් පසුගිය අප්‍රේල් 4 වැනිදා වයස අවුරුදු 87ක් ආයු වළඳා තම දිවි රඟමඩලට සමු දුන්නේය. වත්මන් ඉන්දි⁣යාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මනෝජ් කුමාර් “ඉන්දියානු සිනමාවේ නිරූපකය (ධ්ජධද ධට ධ්දඤඪචද ජඪදඥථච)” ලෙස හැඳීන්වූ අතර, “මනෝජ්ගේ සිනමාකෘති ජාතික අභිමානයේ ආත්මය දල්වමින් පරම්පරා ගණනාවකට ආස්වාදයක් ලබා දෙනු ඇත” යනුවෙන් මෝදි විසින් තම ඔ ගිණුමෙහි ඔහුගේ සිනමා මෙහෙවර උදෙසා අපුරු සටහනක් තබන ලදී.

මනෝජ්ගේ රංගනය බොලිවුඩයේ පසුකාලීන පරම්පරා සඳහා බෙහෙවින් බලපෑවේය. නිදර්ශනයක් ලෙස මනෝජ් කුමාර්ගේ චිත්‍රපට නරඹමින් හැදී වැඩුණු බවත්, එමඟින් ජාතිය කෙරෙහි ආදරයක් සහ ආඩම්බරයක් ඇති වූ බවත් බොලිවුඩයේ සුපිරි නළු අක්ෂේ කුමාර් පැවසීය. ඉන්දියානු සිනමාවේ ස්වර්ණමය ඉතිහාසයේ කොටසක් වන අවස්ථා නිර්මාණය කිරීම ගැන නළු අජේ දේව්ගන් විසින් මමෝජ් කුමාර්ට ප්‍රශංසා කළ අතර තමා වැනි චිත්‍රපටකරුවන්ට ආස්වාදයක් ලබා දීම ගැන ඔහුට බෙහෙවින් ස්තූති කළේය.

50 දශකයේ හින්දි හෙවත් හින්දුස්ථානි චිත්‍රපට කර්මාන්තයට ස්වර්ණමය යුගයක් විය.(එවකට එය බොලිවුඩ් ලෙස හැඳීන්වූයේ නැත). දිලිප් කුමාර්, දේව් ආනන්ද් සහ රාජ් කපූර් යන ශ්‍රේෂ්ඨතම තරු ත්‍රිත්වය ඉහළම ස්ථානය හිමි කරගෙන තිබිණ. ඒ වනවිට නළු අමිතාබ් බච්චන් ක්ෂේත්‍රයට පිවිස තිබුණේ නැත. කෙසේ වෙතත්, තරුණ ප්‍රේක්ෂකයෝ සිනමාව වෙත නව මුහුණක් නිරතුරුවම ඉල්ලා සිටියහ. තරඟය දැඩි විය. නව පරම්පරාවේ තරුණ නළු නිළියෝ බිහිවෙමින් සිටියහ. ඔවුන් සියල්ලන්ටම දිලිප් කුමාර් විසින් සකස් කරන ලද මාර්ගයට අනුගත වීමට සිදු විය. නළුවෙකුගේ බිහිවීම සිදු විය. කඩවසම්, ප්‍රියමනාප වූ මිත්‍රශීලී මුහුණක්, අලංකාර කොණ්ඩටක් සහිත මනෝජ් කුමාර් ආගමනය සිදුවීමට පසුබිමි කතාවක් තිබෙි.

ම⁣නෝජ් කුමාර් වර්ෂ 1937 ජූලි 24 වැනිදා ඉන්දියාවේ ‘ඇබොට්ටාබාද්’ (වර්තමානයේ පකිස්තානයේ) හි උපත ලබන්නේ හරික්‍රිෂ්ණ ගිරි ගෝස්වාමි නමිනි. එවකට ඉන්දියාව නිදහස ලබා නොතිබූ අතර බ්‍රිතාන්‍යයන්ගේ අධිරාජ්‍යයක්ව පැවති යුගයකි. මනෝජ් කුමාර් හින්දු විද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගනිමින් විද්‍යාර්ථීයකු ලෙස තම අධ්‍යාපනය හමාර කළේය. අධ්‍යාපනයෙන් අනතුරුව ඔහුට නළුවෙකු වීමේ දැඩ් ආශාවක් ඇති විය. ඒ අනුව ඔහු සිනමාවට පිවිසෙන්නේ කුඩා චරිතයක් රඟපෑමෙනි. ඔහු⁣ සිනමාවට 1957 දී තිරගත වූ ‘ෆැෂන්’ චිත්‍රපටයයි. ෆැෂන් චිත්‍රපටයේ එතරම් අවධානයට ලක් නොවූ රංගනයකින් පසුව සහරා (1958), චාන්ද් (1959) සහ හනිමූන් (1960) වැනි චිත්‍රපටවල අමතක නොවන චරිත නිරූපණය කිරීමෙන් පසු මනෝජ් කුමාර් ‘කාන්ච් කි ගුඩියා(1961) චිත්‍රපටයේ ඔහුගේ පළමු ප්‍රධාන චරිතයට පණ පොවන ලදී. 1965 වර්ෂය මනෝජ් කුමාර්ගේ තරුවක් බවට පත්වීමේ ආරම්භය සනිටුහන් කළේය. ඒ ඔහු ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ විප්ලවවාදියෙකු වූ ෂාහිඩි හෙවත් භගත් සිංගේ ජීවිතය පාදක කරගත් දේශප්‍රේමී චිත්‍රපටයක් වූ ‘ෂහිඩ්’ ය.

වර්ෂ 1965 දි තිරගත වූ ‘ෂහිඩ්’ චිත්‍රපටය මනෝජ් කුමාර්ගේ චිත්‍රපට නාමාවලියේ සදාතනික මතකයක් බඳු විශේෂ චිත්‍රපටයක් විය. මනෝජ් කුමාර් 2017 දී හෙළි කළේ භගත් සිංගේ චරිතය සඳහා සූදානම් වීමට වසර හතරක පර්යේෂණයක් කළ බවයි. “පුවත්පත් කන්තෝරුවලට ගොස් පැරණි පොත්, සඟරා, පත්‍රිකා, නිදහස් සටන්කරුවන් සම්බන්ධයෙන් මට අත තැබිය හැකි ඕනෑම දෙයක් කියෙව්වා. මදුරාසියේ (දැන් චෙන්නායි) මම රඟපෑ චිත්‍රපටවල රූගත කිරීම් අවසන් කිරීමෙන් පසු මම හින්දු පුස්තකාලයට ගොස් පොත් කියවනවා” යැයි මනෝජ් කුමාර් භගත් සිං චරිතය නිරූපණය කිරීමට දරා ඇති වෙහෙස පැහැදිලි කළේය. භගත් සිංගේ චරිතය වඩා හොඳීන් අධ්‍යයනය කිරීම සඳහා එවකට සිටි බොහෝ නිදහස් සටන්කරුවන් පවා හමුවිය. ‘ෂහිඩි’ චිත්‍රපටය විචාරකයින්ගෙන් මෙන්ම එවකට ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රිගෙන් ද ඉහළ ප්‍රතිචාර ලැබූ අතර එය බොක්ස් ඔෆිස් හි දැවැන්ත ආදායමක් ලබා ගැනීමට සමත් විය.

මෙයින් පසුව ප්‍රේමණීය චිත්‍රපටයක් වූ ‘හිමාලේ කි ගෝඩ් මේන්’ හි ඔහු බිලොක්බස්ටර් නළුවෙකු කළ හැකි තරුවක් බවට විය. වර්ෂ 1965 ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී ඔහුගෙන් ජනප්‍රිය සටන් පාඨයක් වන ‘ජයි ජවාන් – ජයි කිසාන්’ (සොල්දාදුවාට ජය වේවා! – ගොවියාට ජය වේවා!) පාදක කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ මනෝජ් කුමාර්ගේ මංගල අධ්‍යක්ෂණය වූ දේශප්‍රේමී චිත්‍රපටය වන ‘උප්කාර්’ (1967) ය. එය විචාරක පැසසුමට ලක් වූ අතර එම වසරේ බොක්ස් ඔෆිස් ප්‍රස්තාරයේ ඉහළටම පැමිණියේය. ‘උප්කාර්’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය 1960 දශකයේ වැඩියෙන්ම අලෙවි වූ හයවන හින්දි චිත්‍රපට ඇල්බමය විය. උප්කාර් හි එක් ගීතයක් වන “මේරේ දේශ් කි ධාර්ති ” සෑම වසරකම ඉන්දියාවේ ජනරජ දිනය සහ නිදහස් දින සැමරුම් අතරතුර වාදනය වේ. මෙම චිත්‍රපටය කුමාර්ට දෙවන හොඳම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය මෙන්ම ඔහුගේ පළමු ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්‍යක්ෂක සම්මානය ද දිනා ගත්තේය.

මනෝජ් කුමාර්ගේ සිනමාපට බොහෝමයක් තුළ ඉන්දියානු දේශප්‍රේමය

පුස්තකාලයට ගොස් පොත් කියවනවා” යැයි මනෝජ් කුමාර් භගත් සිං චරිතය නිරූපණය කිරීමට දරා ඇති වෙහෙස පැහැදිලි කළේය. භගත් සිංගේ චරිතය වඩා හොඳීන් අධ්‍යයනය කිරීම සඳහා එවකට සිටි බොහෝ නිදහස් සටන්කරුවන් පවා හමුවිය. ‘ෂහිඩි’ චිත්‍රපටය විචාරකයින්ගෙන් මෙන්ම එවකට ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රිගෙන් ද ඉහළ ප්‍රතිචාර ලැබූ අතර එය බොක්ස් ඔෆිස් හි දැවැන්ත ආදායමක් ලබා ගැනීමට සමත් විය.

මෙයින් පසුව ප්‍රේමණීය චිත්‍රපටයක් වූ ‘හිමාලේ කි ගෝඩ් මේන්’ හි ඔහු බිලොක්බස්ටර් නළුවෙකු කළ හැකි තරුවක් බවට විය. වර්ෂ 1965 ඉන්දු-පකිස්ථාන යුද්ධයෙන් පසු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී ඔහුගෙන් ජනප්‍රිය සටන් පාඨයක් වන ‘ජයි ජවාන් – ජයි කිසාන්’ (සොල්දාදුවාට ජය වේවා! – ගොවියාට ජය වේවා!) පාදක කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ මනෝජ් කුමාර්ගේ මංගල අධ්‍යක්ෂණය වූ දේශප්‍රේමී චිත්‍රපටය වන ‘උප්කාර්’ (1967) ය. එය විචාරක පැසසුමට ලක් වූ අතර එම වසරේ බොක්ස් ඔෆිස් ප්‍රස්තාරයේ ඉහළටම පැමිණියේය. ‘උප්කාර්’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය 1960 දශකයේ වැඩියෙන්ම අලෙවි වූ හයවන හින්දි චිත්‍රපට ඇල්බමය විය. උප්කාර් හි එක් ගීතයක් වන “මේරේ දේශ් කි ධාර්ති ” සෑම වසරකම ඉන්දියාවේ ජනරජ දිනය සහ නිදහස් දින සැමරුම් අතරතුර වාදනය වේ. මෙම චිත්‍රපටය කුමාර්ට දෙවන හොඳම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය මෙන්ම ඔහුගේ පළමු ෆිල්ම් ෆෙයාර් හොඳම අධ්‍යක්ෂක සම්මානය ද දිනා ගත්තේය.

මනෝජ් කුමාර්ගේ සිනමාපට බොහෝමයක් තුළ ඉන්දියානු දේශප්‍රේමය කේන්ද්‍රය විය. ඔහු රඟපෑ ‘ක්‍රාන්ති’ දේශප්‍රේමී චිත්‍රපට ගොනුවේ වඩාත් ජනප්‍රිය වූ අතර, 1981 දී බොක්ස් ඔෆිස් ප්‍රස්තාරයේ ඉහළින්ම සිටියේය. එය 1980 දශකයේ වඩාත්ම සාර්ථක චිත්‍රපටය වූ අතර, ‘උප්කාර්’ සහ ‘රොටි කපාඩා ඕර් මකාන්’ චිත්‍රපට ද්විත්වයට පසු කුමාර්ගේ තුන්වන බොක්ස් ඔෆිස් චිත්‍රපටය විය. ‘ක්‍රාන්ති’ සිනමාපටය විසින් ජනනය කරන ලද දේශප්‍රේමී උන්මාදය කෙතරම්ද යත් දිල්ලි , රාජස්ථාන් , උත්තර් ප්‍රදේශ් සහ හර්යානා වැනි ප්‍රදේශවල ‘ක්‍රාන්ති’ චිත්‍රපටයේ ටී ෂර්ට්, ජැකට්, බැනියම් සහ යට ඇඳුම් පවා අලෙවි කරන වෙළඳසැල් තිබුණි.

රංගන ශිල්පියෙකුට අමතරව කුමාර්, රාජ් කපූර් , රාජ් කොස්ලා සහ මෙහබූබ් ඛාන් සමඟ හින්දි සිනමාවේ හොඳම අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකීමට තරම් අද්විතීය සිනමාකරුවකු විය. උප්කාර් (1967), රොටි කපාඩා ඕර් මකාන් (1974) සහ ක්‍රාන්ති (1981) වැනි ඔහු අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට ඉන්දියාවේ පමණක් ටිකට්පත් මිලියන 50-60ක් අලෙවි වූ අතර එය ඉන්දියාවේ එතෙක් බිහි වූ විශාලතම බ්ලොක්බස්ටර් චිත්‍රපට අතර වේ. 1960 සහ 1970 දශකවල වඩාත්ම සාර්ථක නළුවෙකු වූ කුමාර් බොක්ස් ඔෆිස් වූ ඉන්දියාවේ ඉහළම නළුවන්” ලැයිස්තුවට අට වතාවක්(1967–1969, 1972–1976) ඇතුළත් විය.

ඔහු තම වෘත්තීය ජීවිතය තුළ ප්‍රේම් නාත් , ප්‍රාන් , ප්‍රේම් චොප්රා , මදන් පූරි , කාමිනී කෞෂාල් සහ හේමා මාලිනී යන නළු නිළියන් සමඟ නිරන්තරයෙන් කටයුතු කළේය. සිනමා කර්මාන්තයේ ඔහුගේ සමීපතම මිතුරන් වූ නළු දිලිප් කුමාර් , රාජ් කපූර්, සංගීතඥ මොහොමඩ් රාෆි , මුකේෂ් , මහේන්ද්‍ර කපූර් , ධර්මේන්ද්‍ර , රාජේන්ද්‍ර කුමාර් සහ ශෂි කපූර් විය. 2022 වස⁣රේදී ඔහු ‘ර්‍ණභබතධධඬ ධ්දඤඪච’ සිනමා සඟරාවෙහි “එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාව තුළ බිහි වූ හොඳම බොලිවුඩ් නළුවන් 75 දෙනාගේ” ලැයිස්තුවට ඇතුළත් වීමට තරම් අද්වීතිය නළුවෙක් විය.

මනෝජ් වසර ගණනාවක් පුරා සම්මාන රාශියක් ලබා ගත් අතර, ඒ අතරට ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු ඉන්දියානු සිනමාවට ලබා දුන් අපරිමිත දායකත්වයන් නිසා ඔහුට ඉන්දියාවේ ඉහළම සිනමා ගෞරවය වන ‘දාදා සහාබ් පාල්කේ’ සම්මානය හිමි විය. මනෝජ් රඟපෑ චිත්‍රපට ගණන 55කි. ඔහුගේ චිත්‍රපට දේශප්‍රේමී උද්යෝගය, මාතෘ භූමියට ඇති ආදරය, ගොවීන්ගේ අරගල සහ ඉන්දියාවේ නිදහස් සටන්කරුවන්ගේ කැපකිරීම් වැනි තේමා ගවේෂණය විය. වසර 200කට ආසන්න බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵල සමඟ ඉන්දියාව පොරබඳමින් සිටි කාලයක නිකුත් වූ ඔහුගේ චිත්‍රපට ප්‍රේක්ෂකයින් තුළ ඉන්දියාව පිළිබඳ ජාත්‍යාලය ගැඹුරින් අනුනාද කළේය. ඔහුගේ රසිකයන් විසින් ඔහුව ආමන්ත්‍රණය කළේ ‘භාරත් කුමාර්’ (ඉන්දියාව සඳහා හින්දි නම) යන නමිනි. භාරතය දේශප්‍රේමයේ සන්නාමයක් බවට පත් කරමින් ජාතික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි මනෝජ් සමාජ අසාධාරණය, විදේශීය බලපෑම, විරැකියාව සහ දූෂණයට එරෙහිව හඬක් නැඟීමට නොසැලී සිටි, ශක්තිමත් සහ සදාචාරාත්මකබවින් යුතු පරමාදර්ශී වීරයෙකු සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කළේය. මනෝජ් කුමාර් ආදරය සහ කරුණාව සදහටම සම්ප්‍රදාය තුළ මුල් බැසගත් දේශයකින් තමා පැමිණි බවට පණිවිඩය ලෝකයට ලබා දුන් ඉන්දියානු ජාතික සිනමාවට දායාද වූ අග්‍රගණ්‍ය නළුවෙකි.

 

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT