ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර යුනෙස්කෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ‘අපේ උරුමය’ නමින් වාර්තාමය වැඩසටහන් මාලාවක් ජාතික නාලිකාවෙන් සෑම සතියේ අඟහරුවාදා දිනකම ප.ව. 09.30ට විකාශය කෙරේ. එය ජාතික නාලිකාවේ නවතම වාර්තාමයේ වැඩසටහන් මාලාවේ අධ්‍යක්ෂණයක් හා නිෂ්පාදනයක් වනු ඇත.
මෙම වාර්තා වැඩසටහන් මාලාව පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාලිගාවේ තේවාව, කතරගම ඇසළ පෙරහැර සමයේ චාරිත්‍ර වාරිත්‍ර, වෙස් තැබීමේ මංගල්‍යය, පුස්කොළ පොත් ලිවීම, යාපනයේ තෛයිපොංගල් උත්සවය සැමරීම, බංකුරබන් ශාන්තිය, පොල්පිටියේ ගම්මඩු ශාන්ති කර්මය, වෙස් මුහුණු කලාව, වප් මඟුල් උත්සවය සහ කිරිඅම්මාවරුන්ගේ දානය, යන වාර්තාමය වැඩසටහන් මාලාව පෙළගස්වනු ඇත. මෙම වැඩසටහන් මාලාව ඉංග්‍රීසි බසින් පරිවර්තනයක් ලෙස අයි නාලිකාව ඔස්සේද විකාශය කරේ. මේ සෑම වැඩසටහනක්ම ජාතික උරුමයන් සුරැකීමේ විද්වත් මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කර විකාශය කෙරේ.