වර්ෂ 2018 ක්වූ ඔක්තෝබර් 23 වැනිදා අඟහරුවාදා




චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි
මට මා අහිමි වී 24 දා
මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
මිණිගං දෑලක ජීවන අන්දරය

මිණිගං දෑලක ජීවන අන්දරය

ගොඩබිමෙන් කරත්ත පාරකි. ගඟ දියෙන් ඔරු පාරකි. ඒ අතර මැද පණ ගැහෙන ජීවිත ගොන්නකි. මේ දිනවල මිණි ගං දෑල ලෙසින් පුංචි තිරයට නැගෙන කළු ගඟ දෙපස මිනිසුන්ගේ කතාවේ ඉසව්වය. ඉදින් ඉර කුමරු මිහිකත හා අමනාපව ඇති සැටියකි. ඉහළ අහස් කුස අරා වැතිර සිටින්නේම කළු වලාය.ඒ අව් අස්සේ කළු ගං කොමළියත් මුරණ්ඩු ලීලාවෙනි.මේ අතරවාරයේ ගං දෑලට වී මිනිස් පොදියක් එකම දැගලිල්ලකය.කිහිප දෙනකු රේන්ද පොළ තනති. තව පිරිසක් ටීටර් පොළ ඉදිකරනුයේ අදින් සියවස් දෙකකට වැඩි ඉතිහාසයකට ගොසිනි. ඉඳීන් මේ ඇඳුම් ආයිත්තමින්, යාන වාහනවලින් මේ කාලයේ ගඟ හරහා ඒ ඉතිහාසයේ ඉහත්තාවට පිහිනා යාමකි.

මේ අපූරු කටයුත්තකි. ඒ කළු ගං මිටියාවතේ සැරිසැරීමකි. සැබැවින්ම මේ හැදෙන ටෙලි නාට්‍යය නම් වී ඇත්තේ ද එලෙසිනි .අපේ මේ චාරිකාව ඒ සඳහාය. මේ දිනවල සිරස නාළිකාව ඔස්සේ ඔබ නරඹන එම ටෙලියේ ඉදිරිය නිමවන සැටි ඔබට කියන්නටය.එක් පසෙකින් රත්නපුරයෙන් ඇරඹී පහළට ගලන ගඟ හා බැදුණු දිවි පෙවෙතය. තවත් දෙසකින් රත්නපුරයේ සිට පාණදුර දක්වා දිවෙන කරත්ත පාරය. සැබැවින්ම ඒ දෙපසත් කළු ගංදෑලත් අතර දිවෙන මේ රූප පෙළ මවන්නට කණ්ඩායමක් වශයෙන් මේ පිරිස කරමින් සිටිනා කැපකිරීම් එමටය.

බොහෝ දෙනෙක් මේ ටෙලියට අරුත් දී තිබෙන්නේ ලාංකිකයා සතු ස්වයංපෝෂිත දිවි පෙවෙත උඩු යටිකුරු කළ සුද්දන්ගේ යටි කූට්ටුකම් ගොන්නක් දිග හැරෙන්නක් විදියටය.ඒ දැනට මිණි ගං දෑල ටෙලියට නරඹන්නන් බහුතරයකින් ලැබෙනා අදහසකි. ඒ වග අපට කීවේ මිණිගං දෑලේ නියමුවාණන්, එසේත් නැතිනම් එහි අධ්‍යක්ෂවරයාය. ඔහු චරිත් අබේසිංහය. චරිත්ට මේ සම්බන්ධයෙන් තරමක අවනඩුවක් ද කියන්නට තිබිණ.

“ තවමත් මිණි ගං දෑල පුංචි තිරයට ඇවිදින් තවම සති කිහිපයයි.මේ අතරතුර කාලයේදී නරඹන්නන්ගෙන් ලොකු විවේචන ඇවිත් නැහැ. ඒත් සමහර ප්‍රවීණයන් කඩුල්ල වගේ ටෙලි නාට්‍ය සමඟ මිණි ගං දෑල ගළපා බලමින් තැබූ සටහන් මා දැක තිබෙනවා. ඒ නමුත් අද හොඳ ටෙලි නාට්‍යයක් කිරීමේදී එදාට වඩා දුෂ්කරතා එමටයි. සිංහල උළු සෙවිලි කළ පැරණි පන්නයේ ගෙයක් සොයා ගැනීමත් අද අපහසුයි. එදා තිබුණු මාදිලියේ ඔරු පවා අද සොයා ගැනීමට නැතිම තරම්. මේ නිසා අපට ෆයිබර් ඔරුවල තීන්ත ආලේප කොට දර්ශන තල මවන්නට සිදුව තිබෙනවා.... වශයෙනි.

රත්නපුරය ඇලපාත ගංකරේ අහු අස්සේ දී චරිත් අපට මේ වගතුග කියනා අතරතුරදී මරළතෝනි නඟමින් දිව එන්නට වූයේ කාර්මික පිරිවරෙන් කෙනකි. ඔහු හතිලමින් කියන්නේ ඒ වනවිටත් ගඟ මැද ඔරුවකට වී රංගනයක යෙදී උන් ශ්‍රියන්ත මෙන්ඩිස් සහ හේමසිරි ලියනගේත් සමඟ ඔරුව පෙරළී ගිය බවය. එසැනින් ඒ දෙසට දිවයන කාටත් පෙනෙන්නේ බිහිසුණු දසුනකි.අඩි හැට හැත්තෑවකටත් වඩා ගැඹුරු ගඟ මැද සැඬ දිය සුළි සමඟ පොර බඳමින් උන්හ. ඒ එකක් පමණි. හරකුන් කුලප්පු වීම් හිටි හැටියේ ගං දිය අඩු වැඩිවීම් ඔස්සේ මිණි ගංදෑල රූ ගැන්වීම්වල පනස් වැනි කොටසටත් පිවිසි බවයි චරිත් කියන්නේ. ඇලපාත හැරෙන්නට කුරුවිට, හෑගල් ඔය, ඉංගිරිය, ගල්පාත, මොරොන්තුඩුව වටා මෙහි කැමරා ඇස දිවෙන බවත් චරිත් අබේසිංහ පවසයි.

චරිත් ළඟින් කර ඔසවා ගං ඉවුරෙන් එපිට බලනා අපට පෙනෙන්නේ පැරණි වලව්වක ආලින්දයයි.එහි අසුන්ගෙන සිටින්නේ කුඩා ළමුන් කිහිප දෙනෙකි.

“ උඹලා දන්නවද? 18 කැරැල්ල කියලා එකක්.....” මේ දෙබස් හුරු පුරුදුවන කුඩා ළමයින් මඳ දුරකින් අසුන් අරා සිටියේ මිණිගං දෑලේ චරිත මවන නළු නිළි ගොන්නෙන් කිහිප දෙනෙකි.ඒ අතර සම්මානනීය නිළි වසන්ති චතුරාණි ද සිටියාය. ඇය තිරයෙන් දකින්නට නැති වගට ප්‍රේක්ෂකයන් නඟන මැසිවිල්ලට පිළිතුරු දෙමින් සරසවියට කියා සිටියේ ඊට හේතුව හොඳ තිර පිටපත් නොලැබීම බවය.

ඉදිරියේදීවත් එය එසේ නොවුණහොත් දැනට වඩා හොඳ චරිත මවමින් ජනයා අතරට යෑමට ඇයද සැදී පැහැදී සිටින බවකි. මිණි ගං දෑලේ කුරන්සිනා චරිතය තමන්ට දැනෙන්නට ගත් නිසා එය සතුටින් බාර ගත් බවත් වසන්ති කීවාය. ඇයට යාබද අසුනේ උන්නේ හිමාලි සයුරංගිය. හිමාලි මිණි ගං දෑලෙන් අප හමුවන්නේ අප මින් පෙර ඇය නොදුටු විරූ චරිතයකින්ය. ඇය එහි ලැයිසාව සිටින්නීය. අංජන ප්‍රේමරත්න මිණි ගං දෑලට හීන් එකාගේ චරිතයට පණ පොවයි.

එක් පසෙකින් වලව් පැලැන්තියේ ප්‍රභූවරයකු පණ දෙවැනිකොට පෙමක් පුදන්නට සැදී පැහැදී සිටියදී ඇයගේ සිත දිවෙන්නේම වෙනතකටය. ඒ ගම්මානයේම වෙසෙන තොටියාගේ පුතු වෙතය. එහෙත් ඒ පෙම ද කවමදාකවත් වචනවලට නොනැඟෙන තරමේ එකකි. මෙවන් අතුරු කතා ගණනාවක්ම මිණි ගංදෑල ඔස්සේ ප්‍රේක්ෂකයා සොයා ආලින්දය බලා ගලා ඒමට නියමිත බව එහි පිරිවර සිහි කරති.

මිණි ගං දෑලට පිරිස වන්නේ වසන්ති චතුරාණි, හේමසිරි ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, මේනකා පීරිස්, උද්දික ප්‍රේමරත්න, තිසුරි යුවනිකා, නලින් ප්‍රදීප් උඩුවෙල, සරත් චන්ද්‍රසිරි, උදයන්ති කුලතුංග, ගයනා සුදර්ශනී, ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි, අංජන ප්‍රේමරත්න, මධුෂාන් හත්ලහවත්ත,සංජීව වික්‍රමසිංහ, අසංක පෙරේරා,ඉෂාන් ගම්මුදලි,සංජීව බෝගහවත්ත ආදිහු චරිත මවති.

සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් කේ. රාජපක්ෂ සහ නුවන් ශ්‍රී කස්තුරි ද කැමරාවෙන් චන්දන ජයසිංහ ද අංග රචනයෙන් නලින් ප්‍රියන්ත ද කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත ද සංස්කරණයෙන් ඉරූෂ ගමගේ ද සංගීත අධ්‍යක්ෂණයෙන් සමන් ලෙනින් ද ගායනයෙන් අමරසිරි පීරිස් හා සමන් ලෙනින් ද ගීත රචනයෙන් ජගත් කේ. එදිරිසිංහ සහ ප්‍රියාල් වීරසිංහ ද නිෂ්පාදන කළමනාකරණයෙන් සම්න්ද කාරියවසම් ද එක්ව සිටින මණි ගං දෑල තිරපිටපත් රචනය ප්‍රියාල් වීරසිංහගෙනි. මිණි ගං දෑල නිෂ්පාදක තරංග අතුරලියගෙනි. එහි අධ්‍යක්ෂවරයා චරිත් අබේසිංහය.