වර්ෂ 2018 ක්වූ අගෝස්තු 20 වැනිදා සඳුදා




මිණිගං දෑලක ජීවන අන්දරය
ඉත්තෑවෙක් කියා දූරියන් බදාගත් දෙවැනි යුද්ධය
අසරණ ලොව මුතු අහුරක ඉරණම කෙබඳුද?
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?

දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?

අධ්‍යක්ෂණය ප්‍රදීප් ධර්මදාස

දෙයියන්ගේ රටේ නාට්‍ය වැටෙන්නේ සීරියස් කොමඩි ගණයට. මං මීට ප්‍රථම එහෙම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා නැහැ. මට මෙහි පිටපත ලැබෙන්නට සැලැස් වූයේ ජගත් මනුවර්ණ. ඒක ලියලා තිබුණේ චාලක රණසූරිය කියලා කෙනෙක්. මට එම පිටපත කියවද්දී මට හිතුණා පර්යේෂණාත්මක වැඩක් විදියට මේක කරන්න. ඒ වාගේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනියි කියලත් හිතුණා.

නිර්මලා සිතා සිටින්නේ ඇය පැවත එන්නේ ඇහැළේපොල කුමාරිහාමි පරපුරෙන් බවය. එහෙයින් තම පෙළපතේ පම්පෝරිය ද ඉවරයක් නැත. ඇන්ටනී මිනී බෑන්ඩ් එකක හිමිකරුවෙකි. එහි ප්‍රධාන වාදකයා ද ඔහුය. පොළවේ පය ගසා ජීවත් වන යථාර්ථවාදී චරිතයක් වන ඇන්තනි ඒ හේතුවෙන්ම අකරතැබ්බයන්ට මුහුණ දෙයි. ශාන්තිිගේ ව්‍යාපාරය අමුතු එකකි. ඇගේ අතට සැලකිය යුතු මුදලක් දෙන ඕනෑම කෙනෙකුට ඇය ආචාර්ය පට්ටමක් ලබාදීමට පැකිළෙන්නේ නැත. අල්මේදා ක්‍රිකට් පුහුණුකරුවෙකි. එපමණක් නොව ක්‍රිකට් පිස්සෙකි. ඔහු සිටින්නේ ක්‍රිකට් ලෝකයකය. කතාබහ කරන්නේ ද ක්‍රිකට් පිටියේ වචනගෙනය. ශාන්තිගේ ස්වාමි පුරුෂයා වන ඔහු ගෙදර සණ්ඩුවකදී වුව ද පැමිණෙන්නේ ක්‍රිකට් පිත්ත රැගෙනය. මේ අතර තවත් තරුණයෙකි. ඔහු ගමේ සිට කොළඹ එන්නේ සංගීතකාරයකු වන්නටය. අනාගතේ දවසක මෙරට සුපිරි තරුවක්වීමට හෙතෙම අපේක්ෂා කරයි. මේ මියුසික් උන්මාදය නිසාම ඔහු ඇන්ටනි ළඟ නවතියි. ඔහු වාදකයෙකු වෙයි. ඒ මිනී බෑන්ඩ් එකේය.

මේ අපූරු චරිත ඔබට හමුවන්නේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී අටයි තිහට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඒ දෙයියන්ගේ රටේ ටෙලි සිතුවම තුළිනි. එම නම ඇසූ සැණින් ඔබට පැරැණි සිනමා සිතුවමක් මතකයට නැගෙන්නට පුළුවන. ඒ දෙයියන්නේ රටේ නොව මේ දෙයියන්ගේ රටේ ටෙලි සිතුවමකි. අධ්‍යක්ෂණය ප්‍රදීප් ධර්මදාස විසිනි. ඊළඟ ඡේදය වෙන් වනුයේ ඔහුගේ අදහස් කිහිපයකටය.

දෙයියන්ගේ රටේ නාට්‍ය වැටෙන්නේ සීරියස් කොමඩි ගණයට. මං මීට ප්‍රථම එහෙම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා නැහැ. මට මෙහි පිටපත ලැබෙන්නට සැලැස් වූයේ ජගත් මනුවර්ණ. ඒක ලියලා තිබුණේ චාලක රණසූරිය කියලා කෙනෙක්. මට එම පිටපත කියවද්දී මට හිතුණා පර්යේෂණාත්මක වැඩක් විදියට මේක කරන්න. ඒ වාගේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනියි කියලත් හිතුණා. නාට්‍යයේ කොටස් තිහක් දැනට ඉවරයි. අපි කොටස් අසූවක් දක්වා මෙය ප්ලෑන් කරලා තියෙනවා.

බොරු දේව සංකල්පයට පහරදීමක් දෙයියන්ගේ රටේ නාට්‍ය තුළින් සිදු කෙරෙනවා. ඒ බොරුවෙන් ජිවත් වන අයට නම් මේක දරුණු ප්‍රහාරයක් වේවි. කෝකටත් මං ඒ අයටත් පිළිතුරුදීමට ලැහැස්ති පිටයි ඉන්නේ. මෙහි නිර්මලා ලෙස දිල්හානි අශෝකමාලාත් ඇන්ටනි ලෙස මහේන්ද්‍ර පෙරේරාත් චරිත මවනවා. මං ඒ දෙදෙනාම ෆස්ට් ටයිම් අධ්‍යක්ෂණය කරන්නේ. ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ රංගන ශිල්පී චින්තක කුලතුංග. ඔහුවත් මේ මොහොතේ මතක් කරනවා.