වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්

තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්

අනෝමා විජයවර්ධන

‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේදී මා දකින්නේ මා මෙතෙක් ලියූ අනෙක් නාට්‍යවලට වඩා වෙනස් හැඩයක් ගත් බවයි. මා මෙතක් දීර්ඝ නාට්‍යයක් ලිව්වේ සාමාන්‍යයෙන් අප රූපවාහිනි නරඹන්නන් අල්ල ගන්නේ කෙසේද ඒ සඳහා අවශ්‍ය දේ නරඹන්නන්ට ලබාදීලයි. ඒ හරහායි ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය කර ගත්තේ. ඒත් මේ නාට්‍ය එතැනින් වෙනස් වෙනවා.

අහස් ගඟේ එහා ඉමේ සුරංගනා රහස් වගේ

මිලයි හරි මිලයි තව තව දුරයි ජීවිතේ
පොළෝ ගැබ දරා උහුලන
පැතුම් මිස හීන නොදකින
මිලක් නැති මලුත් පීදෙයි
තාම ලෝකයේ

නිරුවතින් තබා දෙනයන
ලෝකයම දකින මොහොතක
කල්පයක් රනින් දිලිහුන හීන බිඳෙනවා
සුරඟනා රහස් මායාවක බොඳවෙනවා

හදවතේ තැනෙක සැඟවුණ
ආදරේ දැනුණු මොහොතක
ජීවිතේ අමිල පැතුමන් මිලට ගන්නවා
මිලක් නැති මලුත් නොදනිම හීන පුරනවා

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යය වගේ ම එහි තේමා ගීතයත් මේ දවස්වල බොහෝ දෙනාගේ මුවඟ රැව්දෙන ගීත අතරින් එකක්. එහි තේමා ගීතය හා පිටපත ලියන්නේ කාන්තාවක්. ඈ අනෝමා විජයවර්ධනයි.

ඔබ ටෙලි පිටපත් රචනයේ පමණක් නොවෙයි ටෙලි නාට්‍ය ගීත රචනයේත් නියැළෙනවා?

ටෙලි නාට්‍යය වගේ ම ගීතයටත් රූපවාහිනි නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ සුරේෂ් මාලියැද්දයි. ගැයුවේ රයිනි චාරුකායි. ගීතයෙන් කියැවෙන්නේත් අප සිහින දකිනවා. ඒත් ඇස්දෙක නිරුවත් කරලා ලෝකය බලන එක මොහොතකින් ඒ සෑම සිහිනයක්ම බිඳී යා හැකි බවයි. ඒ නිසා දෙනෙත් නිරුවත් කර ලෝකය දෙස බලන්න කියායි මා සියල්ලන්ට ම පවසන්නේ. මේ ගීතයට අමතරව මා තවත් ටෙලි නාට්‍ය කිහිපයකට ම ගීත රචනා කර තිබෙනවා. ‘සත්පියවරු’ ටෙලි නාට්‍යයේ නන්දා මාලිනි ගයන ගීතය ලිව්වේත් මමයි. මෙතෙක් මා පිටපත් රචනා කළ ටෙලි නාට්‍යවල තේමා ගීත නිර්මාණය කළේත් මමමයි. පසුගිය කාලයේ ‘අලුත් ගෙදර’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මා ලියූ තේමා ගීතය හොඳම ටෙලි නාට්‍ය ගීත තුන අතරට පැමිණියත් සම්මානයක් ලැබුණේ නැහැ.

වෘත්තියෙන් ඔබ ගුරුවරියක්?

මා වෘත්තිය ගුරුවරියක් බවට පත්වන්නේ 2011 වසරේ පටන්. මුල්ම පත්වීම ලැබෙන්නේ තර්ස්ටන් විද්‍යාලයටයි. නාට්‍ය හා රංග කලාවත්, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් දෙකයි මා එහි උගන්වන්නේ.

එහෙත් ඔබ පිටපත් ලිවීමට පිවිසෙන්නේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වනවාත් සමඟමයි?

2006 වසරේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සෙයි මා සුසිල නිෂ්පාදන ආයතනයට සම්බන්ධ වන්නේ. මගේ නාට්‍යකරණ ගුරුවරයකු වන චාමික හත්ලහවත්තයි මාව ඔවුන්ට හඳුන්වා දුන්නේ. එදා පටන් වසර දහයක් එක දිගට මා පිටපත් රචනයේ යෙදෙනවා.

මේ වනවිට ඒ කාලය ඇතුළත ටෙලි නාට්‍ය කොපමණ ප්‍රමාණයක් ලියලා තිබෙනවද?

අටක්. මගේ පිටපත් ලිවීම ආරම්භ කරන්නේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයෙන්. ඊට පස්සේ ‘අපි අපි වගේ 1’, ‘අපි අපි වගේ 2’, ‘අමන්දා’, ‘ඉඳුවරී’, ‘අපේක්ෂා’, ‘මුතු පිහාටු’ ළමා නාට්‍යය, ‘හිමකඳු’ කියන නිර්මාණ රැසක් මගේ අතින් බිහිවෙනවා. මේ නිර්මාණ රයිගම්, සුමති, පීපල්ස් වෝර්ඩ් සම්මාන උලෙළවලදී ජනප්‍රියම ටෙලි නාට්‍ය විදියට සම්මානත් හිමිකර ගන්නවා. මේ නිර්මාණ කිරීමෙන් පසුව මා සුසිල නිෂ්පදන ආයතනයෙන් ඉවත් වෙනවා. නැවතත් මා ස්වාධීනව ම ටෙලි නාට්‍ය පිටපතක් ලියන්න ආරම්භ කරන්නේ වසර දෙකකට පසුවයි. එයයි ‘තව දුරයි ජීවිතේ’ කියන්නේ.

වසර දෙකක් නිහඬතාවකින් ගෙවෙන්නේ ඇයි?

මා පිටපත් රචනා කළ ‘හිමකඳු’ ටෙලි නාට්‍යය අතරමඟ නොහිතුව විදියට නතර වනවා. ඒ සියලු කටයුතු අතහැර දමමින් මා කරන්නේ ඊළඟ උපාධිය ඉගෙන ගැනීමට පිවිසීමයි. එහිදි වසර දෙකක කාලයක් ගෙවිලා යන්නේ නොදැනුවත්වමයි.

වසර දෙකකින් පසුව පිටපත් ලිවීමට ඔබට ආරාධනා කරන්නේ කවුද?

මාත් සමඟ සුසිල ආයතනයේ එකට වැඩ කළ සුධාර ද සිල්වා හා නිෂ්පාදක ජනක සම්පත් යන දෙදෙනායි ‘තවදුරයි ජීවිතේ’ පිටපත ලියන්නට මට ආරාධනා කරන්නේ. සුධාරයි මේ නාට්‍යය මුලින් ම අධ්‍යක්ෂණය කළේ.

වර්තමානයේ ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ චන්දන ධර්මප්‍රියයි. මේ අධ්‍යක්ෂවරුන්ගේ මාරුවීම ඔබට බලපෑම් කළේ කොහොමද?

ඒ මාරුවීම මට කිසිම බලපෑමක් කළේ නැහැ.

‘තව දුරයි ජීවිතේ’ දීර්ඝ ‍ටෙලි නාට්‍යයක්. මේ වනවිට ටෙලි නාට්‍යයට අවසානයක් තීරණය කර අවසන්ද?

ටෙලි නාට්‍යය පිටපත ලිවීම ආරම්භ කරන්නේ මේ නාට්‍යය ආරම්භ කිරීමට මාස හයකට කලින්. ඊට පෙර කතා සාරාංශයත්, එහි මුල, මැද, අග කෙසේ විය යුතුද යන්නත් තීරණය කර තිබෙන නිසා මට පිටපත ලියාගෙන යෑමට දැඩි වෙහෙසවීමක් අවශ්‍ය නැහැ. මේ වනවිට ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යය පිටපත සම්පූර්ණයෙන් ම අවසන් කර නැති වුණත් අවසානය දක්වා සියලු පිටපත් ලියලා අවසන්.

ගුරුවරියකගේ භූමිකාවේ නියැළෙන ඔබට ටෙලි නාට්‍යය පිටපතක් ලිවීමට කාලය සොයාගත හැකිද?

ගුරුවරියක් විදියට දරුවන්ට ඉගැන්වුවත් මා පෞද්ගලික පන්ති පවත්වන්නේ නැහැ. ඒ නිසා මගේ කාලය ඕනෑ තරම් ඉතිරියි. සෑම දිනෙකම මගේ වැඩකටයුතු අතර යම් කොටසක් පිටපත ලිවීම වෙනුවෙන් වෙන්කිරීම මඟිනුයි මා කාලය නිර්මාණය කරගෙන තිබෙන්නේ. එය මගේ විනෝදාංශයක් විදියට මා සලකන්නේ.

සාමාන්‍යයෙන් දිනකට කොපමණ පිටු ප්‍රමාණයක් ඔබ ලිවිය යුතුද?

එහෙම පිටු ගණනක් ලිවිය යුතු යැයි තීරණය කරන්න බැහැ. මොකද මෙය දීර්ඝ ටෙලි නාට්‍යයක් වුණත් නිර්මාණයක්. සමහර දවසකට ලිවිය හැකි වුණත් සමහර දවසකට ලිවිය නොහැකි අවස්ථා උදා වෙනවා. ඒ වෙලාවට මා බලෙන් ලියන්න උත්සාහ ගන්නේත් නැහැ.

එවිට රූගත කිරීම් සඳහා ප්‍රශ්න ඇති වන්නේ නැද්ද?

කොටස් විස්සේ ෂෙඩුල් විදියටයි ටෙලි නාට්‍යය රූගත කිරීම් සිදුවන්නේ. එවිට මා කොටස් විස්ස ම ලියලා අවසන් වූ පසුවයි රූගත කිරීම් ආරම්භ කරන්නේ. ඒ නිසා රූගත කිරීම්වලට නළු - නිළියන් පැමිණෙන විට අනිවාර්යයෙන් ම කොටස් විස්සක පිටපතක් ඔවුන් අතට පත් වී අවසන්.

මේ නාට්‍ය නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය වීමට හේතු වූ කාරණා ලෙස ඔබ දකින්නේ මොනවාද?

‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේදී මා දකින්නේ මා මෙතෙක් ලියූ අනෙක් නාට්‍යවලට වඩා වෙනස් හැඩයක් ගත් බවයි. මා මෙතක් දීර්ඝ නාට්‍යයක් ලිව්වේ සාමාන්‍යයෙන් අප රූපවාහිනි නරඹන්නන් අල්ල ගන්නේ කෙසේද ඒ සඳහා අවශ්‍ය දේ නරඹන්නන්ට ලබාදීලයි. ඒ හරහායි ඒ ටෙලි නාට්‍ය ජනප්‍රිය කර ගත්තේ. ඒත් මේ නාට්‍ය එතැනින් වෙනස් වෙනවා.

ඒ වෙනස්වීම සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

මේ නාට්‍යයේදී නරඹන්නන් නැරැඹීමට අකැමැති දේ තිබෙනවා. ඒ දේවල් නරඹන්නන්ට පෙන්වීම මඟින් අප සිදුකරන්නේ මිනිස්සුන්ට තමුන්ව තමුන්ට ම කතාකර ගැනීමට හැකි තත්ත්වයට පත්කිරීමයි. උදාහරණයක් විදියට මෙහි ප්‍රධාන චරිතවලට තිබෙන්නේ හැබෑවන සිහින නොවෙයි. මීෂා කියන්නේ ජීවිතය පරාදවුණු කෙනෙක්. විෂාදය රෝගය වැඩිවීමත් එක්ක ඈ එක්වරක් ජීවිතය නැතිකර ගන්න උත්සාහ ගන්නවා. ඒත් ජීවතය බේරා ගැනීමත් සමඟ ඈ යළිත් බින්දුවේ සිටයි ජීවිතය පටන් ගන්නේ. ඒ නිසා ජීවිතය කියන්නේ අප සිතන දේ ඒ විදියට ම සිදුවන ස්ථානයක් නොවෙයි. එයයි ජීවිතය වන්නේ. එහෙත් අප ජීවත්විය යුතුයි. කුමන ප්‍රශ්නයක් පැමිණියත් ජීවත් විය යුතුයි. බින්දුවට වැටුණත් අපට එතැන් සිට ජීවිතය යළිත් ආරම්භ කළ හැකියි. ඒ පණිවුඩයයි මා මේ නාට්‍යයෙන් නරඹන්නන්ට ලබාදීමට උත්සාහ ගත්තේ. එය නරඹන්නන් තේරුම් ගත්තා. ඒ නිසා මේ නාට්‍යයට ලොකු වටිනාකමක් ඔවුන් අතරදි ලැබුණා.

මේ කතාව ඔබගේ සිතේ මැවුණ කතාවක්ද?

මේ ප්ලොට් එක දුන්නේ සුධාර ද සිල්වායි. ඔහුගේ කතාවේ තිබුණේ මිෂා කියන යුවතිය ජීවිතේ නැතිකර ගන්න ස්ථානයෙන් අවසන් කිරීමයි. මමයි ඔවුන්ට පැවසුවේ ඈ ජීවිතේ නැති කර ගැනීමට අවශ්‍ය නොවන බව. කුමන ප්‍රශ්නයක් පැමිණියත් ඈට ජීවිත් වීමට හැකියි යන්නයි මා ඒ කතාවේ වර්ධනය කළේ.

ඔබ පිටපත් රචනයට යොමුවන්නේ ඇයි?

කුඩා කාලයේ පටන් ම මට වගේ ම අපේ නිවෙසේ අනෙක් අයටත් කවි, කෙටිකතා වගේ නිර්මාණ කිරීමේ හැකියාවක් තිබුණා. පාසල් කාලයේදි එවැනි තරගවලට සහභාගි වී ජයග්‍රහණ අත්කරගෙනත් තිබෙනවා. ඒ හැකියාවත් තුරුලු කරගෙනයි මා ටෙලි නාට්‍ය පිටපත් ලියන්නට පිවිසෙන්නේ. එය මා ඉගෙන ගන්නේ සුසිලා නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියගෙන්. අද මා මේ තත්ත්වයෙන් පිටපත් රචිකාවක් විදියට ගොඩනැඟුණා නම් ඒ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියගේ සහයෝගය මතයි. එතැනින් ඇරැඹුණු මගේ පිටපත් රචනය මා වර්ධනය කර ගත්තේ පොතපත කියැවීමෙන් හා නිර්මාණ අධ්‍යයනයෙන්.

ඔබගේ පවුලේ විස්තරත් කතාබහ කරමු?

මගේ මහත්තයා අතිරේක මහේස්ත්‍රාත්වරයෙක්. ඔහුගෙන් ලැබෙන සහයෝගය මතයි මා මේ කටයුතු කරගෙන යන්නේ.