වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 20 වැනිදා සඳුදා




පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්

‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්

- අශෝක නිශ්ශංක

මේ ටෙලි නාට්‍යයට එහෙම නැහැ. කාලීන බව කවදටත් පොදුයි. කොටස් 21 කින් සමන්විත මේ ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හොඳ රසයක් ගෙන දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

විටෙක ඔහු රංග ශිල්පියෙකු, සහය අධ්‍යක්ෂවරයකු, අධ්‍යක්ෂවරයකු, සංස්කරණ ශිල්පියකු, තිර රචකයකු, නවකතා හා කෙටි කතා රචකයකු, පරිවර්තකයකු, ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයකු ආදී විවිධ වෙස් ගත්තේය. ඔහු නමින් අශෝක නිශ්ශංකය. අශෝකගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය වූ සිරකාරි පසුගිය සෙනසුරාදා සිට රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය නාළිකාවෙන් විකාශය වෙයි. ඒ ගැන අශෝක නිශ්ශංක සමඟ කෙරෙන කතාබහකි මේ.

දිගු නිහඬතාවයකින් පසුවයි ඔබ නිර්මාණයක් රැගෙන පුංචි තිරයට එක් වන්නේ?

මම මේ සිරකාරි ටෙලි නාට්‍ය කරලා අවුරුදු හතක් හිටියා පෙන්න ගන්න විධියක් නැතුව. මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ සිරිනාථ වික්‍රමසිංහ. මගේ තිර රචනයක් අනුව නිර්මාණය කළ මේ සිරකාරි ටෙලි නාට්‍ය රහස් පරීක්ෂක කතාවක්.

නාට්‍ය නිර්මාණය වී වසර ගණනක් ඉක්ම යාම කතාවට හානියක් නොවෙයිද?

මේ ටෙලි නාට්‍යයට එහෙම නැහැ. කාලීන බව කවදටත් පොදුයි. කොටස් 21 කින් සමන්විත මේ ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකයන්ට හොඳ රසයක් ගෙන දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඔබේ අධ්‍යක්ෂණයක් වූ සිරකාරි සඳහා රංගනයෙන් එක්වන්නේ?

දුලිකා මාරපන, නිරෝෂන් විජේසිංහ, රංගන ප්‍රේමරත්න, සමන් මලල්ගොඩ, සරත් කොතලාවල, හේමන්ත ඊරියගම, ඉරේෂා ලක්මාලි, නිමල් යටිවැල්ල, නිලන්ති හීන්දෙනිය, නිල්මිණි බුවනෙක, දයාසිරි හෙට්ටිආරච්චි, ජගත් ගලප්පත්ති, ආර්. ඇම්. විජේසිරි, ප්‍රසාදිනී අතපත්තු ආදීන්.

මීට පෙරත් ඔබ ටෙලි නාට්‍ය කීපයක්ම අධ්‍යක්ෂණය කළා?

උඩුවියන, බවතරණය, පරසතු උයන.

සිනමා නිර්මාණ සඳහාත් ඔබ අංශ කීපයකින් දායක වෙනවා?

සහාය අධ්‍යක්ෂණයෙන්, අධ්‍යක්ෂණයෙන්, සංස්කරණ ශිල්පයෙන් මම සිනමාවත් එක්ක අත්වැල් බැඳ ගත්තා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාගේ මාතර ආච්චි චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් සහය සංස්කරණ ශිල්පියෙක් ලෙසත් මම මුලින්ම වැඩ කළා. සංස්කරණ ශිල්පයේ මගේ ගුරුවරයා වුණේ ජි. ඩී. කිංස්ලි පෙරේරා. මුලින් මම ප්‍රධාන සංස්කරණ ශිල්පියෙක් ලෙස කටයුතු කළේ සෙලිනාගේ වලව්ව චිත්‍රපටයේ. මම තනියෙන් තිර රචනය ලියලා සංස්කරණය කරලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වුණේ තන්හා ආශා චිත්‍රපටය. චිත්‍රපට විසි පහක පමණ මම සහය අධ්‍යක්ෂ, සහය සංස්කරණ ශිල්පියෙක් ලෙස වැඩ කළා.

ඩී. බී. නිහාල්සිංහයන්ගේ ඇසුරත් සමඟ ඔබ ටෙලි නාට්‍ය නිර්මාණයේ අලුත් ඉසවු සොයා යාම අරඹනවා?

ටෙලි සිනේ ආයතනයේ පූර්ණකාලීන රැකියාවට එක්වීමත් සමඟ නිෂ්පාදන විධායක සහය අධ්‍යක්ෂ තනතුරට මම පත්වීමත් සමඟ ඩී. බී. නිහාල්සිංහ මහත්තයාගේ ඇසුරේ ආයතනය මඟින් නිර්මාණය වන ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. දිමුතු මුතු, සුදු සහ කළු, රේඛා ආදී ටෙලි නාට්‍යවල සහය අධ්‍යක්ෂ වුණේ මම. ටෙලි සිනේ ආයතනය මගින් කළ වෙළෙඳ දැන්වීම්වල පිටපත මගේ. දැන්වීම්වල හඬ කැවීම් වුණේ මගේ හඬින්.

ඔබ ලේඛන කලාවේත් ඇසූ පිරූ තැන් සොයා යන්න උත්සාහයක නියැලෙනවා?

මම කලක් ටෙක් ශ්‍රී ලංකා ආයතනයේ දැන්වීම් කලමනාකරුවකු ලෙස වැඩ කළා. එතනදි මට බොහෝ විට කලා නිර්මාණ පැත්තෙන් ස්වාධීනව හිතන්න ඉඩ ලැබුණා. ඒ අවධියේ තමයි මට සිරකාරි ටෙලි පිටපත ගැන අදහසක් ආවේ. මම පොත් දහයක් විතර පරිවර්තනය කළා. ගැහැනුන් දෙදෙනා, සත්‍ය අඳුර, පාට වේල් පොට, සොඳුරු ලඳුන් ඇසුරේ, සුදු ඇඳිරිය, මා සොයන මා, නිරුවත් කරුවල ආදී මම පරිවර්තන කෘති රැසක් එළි දැක්වූවා. ජන නායකයා සහ පෙම් යුවළ නමින් කෙටි කතා සංග්‍රහයක් වගේම ඉදුදුනු අඹර නමින් නවකතාවකුත් මම රචනා කළා.

ගුවන් විදුලි පිටපත් රචකයකු ලෙසත් ඔබ කලක් කටයුතු කරනවා?

කඩදාසි හොරු, හීරෝගේ රඟමඬල, නල දමයන්ති කතාවක් ආදී නාට්‍ය රැසක් මම ගුවන් විදුලියට රචනා කළා. සහය අධ්‍යක්ෂණය කළා. කලක් කලා තොරතුරු වැඩ සටහන් ගුවන් විදුලියට ඉදිරිපත් කිරීම සිදු කළේත් මමයි.

කලා කෙතේ විවිධ ඉසව් ඔස්සේ නිර්මාණ කාර්ය කරන ඔබ රංගන ශිල්පියෙක් ලෙස නේද කලා ජීවිතය අරඹන්නේ?

මුලින්ම මම සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ සන්දානම් ගුඩ්ඩෝ නාට්‍යයට තමයි නළුවෙක් ලෙස සම්බන්ධ වෙන්නේ. බැද්දේ ගෝරනාඩුව වේදිකා නාට්‍ය රඟපෑමත් සමඟ මට වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න හිතුණා. ඒ අනුව මම සුරපුරයට යන එවුන් නමින් නාට්‍යයක් ලියා අධ්‍යක්ෂණය කළා.

ටෙලි නාට්‍යවල ප්‍රමිතිය ගැන අද තියෙන්නේ සුබවාදී ආකල්පයක් නොවෙයිනේ?

ඒක ඇත්ත. අද තියෙන හැම නිර්මාණයක්ම පාහේ ඒකාකාරී රටාවක් තමයි තියෙන්නේ. මම මේ නිසාම සිරකාරී වගේ රහස් පරීක්ෂක කතාවක් කරන්න හිතුවා. මේ වෙනුවෙනුත් ප්‍රේක්ෂක පිරිසක් හැදෙයි. එදාට මම මේ වගේ තවත් නාට්‍ය පිටපතක් ගැන හිතනවා.

ඔබේ කලා ජීවිතයට මේ වෙන කොට කොපමණ කාලයක් ගත වෙලාද?

මට අවුරුදු දහ නමයක් වෙන කොට තමයි මම සුරපුරට යන එවුන් නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. අද වෙන කොට මගේ කලා ජීවිතයට අවුරුදු හතලිස් පහක්.

ඔබේ ගමනට අත්වැලක් වුණේ කවුද?

සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුගතපාල ද සිල්වා, සිරි කුලරත්න, ඩී. බී. නිහාල්සිංහ මේ අයගේ මඟ පෙන්වීම මට ලොකු ශක්තියක් වුණා.

නිර්මාණ කාර්ය ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

මගේ නිර්මාණ කාර්ය ගැන ආපසු හැරී බලන කොට යම් තෘප්තියක් මට හැඟෙනවා. මගේම නිර්මාණයක් වූ සිරකාරි මම කොපමණ වාර ගණනක් නිර්මාණකරුවා විදියට බලලා තිබුණත් එය රූපවාහිනිය තුළින් විකාශය වනකොට නරඹන්නත් මගේ පොඩි ආශාවක් හිත තුළ තියෙනවා. අන්න ඒ ආශාව ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක එකතු වුණාම මමත් නොදැනීම මාව නව නිර්මාණයක් වෙත අරගෙන යයි.