වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
හාරකෝටිය තවම ඉවර නැහැ

හාරකෝටිය තවම ඉවර නැහැ

වී.සිවගුරුනාදන්

ලොතරැයියක් ඇදීමෙන් පසුව ඒ ලැබුණු මුදල හරියට පරිහරණය කරන්නේ නැතිව යළිත් දුප්පතකු බවට පත්වීම පිළිබඳ පුවතක් දැකීමෙන් පසුවයි ඔහුගේ මේ අදහස ඔළුවේ නිර්මාණය වන්නේ. එයයි අප හාරකෝටිය ටෙලි නාට්‍යයට මූලික කර ගන්නේ. ඒ කතා තේමාව ඔස්සේ නාට්‍යය වර්ධනය කිරීමේදී කරන කතාබහ අතර අප දෙදෙනා අතර නොයෙක්වර මතවාදී වශයෙන් ගැටුම් ඇතිවුණා. ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් මතයි ‘හාරකෝටිය’ බිහිවන්නේ.

‘හාරකෝටිය’ කියන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍යය වගේම එහි තේමා ගීතයත් රූපවාහිනි නරඹන්නන්ගේ තුඩ තුඩ රැව්දෙන බව කිසිවකුටත් රහසක් නොවෙයි.

හීන තිබුණට කෝටියක්
අතේ නෑ එක රුපියලක්.....

බොහෝදෙනාගේ ආදරය දිනාගෙන ස්වර්ණවාහිනියේ රාත්‍රි 7.30ට විකාශය වන ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලියලා තියෙන්නේ සද්ධා මංගල. එය ජයප්‍රකාශ් සිවගුරු නාදන්ගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය නිර්මාණය පසු පස තිබෙන කතාව සරසවිය සමඟ පැවසීමට එකතුවුණේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්.

‘හාරකෝටිය’ ටෙලි නාට්‍යය නිර්මාණය කිරීමේ පසුබිම නිර්මාණය වන්නේ කෙලෙස ද?

හාරකෝටියට පෙර සිට ම මමත්, සද්ධාත් ටෙලි නාට්‍ය කිහිපයකින් ම හමුවුණා. පසුගිය කාලයේ දිගට ම ඔහු ලියූ ටෙලි නාට්‍ය පිටපත් අධ්‍යක්ෂණය කළේ මමයි. මේ කටයුතුවලින් පසුව යළිත් අප දෙදෙනාට නාට්‍යයක් කිරීමට වුවමනා වුණා. එහිදි මුලින් ම අප කළේ සුපුරුදු විදියට ම දෙදෙනා මුණ ගැසී කතාබහ කිරීමයි. මේ නිර්මාණයේ වස්තුබීජය නිර්මාණය වන්නේ සද්ධාගේ සිතේ. එය තව දුරටත් වර්ධනය කරමින් මෙහි එන චරිත තවදුරටත් වර්ධනය විය යුත්තේ කෙසේදැයි යන්න අප හමු වී කළ එක් සාකච්ඡාවක්. එවැනි සාකච්ඡාවලින් පසුවයි ‘හාරකෝටිය’ එළියට එන්නේ.

ඒ සඳහා ගැනෙන කතා තේමාවට මඟ පෑදෙන්නේ කුමන කාරණයක් මඟින් ද?

ලොතරැයියක් ඇදීමෙන් පසුව ඒ ලැබුණු මුදල හරියට පරිහරණය කරන්නේ නැතිව යළිත් දුප්පතකු බවට පත්වීම පිළිබඳ පුවතක් දැකීමෙන් පසුවයි ඔහුගේ මේ අදහස ඔළුවේ නිර්මාණය වන්නේ. එයයි අප හාරකෝටිය ටෙලි නාට්‍යයට මූලික කර ගන්නේ. ඒ කතා තේමාව ඔස්සේ නාට්‍යය වර්ධනය කිරීමේදී කරන කතාබහ අතර අප දෙදෙනා අතර නොයෙක්වර මතවාදී වශයෙන් ගැටුම් ඇතිවුණා. ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් මතයි ‘හාරකෝටිය’ බිහිවන්නේ.

ඒ නිර්මාණය විකාශය කිරීමට ඔබ තෝරා ගන්නේ ස්වර්ණවාහිනියද?

ටෙලි නාට්‍යය රූගත කිරීම්වලට පෙර ම මෙවැනි නිර්මාණයක් යැයි කී පමණින් ම ස්වර්ණවාහිනිය මිලදී ගන්න එකඟ වෙනවා.

වර්තමානයේ විකාශය වන ටෙලි නාට්‍ය අතරින් ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යය වෙනස් වන්නේ කුමන කාරණා නිසා ද?

සද්ධයි මායි මෙතෙක් කළ, හංස පිහාටු, කළු අරලිය, අඟුරු සිත්තම් ඇතුළු සෑම නිර්මාණයක්ම වෙනස් විදියකට සමාජය දෙස බලන්න ගත්ත උත්සාහයන්. හැමදාම රූපවාහිනි නරඹන්නන් දකින්නේ නැති දෙයක් නිර්මාණයක් හරහා රැගෙන එන්නයි අපට වුවමනා වුණේ. ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යය හරහාත් අප අත්හදා බැලුවේ ඒ කියන කාරණයමයි.

මේ ටෙලි නාට්‍යයට ‘හාරකෝටිය’ යන නම භාවිත කළේ ඇයි?

ඒ නම තියන්නේ සද්ධාමයි. සමහර විට ඔහු ඒකට ‘හාරකෝටිය’ කියන නම තියන්න ඇත්තේ ‘හාර ලක්ෂය’ කියන චිත්‍රපටය පදනම් කරගෙන වීමට ඇතැයි මා සිතනවා. දැන් හාරලක්ෂයකින් වැඩක් නැති නිසා ඔහු හාර කෝටියකට යන්න ඇති බවයි මා සිතන්නේ.

ඔබගේ ටෙලි නාට්‍යවල රඟපාන නළු-නිළි පිරිසක් ඉන්නවා. එකම නළු-නිළි පිරිසක් නිර්මාණයකට සහභාගි විය යුතුමද?

මගේ නිර්මාණවලට වැඩිපුරම රංගනයෙන් දායක වන නළු-නිළි පිරිසක් ඉන්නවා. කොහොමත් පිටපත ලියා අවසන් වුණාට පස්සේ මමත්, සද්ධත් ඒ ඒ චරිතයට මේ නිළිය හා නළුවා ගනිමු යැයි කතාබහකින් පසුවයි නළු-නිළියන් තෝරා ගැනෙන්නේ. එහිදි අප උත්සාහ කරන්නේ ඊට කලින් මගේ නිර්මාණවල රඟපෑ නළුවකුට හෝ නිළියකට ඊට වඩා වෙනස් චරිතයක් ලබා දෙන්නයි. උදාහරණයක් විදියට සාරංග ‘කළු කුරුල්ලා’ හා ‘හංස පිහාටු’ කියන ටෙලි නාට්‍ය දෙකේම රඟපෑවේ දුෂ්ට චරිතයි. එහෙත් ඒ දුෂ්ට චරිත දෙක ඉදිරිපත් වුණේ දෙවිදියකටයි. ඒ නිසා ඔහුව ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ඊට වඩා වෙනස්ම චරිතයකින් අරගෙන එන්නයි අපට වුවමනා වුණේ. මල්කාන්ති ‘හංස පිහාටු’ ටෙලි නාට්‍යයේ රඟපෑවේ කට සැර බොක්කි කියන චරිතයයි. ඒ මල්කාන්තිම ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ වෙනස්ම චරිතයක්. විවිධ චරිත ඔවුන්ට ලබාදීම මඟින් නළු-නිළියන්ට තිබෙන දක්ෂතා වෙන වෙනම උරගා බලන්න මා බොහොම කැමැතියි.

‘හාර කෝටිය’ මෙගා නාට්‍යයක්. මේ වනවිට එහි පිටපත සම්පූර්ණයෙන්ම ලියලා අවසානද?

සම්පූර්ණ පිටපත ලියලා අවසාන නැහැ. ඒත් නිශ්චිත අවසානයක් ගැන අදහසක් තිබෙනවා.

මෙගා ටෙලි නාට්‍යයක් ජනප්‍රිය වනවිට එහි සමහර චරිත හිටපු ගමන් අතුරැදන් වෙනවා. හිටපු ගමන් පැමිණෙනවා. මේ කාරණය ‘හාර කෝටිය’ට අදාළද?

එහෙම පැමිණෙන අලුත් චරිත තිබෙන බව ඇත්තයි. එහෙම වන්නේ කතාවේ අවශ්‍යතාව අනුවයි. ඒ වගේ ම ප්‍රේක්ෂකයාගේ රස වින්දනය ඒකාකාරී නොවෙන්නයි නිර්මාණයකට විවිධ චරිත හා විවිධ සිද්ධි ගෙනෙන්නේ. මමත්, සද්ධාත් පුංචි තිරයට ගෙනා නිර්මාණ ඔක්කොම වගේ බොහොම ජනප්‍රියයි. එහෙත් එහි මුල මැද අග යන ත්‍රිත්වයෙන් යුක්ත වූ කතා වස්තුවක් ඇතුළත්. ඒත් සංසිද්ධි වෙනස් වෙන්න පුළුවන්. අපට නිතරම වුවමනා වුණේ මොකක් හෝ ටෙලි නාට්‍යයක් කිරීම නොවෙයි. රූපවාහිනි නරඹන්නන් කැමැති වර්ගයේ ටෙලි නාට්‍යයක් කිරීමටයි. ඒ සඳහායි සද්ධාත්, මමත් පිටපතේ සමහර දේ සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිකර ගන්නේ. එහෙම නැතිව රූපවාහිනිය නරඹන්නන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිම අවස්ථාවක පලුදු කරගැනීමට මමත්, සද්ධාත් සූදානම් නැහැ.

ඔබ දෙපළ අතර ඇතිවන මතවාද නිසාද මේ තරමටම ‘හාර කෝටිය’ ජනප්‍රියත්වයට පත් වන්නේ?

නිතරම වගේ සෑම දර්ශන අංකයක් ගැන ම අප දෙදෙනා අතර යම් යම් සාකච්ඡා ඇති වෙනවා. එහිදි ඒ දර්ශන අතර සිදුවන සිදුවීම් මෙහෙම විය නොහැකියි, මෙහෙම විය හැකියි යනුවෙන් විවිධ තර්ක විතර්ක අතරයි ගොඩනැ‍ඟෙන්නේ. ඒ අවබෝධයයි මේ නිර්මාණයේ ජනප්‍රියත්වයට හේතු වන්නට ඇත්තේ.

‘හාර කෝටිය’ හරහා රූපවාහිනි නරඹන්නන් සිත් බැඳගත් රංජිව ඔබ සොයා ගන්නේ කොහොමද?

රංජි හොරණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඔහුව මට හඳුන්වලා දෙන්නේ නාමල් ජයසිංහයි. ඒ ‘බොහිමියානුවා’ ටෙලි නාට්‍යයේ පුංචි චරිතයක් සඳහායි. එහිදී රංජිගේ දක්ෂතාව මොකක්ද කියලා මා දකිනවා. ඊට පස්සේ මා අධ්‍යක්ෂණය කළ නිර්මාණ කිහිපයකටම ඔහුම රංගනයෙන් දායක කර ගන්නවා. ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේදී මේ චරිතය ඔහු හොඳීන් රඟපෑවි යන විශ්වාසයේ සිටි නිසයි මා ඔහුව රංජිගේ චරිතයට තෝරා ගන්නේ. ඔහු විවිධ ප්‍රතිභාවක් තිබෙන සූර රංගන ශිල්පියෙක්. මගේ වෙනත් නිර්මාණයක මෙවැනි චරිතයකින් නැතිව වෙනස් විදියේ චරිතයකින් ඔහුගේ රංගන ප්‍රතිභාව මතුකර ගැනීමටත් මා කැමැතියි.

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ගීතය අද කුඩා ළමයකුගේ මුවෙන් පවා ඇසෙන ගීතයක් බවට පත්වෙලා. ඒ ගීතය නිර්මාණය වීමේ පසුබිම මොකක්ද?

අප නිර්මාණය කළ බොහෝ ටෙලි නාට්‍යවල තේමා ගීතයක් තිබුණේ නැහැ. ඒත් සද්ධාට ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයට තේමා ගීතයක් අවශ්‍ය වෙනවා. මා සිතන විදියට ඔහු ඒ තේමා ගීතය ලියන්න කෙනෙකුට භාර දෙනවා. ඒ පුද්ගලයාට තේමා ගීතය ලියන්න කාලවේලා නැති නිසාමයි සද්ධා මේ ටෙලි නාට්‍යය ගීතය රචනා කරන්නේ. සද්ධාගේ පළමු ටෙලි නාට්‍යය ගී රචනය වන්නේත් මෙයයි. එය අද වනවිට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙන්නේ පුදුම විදිහටයි. ඔහු සූර තිරපිටපත් රචකයෙකු වගේම සූර ගේයපද රචකයකු කියලත් මා විශ්වාස කරනවා.

ටෙලි නාට්‍යවල ගීත නරඹන්නන් අතර ජනප්‍රිය වුණේ මීට කලකට ඉහතයි. එලෙස වර්තමානයේ ජනප්‍රිය වුණු ගීත තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්?

ඉස්සර රූපවාහිනි නාලිකා තිබුණේ එකක් හෝ දෙකක්. ඒ නාලිකාවල විකාශය වුණු ටෙලි නාට්‍ය ප්‍රමාණයත් සීමිතයි. ඒ නිසා ඒ ටෙලි නාට්‍ය ගීත නරඹන්නන්ගේ මතකයේ රැඳුණා. ඒත් වර්තමානයේ එවැනි නාලිකා දහයක්, දොළහක් තිබෙනවා. ඒවා ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍ය ප්‍රමාණයත් බොහොමයි. ඒ නිසා විශාල නිර්මාණ අතරින් ටෙලි නාට්‍යයක් හෝ ගීතයක් නරඹන්නන්ගේ මතකයේ රැඳෙන්න නම් ඒ නිර්මාණවල අරුමැසි බවක් තිබිය යුතුයි. නැතිනම් අනෙක් නිර්මාණ අතරින් ඒ නිර්මාණය වෙනස් විය යුතුයි.

ඒ කාරණා හැරුණු විට එදා මෙන් අද නිර්මාණාත්මක ගුණයෙන් යුත්, අපූර්ව නිර්මාණ බිහි වීමේ අඩුවත් මීට බලපාන කාරණයක් නේද?

එවැනි නිර්මාණ බිහි නොවීමට හේතු තිබෙනවා. ඒ අනුව අපේ රටේ තිබෙන්නේ සුදුසුකම් නැතිව පැමිණිය හැකි වෘත්ති දෙකයි. එකක් කලාවයි. අනෙක දේශපාලනයයි. මේවාට පිවිසීමට කිසිම ප්‍රමිතියක් අපේ රටේ නිර්මාණය වෙලා නැහැ. අනෙක් කාරණය නම් නාලිකාවල ටෙලි නාට්‍යයකට ගෙවන මුදල එන්න එන්නම අඩු වීමයි. ඒ මිල අඩු වුණාට පස්සේ මොකක් හරි දෙයක් කරලා නිර්මාණ ලබාදීමටයි නිර්මාණකරුවන් පෙලඹෙන්නේ. මෙන්න මේ කාරණා සමඟයි අද නාට්‍යය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ. ඒ නිසා මේ ඇති වී තිබෙන තත්ත්වයට නිර්මාණකරුවන් පමණක් නොවේ නාලිකාත් වග කිව යුතුයි.