වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
කෝපි කඩේට තිස් වසරයි

කෝපි කඩේට තිස් වසරයි

ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

අප්‍රේල් මාසයේ 01 වැනිදාට ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය කතා මාලාවට වසර තිහකි. 1987 වසරේ ආරම්භ කරන ලද ‘කෝපි කඩේ’ කථාංග ටෙලි නාට්‍ය මාලාව අද වනවිටත් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම බදාදාවක ම රාත්‍රි 7.30 ට විකාශය වෙයි. මේ අපේ‍්‍රල් 05 වැනිදා 30 වන වසර සපුරමින් ‘නොදැවී තිහයි’ යනුවෙන් 1565 කථාංගය විකාශය වන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යය රංගනයෙන් සහභාගි වුණු ආරම්භක සාමාජිකයකු පසුගිය දිනෙක හමු විය. හේ ආරියසේන හඳුවලයි. ඔහු එහි ආරම්භය පිළිබඳත්, ටෙලි නාට්‍ය රූ ගත කිරීමේදී සිදුවුණු රසබර මතක පිළිබඳත් සිහිපත් කළේ මෙලෙසිනි.

* ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යය ආරම්භ කළ අයුරු මතකයට නඟමු ද?

මගේ ඇසිස්ටන් විදියට සිටි විජේ ඒකනායක පැමිණ පැවසුවේ අපූරු කතාවක්. ඒ ස්වාධීන රූපවාහිනියේ විවිධ අංශවලට පුහුණුකරුවන් බඳවා ගන්න බව දන්වමින් දැන්වීමක් එහි ප්‍රදර්ශනය වූ බවයි. විජේ ඒකනායකගේ අදහසට අනුව මමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනියට අපව කැඳෙව්වා.

* ඒ සඳහා ගොඩක් අයැදුම්කරුවන් ගණනක් සහභාගි වී සිටියා ද?

විශාල පිරිසක් එහි පැමිණ සිටියා. ඒ අයට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව විභාගයකුත් පැවැත් වූවා.

* එහිදි ඔබට මුහුණ දීමට සිදු වුණ විභාගයේ තත්ත්වය මොන වගේ ද?

සෞන්දර්ය පිළිබඳ තිබෙන දැනුමයි එහිදි විභාග කළේ. ඒ විභාගය පැවැත් වුවේ නන්දා ජයමාන්න මහත්මිය හා ආනන්ද සිරිසේන මහත්තයායි. එය පැවැත්වුණේ පන්සලක බණ මඬුවෙයි. චිත්‍රයක් බිත්තියේ එල්ලලා ඒ චිත්‍රය ගැන තමන්ට හිතෙන ඕන දෙයක් ලියන්න කියලා ඔවුන් පැවසුවා. කොපි කරන්න පුළුවන් කියලත් ඔවුන් පැවසුවා. කොපි කරන්න පුළුවන් කිව්ව පළමු විභාගයත් එයමයි.

* කොපි කරන්න පුළුවන් කියලා ඔවුන් පැවසුවේ ඇයි?

කොපි කළොත් ඒ කෙනාගේ නිර්මාණ ශක්තියක් නැහැ නේ. ඒකයි. ඒ අතරින් යළිත් කොටසක් තෝරා ගත්තා. ඒ කණ්ඩායමටත් මා තේරුණා. ඒ අයගේ මුහුණු කැමරාවට දමලා බැලුව ඔවුන් ඉන් තේරුණ අයට පදනම් ආයතනයේ දේශනයක් තිබ්බා. එහිදි නිෂ්පාදන ක්‍රියාවලිය ඉගෙන ගන්න කැමැති අයට ඒ අංශයේ පාඨමාලාවටත්, රංගනය ගැන ඉගෙන ගන්න කැමැති අය ඒ අංශයේ පාඨමාලාවටත් තෝරා ගැනුණා.

* ඔබ තෝරා ගත්තේ කුමන අංශය ද?

මා කැමැති වුණේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉගෙන ගන්නයි. රංගනය ඉගෙන ගන්න පැත්තේ සිටියේ රත්නා සුමනපාල, කොඩිතුවක්කු (අබිලිං) වගේ අයයි. මේ පාඨමාලාව අවසන් වුණාට පස්සේ නාට්‍යයක් කරන්නට තීරණය වුණා. එහි නිසි බලධාරියා වූයේ තේවිස් ගුරුගේ මහත්තයායි. ඔහු පැවසුවේ දිනකින් අවසන් වන දිගට ම කතා මාලාවක් ලෙස ගෙන යා හැකි, කොටස් වශයෙන් විකාශය නොවන නිර්මාණයක් ඉදිරිපත් කරන්න යන්නයි.

* ‘කෝපි කඩේ’ කතා මාලාව නිර්මාණය වීමේ පසුබිම නිර්මාණය වන්නේ ඒ විදියට ද?

විවිධ අය විවිධ යෝජනා ගෙනෙන අතර තේවිස් ගුරුගේ මහත්තයා ම එක් අදහසක් පවසලා තිබුණා. ඒ ඔහු ගුවන්විදුලියේ සිටින කාලයේ එහි විකාශය වූ ගුවන්විදුලි නාට්‍යයක් පිළිබඳයි. එය ‘කෝපි කඩේ’ බවත් පැවසීමට ඔහු අමතක කරලා තිබුණේ නැහැ. අපේ පාඨමාලා අධ්‍යක්ෂතුමා වුණු ඇන්ඩෲ ජයමාන්න මහත්තයා ඒ කාරණාව අපට පැවසුවේ ඉන් පසුවයි. එක්වරම අප පැවසුවේ එය ටෙලි නාට්‍යයක් ලෙස කරමු යන්නයි. ඒ අදහසට සියල්ලන්ගේ ම එකඟත්වය හිමි වුණා.

* ඉන් පසුවයි ‘කෝපි කඩේ’ ටෙලි කතා මාලාව නිර්මාණ වන්නේ?

අප දහසය දෙනා හතරේ කණ්ඩායම්වලට බෙදනු ලැබුවා. ඉන් පස්සේ අප සියලු දෙනාට ම මේ ටෙලි නාට්‍යයේ පිටපත් ලියාගෙන එන්නැයි ද පැවසුවා. මගේ කණ්ඩායමට අද කෝපි කඩේ සිරිසේනට රඟපාන ජයරත්න රූපසිංහත්, විජේ ඒකනායකත්, බර්ටි ගුණසේකරත් ඇතුළත් වුණා. අප සිවුදෙනා සාකච්ඡා කරමින් පිටපත ලිව්වේ විහාර මහාදේවි උද්‍යානයේදී.

* ‘කෝපි කඩේ’ ටෙලි කතා මාලාවේ මුලින් ම විකාශය වන කථාංගයටත් ඔබට කතා කරනවා ද?

එහි මුල් ම කථාංගයට මට කතා කරන්නේ රංජිත් යාපා ද අල්විස්. ඔහුගේ කතාව වුණු ‘වහෙන් ඔරෝ’ නාට්‍යය කොටසේයි ග්‍රාමසේවක රාලහාමිගේ චරිතය තිබුණේ. ඔහු ඇවිත් මගෙන් විමසුවේ ‘අපට ග්‍රාමසේවකගේ චරිතයක් තිබෙනවා, ඒ චරිතයට රඟපාන්න හඳූට පුළුවන් ද’ කියලයි. ඒ චරිතය මා බොහොම සතුටින් භාර ගත්තා. ඒ කථාංගයයි මුලින් ම ‘කෝපි කඩේ’ නමින් 1987 අප්‍රේල් 02 වැනිදා විකාශය වුණේ.

* එදා රාලහාමිගේ චරිතය රඟපාන්න පටන් ගත්ත දා පටන් අදටත් ඔබ රාලහාමිමයි?

ඔව්. වසර තිහක් තිස්සේ පැන්ෂන් නොයන එක ම රාලහාමි මමයි. නාට්‍යයේ සාමාජිකයන් ලෙස එදා පාඨමාලාව ආරම්භ කළ දා පටන් අද දක්වා ම සිටින්නේ මමත්, රත්නා සුමනපාලත්, ජයරත්න රූපසිංහත් පමණයි.

* ‘කෝපි කඩේ’ මුලින් ම අධ්‍යක්ෂවරයා විදියට පිවිසෙන්නේ කවුද?

ඒ ඇන්ඩෲ ජයමාන්න මහත්තයායි එහි මුල් ම අධ්‍යක්ෂවරයා වන්නේ. ඔහුගෙන් පසුව අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකු ම ‘කෝපි කඩේ’ අධ්‍යක්ෂණය කළා. වර්තමානයේ අධ්‍යක්ෂවරයා වන්නේ ජනක මහල්පත්.

* ‘කෝපි කඩේ’ නළු නිළියන්ට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මිනිස්සුන්ට තවමත් අප සියලු දෙනා ම හොඳට මතකයි. මොකක් හෝ දෙයක් කර ගැනීමට කාර්යාලයකට ගියාට පස්සේ ඉක්මනින් ම ඒ කටයුත්ත කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. විශේෂයෙන් ම පොලිසියේ අයගෙන් ලැබෙන සැලකිල්ලත් මෙහෙදි සිහිපත් කළ යුතුයි.

* ‘කෝපිකඩේ’ සියල්ලන් ම එකතු වී ගෙවුණු කාලය එහෙම කොහොම ද?

ඒක බොහොම සුන්දර කාලයක්. විනෝදයෙන්, විහිළුවෙන් රූ ගත කිරීම් කෙරෙන ඒ හෝරා කිහිපය අපේ ජීවිතය අලුත් කරනවා. මෙහිදි වැඩිපුර ම විහිළු කතා කියලා අනෙක් අයට සිනහ ගන්වන්නේ තිලක් කුමාර රත්නායකයි. ඔහු ‘කෝපි කඩේ ’සෝමදාසයි. හැමෝටම මඩ ගහන ඔහුට අපූරු නමකුත් පට බැඳීලයි තිබෙන්නේ. ඒ ‘මඩ කිං’ යනුවෙන්.

* එදා සිටි ශිල්පීන් බොහෝ දෙනෙක් අද වන විට ‘කෝපි කඩේ’ නැහැ නේද?

සරණපාල ජයසූරිය, කුමාරි පෙරේරා, දිලීප් රෝහණ, රෝහිත කරුණාරත්න, සුසිලා කෝට්ටගේ, දමයන්ත පෙරේරා කලින් කලට එහෙම ඉවත් වුණු කිහිපදෙනෙක්. ඒ වගේම එදා සිටි අය අතරින් මේ වනවිට කිහිපදෙනෙකුම මිය ගිහින්. කඩේ ලොකු හාමිනේ - දෙනවක හාමිනේ, රත්නේ ළමයා - ලාල් සේනාධීර, එන්සිනා - සුසිලා කූරගම, පොලී මුදලාලි - මාටින් ගුණදාස , ඇසිලින් - දමිතා සළුවඩන, අබිලිං - චන්ද්‍රසිරි කොඩිතුවක්කු, සාමෙල් අප්පුහාමි - විමල් වික්‍රමආරච්චි, එල්සන් දිවිතුරුගම වගේ චරිත අද අප අතර නැති වුණත් රූපවාහිනි නරඹන්නන් අතර බොහොම ජනප්‍රිය චරිත කිහිපයක්.

* කාලයක් ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යය නරඹන්නන්ගේ ජීවිතය වී තිබුණු බව මට මතකයි?

සෑම සතියක ම බදාදා රාත්‍රි 8.00 කියන්නේ රූපවාහිනි නරඹන්නන් මොන වැඩ තිබුණත් ඒ වටා එක්රොක් වුණු වෙලාවක්. ඒ කාලයේ අද වගේ රූපවාහිනි සේවාවන් ගොඩක් තිබුණේ නැහැ. බදාදාට ‘කෝපි කඩේ’ නරඹන්න ඔවුන් මඟ බලාගෙන සිටියා. ඒ ජනප්‍රියත්වය කොයිතරම් ද කිව්වොත් ඒ 8 විකාශන කාල සීමාවට වෙනත් ටෙලි නාට්‍යයක් දමන්න කිසිවකුටත් ලැබුණේ නැහැ. ඒ තරමට ම දැන්වීම් මේ ටෙලි කතා මාලාවට ලැබුණා.

* මේ වනවිට ඒ ජනප්‍රියත්වය වෙනස් වෙලා ද?

විවිධ රූපවාහිනි සේවාවන්ගේ පැමිණීමත් එක්ක ඒ ජනප්‍රියත්වය සුළු වශයෙන් අඩු වුණත් අදත් ‘කෝපි කඩේ’ ට ආදරය කරන නරඹන්නන් ඕනෑ තරම් ඉන්නවා. අපට එදා ලැබුණු ජනප්‍රියත්වය තවමත් එහෙමමයි.

* ‘කෝපි කඩේ’ රූ ගත කිරීම් සිදු වන්නේ කුමන ස්ථානවලද?

ස්වාධීන රූපවාහිනිය ඇතුළේ ම කඩේ නිර්මාණය වී තිබෙනවා. ඊට අමතරව හෝකන්දර - අමු ඇට මුල්ල, අතුරුගිරිය වැනි ප්‍රදේශවලයි මෙහි රූගත කිරීම් සිදු වන්නේ. මාසයට සති දෙකක් ඇතුළත මාසයේ ම කථාංග ටික රූ ගත කිරීමට අධ්‍යක්ෂවරයා වග බලා ගන්නවා.

* ‘කෝපි කඩේ’ රූ ගත කරන ප්‍රදේශ අලුත් නොවන්නේ ඇයි?

‘කෝපි කඩේ’ කියන්නේ ගමක්. ගම ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. ගමේ ළිඳ, පන්සල, රාලහාමි වගේ ස්ථාන හා චරිත වෙනස් වෙන්නේ නැහැ. එහෙත් මේ වනවිට කෝපි කඩේ පාරවල් අලුත් වෙලා. කලිසම් අඳීන අය ගමට ඇවිල්ලා වගේ වෙනස්කම් තමයි එහි වෙලා තිබෙන්නේ. මෙහි තිබෙන වටිනාකම වන්නෙත් එක ම නළු නිළි කැලක් අවුරුදු තිහක් තිස්සේ එකම නාට්‍යයක රඟපෑම ඇත්තට ම විශේෂත්වයක්.

* ‘කෝපි කඩේ පිටපත ලියන්නේ කවුද?

නිමල්ගේ චරිතය රඟපෑ කුමාර සිරිවර්ධනයි. ඒ කාලයෙත් ඔහු පිටපත් ලිව්වා. අදත් ඔහු පිටපත් ලියනවා. එහි වැඩිම පිටපත් ලිව්වේ කුමාරයි.

* එහිදි සිදුවුණු විශේෂ සිදුවීම් එහෙම මතකයට නැඟුවොත්?

පසුගිය දවස්වල මට ඇබැද්දියකට මුහුණ දෙන්නට වුණා. මගේ අතවැසියා විදියට ඉන්නේ කිරිහොඳා. කිරි හොඳාට රඟපාන සේන හොල්මනකට බය වෙලා මොළේ විකාර වෙලා මට පිහියෙන් අනින්න ඇවිත් මාව තල්ලු කරනවා. ඒ තල්ලු කළ වෙලාවේ මාව සැබෑවට ම වැටුණේ කම්බි වැටක් උඩටයි. ටිකක් තුවාල වුණා. ඒ වගේ සිදුවීම් ඕනෑ තරම් තිබෙනවා. වරක් ඩිංගි මහත්තයා මී හරකකුගේ පිටෙ ගිහින් වැටුණු විදිය මට මතකයි. අවසාන වශයෙන් මෙහි මේ වනවිටත් රඟපාන ගීතා බුලත්සිංහල, ශ්‍රී ලාල් අබේකෝන්, සමන් ගුණවර්ධන, චිත්‍රා වාකිෂ්ට, කේ. ඒ. පියකරු, රොඩ්නි ප්‍රෙෂර්, කේ.ඩී. සිරිපාල, වසන්ත කුමාරසිරි, උපාලි සිල්වා, නිලූකා රේඛානි, සමදරා ආරියවංශ, උදේනි චන්ද්‍රසිරි, ප්‍රින්සි ප්‍රනාන්දු, බොනී ජයසාන්ත, උපසේන සුබසිංහ, එඩී අමරසිංහ, අවන්ත සමන්සිරි, උදය කුමාරි රණසිංහ, සේන ගුණවර්ධන, සමන් තිලකසිරි ඇතුළු සියල්ලන්වත්, මෙතෙක් රඟපෑ සියල්ලන්වත්, විධායක නිෂ්පාදක අජිත් ජයවර්ධන, නිෂ්පදාන කළමනාකරු මංගල රදලියගොඩ, අධ්‍යක්ෂ ජනක මහල්පත්, සහය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය ප්‍රභාත් දුෂ්්‍යන්ත, සංගීත අධ්‍යක්ෂණයෙන් චන්දන වැලිකල ඇතුළු රූ ගත කිරීම්වලට සහය වන සියලු ම දෙනාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. මෙවර කථාංගය සඳහා විශේෂ කෙනෙකු රංගනයෙන් සහභාගි වෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.