වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්

ඒ ළමයට නිතරම මිටි මිනිහෙක් පේනවාලු

හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්

හංවැල්ලේ වැලි බිස්නස් කරපු ව්‍යාපාරිකයෙක් ඉඳලා තියෙනවා. ඔහු දිනෙන් දින දියුණු වෙලා සේවකයොත් සෑහෙන්න ගණනක් ඉඳලා තියෙනවා. ටික කලක් යද්දී මේ ව්‍යාපාරය හේතුවක් නැතුවම බංකොලොත් වෙලා. සේවකයොත් නොකියාම යන්න ගිහින්. වැඩියෙන් පඩි දෙනවා කිව්වත් වැඩට කවුරුවත් ගන්න බැරිවෙලා. මේ ව්‍යාපාරිකයාට සැකයක් මතුවෙලා කවුරු හරි ගුරුකමක්වත් කරලද කියලා. මේ අදහස හිතේ තියාගෙන ඔහු අපිට කතා කළා. අපි ගෙන්නුවා ගොඩගම කපු මහත්තයෙක්. ඔහු වත්ත වටේ දෙපාරක් කැරකිලා කිව්වා මේ ව්‍යාපාරයට කොඩිවිනයක් කරලා කියලා. කපු මහත්තයා මතුරන්න පටන් ගත්තා. ඔන්න එතකොට ඒ වත්තේ වැඩ කරපු ගෑනු කෙනා අපිට හිතා ගන්නවත් බැරි උඩකින් පැනලා දුවන්න පටන් ගත්තා. ටික වේලාවකින් කපු මහත්තයා වත්තේ ඇවිදිමින් පොල් ගහන්න පටන් ගත්තා. ඔය අතරතුරදි ඔහු ඇහැව්වා කාගෙ හරි බඩ රිදෙනවද කියලා. කවුරුවත් හ්ම් සද්දයක් නැහැ. ඒත් සමඟම මට දැනුණා මගේ බඩ රිදීගෙන එනවා කියලා. එත් මං බයට කිව්වේ නැහැ. කපු මහත්තයා සැරෙන් ඇහැව්වා ඇත්ත කියන්න. කාගෙද මෙතන බඩ රිදෙන්නේ යනුවෙන්. මං ඉදිරියට ඇවිත් මගේ බඩ රිදෙනවා කියලා කිව්වා. එතකොට ඒ කොඩිවිනය මගේ ඇඟ ඇතුළට ගිහින් තියෙන්නේ. කපු මහත්තයා මතුරලා කොඩිවිනය කැපුවා. ඒ ව්‍යාපාරයේ දියුණුව ඉවසාගන්න බැරුව ළඟ අසල්වැසියෙක් තමයි ඔවුනට අර දුවපු ගෑනු කෙනා හරහා කොඩිවිනය කරලා තියෙන්නේ. අද වෙනකොට ඔවුන් පෙරසේම හොඳින් ව්‍යාපාරය කරගෙන යනවා. කෙසේ වෙතත් මං එදා මගේ බඩ රිදෙනවා කියලා කිව්වේ නැත්නම් මගේ ජීවිතයට පවා හානිවෙන්න තිබුණා.

මෙලෙස කතාව ඇරැඹුවේ විරාජ් මාලිංග. ඔහු තමයි හිරු නාළිකාවේ සෑම බදාදා දිනක රාත්‍රී දහයට විකාශය වන සෙවණැලි මාලා නාටකයේ අධ්‍යක්ෂ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා සමාජයේ මිනිසුන් මුහුණ පෑ සත්‍ය සිදුවීම් ඇසුරෙන් තමයි සෙවණැලි රූගත වන්නේ. මේ වන විට ඉහළ ජනප්‍රසාදයක් ලබමින් සෙවණැලි විකාශය වෙනවා. මෙහි දක්නට ලැබෙන විරාජ්ගේ රුව දකිද්දී ඔබට යම් හුරු බවක් දැනෙන්නට පුළුවන්. එයට හේතුව වන්නේ ඔහු අධ්‍යක්ෂණයට පිවිසීමට පෙර නළුවකු ලෙස කටයුතු කිරීම.

දෙදහස් තුන වසරේදී මහේන්ද්‍ර පෙරේරාගේ ඇකඩමිය හරහා තමයි මං ක්ෂේත්‍රයට එන්නේ. රොඩ්නි විදාන පතිරණ අධ්‍යක්ෂණය කළ හිම පියළි තමයි මං රඟපෑ පළමු ටෙලි සිතුවම. අනතුරුව රුවන් මාලිගා, සිහින සිතුවම්, සුළඟ මත මොහාතක් ආදී ටෙලි නිර්මාණ රැසක රඟපෑවා. පසුකාලීනව මං නිෂ්පාදන පැත්තට යොමු වුණා. හිරු නාළිකාවේ උත්තරීතර, කවුන්ට් ඩවුන්, ටොප් ටුවෙන්ටි වැනි වැඩසටහන් නිෂ්පාදනය කරමින් සිටින විට තමයි මට සෙවණැලි මාලා නාටකය බාර දුන්නේ. එතකොට එහි කොටස් දහනමයක් විකාශය වෙලා තිබුණා. එතැන් පටන් මේ වනතෙක් එය අධ්‍යක්ෂණය කරමින් සිටිනවා.

මෙම වැඩසටහනහි නිර්මාණකරුවා වෙන්නට පෙර ඔබ ගුරුකම් මන්තර විශ්වාස කළාද? මම ඔහුට අතුරු පැනයක් යොමු කළා.

ඇත්තටම කිව්වොත් නැහැ. ඔය ගුරුකම් වැනි දේවල් මං බොරු කියලා හිතුවේ. නමුත් දැන් හිතෙනවා ඒවා සම්පූර්ණයෙන්ම ඇත්ත කියලා.

තමන්ට ගුරුකමක් කරලා කියලා විශ්වාස කරන සෑහෙන පිරිසක් විරාජ්ට කතා කරනවලු. එවිට ඔවුන් කරන්නේ විශ්වාසවන්ත කපු මහතෙක්ව එම පුද්ගලයිනට සම්බන්ධ කරන එක. එකී කතාව ප්‍රතිනිර්මාණය කිරීම දෙවනුව සිදුවෙනවා. මෙහිදී ඇතැම් විට එම සිදුවීමට අදාළ පුද්ගලයින්ම මෙහි රඟපානවලු. ඔවුන් අකැමැති නම් ආධුනික නළු නිළියන් යොදාගෙන එම චරිතය රංගනයේ යෙදෙනවා. කපු මහතුන් කුල්ල කැරකීම, කනප්පුව ආරූඪ කිරීම, කයිලවැල් පූට්ටුව ආදී සිදු කරනු සියැසින් දැකීමට විරාජ් ඇතුළු පිරිසට වරම් ලැබුණලු.

අපි එක වතාවක් ගියා රාගම පැරැණි ගෙදරකට. එහි පුංචි දරුවට නිතර මිටි මිනිසෙක් පේනවා කියලා කියනවලු. මේ හේතුවෙන් නිවැසියන් තීරණය කරලා අපට කතා කරන්න. රාගම ඉන්නවා පොඩි සීයා කියලා හොඳ කට්ටඩියෙක්. ඔහුත් එදා ආවා. ඔහු මතුරලා අලවංගුවක් විසි කළා. එය වැටුණු ස්්ථානය බලලා කිව්වා මේ ගෙදරට කොඩිවින දෙකක් කරලා තියෙනවා කියලා. අර මිටි මනුස්සයව පෙනිලත් තියෙන්නේ ඒකයි. අන්තිමේ පරණ බඩු තිබුණු කාමරයකට ඒ අදෘශ්‍යමාන බලවේගය සිර කරලා ඒ සේරම දොස් බිත්තරයකට ගත්තා. මතුරද්දී අපට ඇහෙනවා බඩු භාණ්ඩ පොළවේ ගසන ශබ්දයක්. දොස් සේරම අරගෙන කොඩි විනය කැපුවට පස්සේ අපි කාමරයට ගියා බලන්න. අර පරණ ගෘහ භාණ්ඩ ටික සේරම පෙරළලා දාලා. අපට හිතාගන්නවත් බැරි වුණා. ඔන්න තව දවසක් කැලණිය පැත්තේ ගැහැනු කෙනෙක් අපට කතා කළා. ඇය අලුතින් නිවසක් හදලා. එහි පදිංචි වෙන්නත් කළින් ඇගේ මහත්තයා අකාලයේ මැරුණලු. එම නිවෙසේ පදිංචියට ගියාට පසුව ඇයට කිසිම වගතුවක් වෙලා නැහැ. ප්‍රභාත් නමැති කපු මහත්තයකු එක්ක අපි එහෙ ගියා. නිවස හොඳින් පරික්ෂා කරලා ඔහු සාලයේ එක්තරා තැන් දෙකක් හාරන්න කිව්වා. පොළවේ සිමෙන්ති කඩලා එතැන හෑරුවා. කිව්වත් වගේම මෙන්න වලලපු කොඩිවින තියෙනවා. ඒ නිවසේම ඉදිරි නිවසක ඉන්න අය මේ නිවස හදන්නට කලින් කොඩිවින වළලා. අපිට හරියට දුකත් හිතුණා. අපේ මිනිස්සු මෙච්චර නපුරුද කියලා. ඔය වගේ ජීවිතයට වෙන කාටවත් ලබාගන්නට බැරි සිදුවීම් රැසක් සෙවණැලි හරහා අපට විඳගන්නට ලැබුණා. ඒ වගේම සමහර බොරු කපු මහත්තුරුත් එනවා ටී. වී. එකේ මූණ දාගන්න. අපි එතකොට කල්පනාවෙන් වැඩ කරලා ඔවුන්ව මඟ හරිනවා.

මෙය හුදෙක්ම මාලා නාටකයක් නෙවෙයි. එක අතකින් මෙය සමාජ සේවාවකුත් වෙනවා. අමාරුවේ වැටුණු මිනිසුන් ගණනාවක් යළි ප්‍රකෘති තත්ත්වයට එන්න අප බොහෝ සෙයින් උදව් කරලා තියෙනවා. මේ වෙලාවේ ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානි රේමෝ සිල්වා, හිරු නාළිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ධම්මික තෙන්නකෝන්, වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත, සෙවනැලි සංස්කරණ ශිල්පී හිරන්‍ය ලසිත, සහාය අධ්‍යක්ෂ වගීෂ විතාන, ප්‍රධාන කැමරා ශිල්පී චන්දන අමරසිංහ යන අයව මෙම වැඩ සටහනට දෙන සහායට තුති පිදීමටත් මා අවස්ථාවක් කර ගන්නවා.