වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ

එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ

විජිත මංජුල සිංහපෘථිවි

ආදරය වූ කලී මානව ජීවිත හා බැඳුණු අපූරු සංසිද්ධියකි. ජාතියක්, ආගමක්, කුලයක්, වර්ණයක් හෝ දේශ සිමාවක් එයට නොමැත. එමෙන්ම ආදරය සඳහා කාලයක් ද නොමැත. ඒ නිසාම සසර පුරා ආත්මයෙන් ආත්මයට පෙරුම් පුරා පැමිණ හමුවන ආදරවන්තයන් පිළිබඳව අපට ඉතිහාසය පුරාවට මෙන්ම වර්තමානයේද අසන්නටත් දකින්නටත් ලැබේ. සඳ දිය මංකඩ ප්‍රාසාංගික ටෙලි සිතුවම නිර්මාණය වූයේ එවන් වූ පදනමක් මතය. ඉරිදා දිනවල රාත්‍රී 8.35 ට ජාතික නාළිකාවෙන් දිග හැරන එය විජිත මංජුල සිංහපෘථිවිගේ අධ්‍යක්ෂණයකි. මේ ඔහුගේ දෙවැනි ටෙලි නිර්මාණකරණයයි. කලකට ඉහතදී ඉමහත් ජනප්‍රසාදයක් දිනා ගනිමින් ජාතික නාළිකාවේම විකාශය වූ සල්මල් ලන්ද විජිතගේ පළමු ටෙලි සිතුවම විය. ජාතික නාළිකාවේ නිෂ්පාදකවරයකු ලෙස සේවය කරන ඔහු සඳදිය මංකඩ ටෙලි සිතුවම ගැන කතා කිරීමට සරසවියට පැමිණි මොහොතයි මේ.

සඳ දිය මංකඩ රූපයට නැඟීමට අඩිතාලම වැටුණේ කෙසේද?

ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ සේවය කරන නිෂ්පාදකවරුන්ට කාලයෙන් කාලයට මාරුවෙන් මාරුවට ටෙලි නිිර්මාණය කිරීමට සිදු වෙනවා. මේ වාරේ මගේ. එහෙයින් කලකට ඉහත සිට මම ප්ලෑන් කරගෙන හිටියා මගේ අවස්ථාව එනකොට මෙවන් වූ නිර්මාණයක් කරන්නට ඕනෑ කියලා. මෙහි රචකයා තමයි පුෂ්පකුමාර එල්ලාවල. ඔහුගෙන් පිටපත මට ලැබුණම මට ඒකෙ රහක් දැනුණා. වෙනස්ම විදිහක කතාවක්. ඒ වගේම එය ගැමි සිරියෙන් අනූනයි. ඔබ මෙහි මුල සඳහන් කළා වගේ ආත්මීය බැඳීමකින් යුතු ආදර කතාවක්. ඒකාකාරී ටෙලි නාට්‍ය නරඹලා හෙම්බත් වූ ප්‍රේක්ෂකයාට සඳදිය මංකඩ සිසිල් වරුසාවක් වේවි කියලා මං විශ්වාස කරනවා.

ඔබේ පෙර නිර්මාණයේද ඇතුළත් වුණේ ගමක කතාවක්. ඇයි ඔබ මෙතරම් ගම හා බද්ධ වූ කතා නිර්මාණය කරන්නේ?

ගම දකින්න මිිනිස්සු ආසයිනේ. මමත් ගමක හැදිලා වැඩිලා කොළඹ ආව කෙනෙක්. මගේ හිතින් මං අනන්තවත් ගමට යනවා. අපේ බහුතරයක් එහෙමයි. ඒ සියල්ලන්ගේ හිත සුව පිණිස ගැමි සිරිය ඇති කතාවක් මං යළිත් නිර්මාණය කරන්නට හිතුවා. බලමු ඉදිරියේදී ලැබෙන ප්‍රතිචාරත් එක්ක.

ජාතික නාළිකාවේ ඉරිදා රෑ 8.35 කියලා කියන්නේ අතීතයේ පීක් ටයිම් එකක්?

ඔව්. ඉස්සර ඔය වෙලාවට ගිය ටෙලි නාට්‍ය බහුතරයක මමත් ප්‍රේක්ෂකයෙක් වුණා. ඉරිදා රෑ 8.30 වෙනකොට පවුලේ හැමෝම එකතු වුණේ රූපවාහිනියේ යන නාට්‍ය බලන්න. ඒත් මං හීනෙකින්වත් හිතුවේ නැහැ මම කවදා හරි නිර්මාණකරුවෙක් වෙලා ඒ වෙලාවටම නාට්‍යයක් කරාවි කියලා. හැබැයි මම හිතන්නේ නැහැ වර්තමානයේදී මේ වෙලාවට ජාතික නාළිකාව බලන ප්‍රේක්ෂකයාගේ අඩුවක් තියෙනවා කියලා.

නමුත් ක්‍රමයෙන් ඔය වේලාවේදී රූපවාහිනී පේ‍්‍රක්ෂකයා වෙන වෙන නාළිකා බලන්න හුරුවෙලා නොවේද?

මං හිතන්නේ ඒ ටයිම් එක තවමත් රූපවාහිනියේ පීක්. ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට හැමදාම ජාතික නාළිකාවෙන් ලබා දුන්නා. මෙවරද එසේමයි.

සතියෙන් සතිය නාට්‍ය නැරැඹිමට නොව මේ වන විට මිනිසුන් හුරුවෙලා ඉන්නේ දිනපතා නාට්‍ය නරඹන්න. එහෙව් තත්ත්වයක් මත සඳ දිය මංකඩට මොනවා වේවිද?

කුතුහලයකින් යුතු කතාවක්. ඒ වගේම බොළඳ නාට්‍යයක් නෙවෙයි. ඉතින් මං හිතනවා ප්‍රේක්ෂකයා ඊළඟ සතිය වන තෙක් සිටීවි කියලා මේකේ මොකද වෙන්නේ කියලා දැනගන්න. ඒ වාගේම සතියෙන් සතිය විකාශය වන නිසා මෙහි බෝරිං ගතියක් නෙදැනේවි. හිතන්න යමක් සඳ දිය මංකඩ තුළ තියෙනවා.

සඳ දිය මංකඩ රූගත කරන වෙලාවන්හි ඔබව අපහසුතාවයට පත් වූ අවස්ථාව මොකක්ද?

මෙහි ක්‍රිෂ් හෙන්රි නම් විදෙස් රටක නළුවා ප්‍රධාන චරිතයක් නිරූපණ කරනවා. ඔහු කියන සමහර වචන ඉංග්‍රිසිත් නෙවෙයි. සිංහලත් නෙවෙයි. ඔහුත් සමග වැඩ කළ ඒ මොහොතවල් මට අමතක වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා මම ලොකුවට අපහසුතාවයට පත් වුණේ නැහැ. හිනා ගිය එක විතරයි වුණේ.

සඳ දිය මංකඩ හි නළු නිළි පිරිවර මතක් කළොත්?

ජනක් ප්‍රේමලාල්, ක්‍රිෂ් හෙන්රි, ජගත් චමිල, ලයනල් වික්‍රම, මොරීන් චාරුණී, හිමාලි සිරිවර්ධන, අංජුලා රාජපක්ෂ, මාලි ජයවිරගේ, රොහාන් රණතුංග, රංග වීරකෝන්, ගිරිරාජ් කෞශල්‍ය, සුමනා වන්නිනායක, නෙලනි බණ්ඩාර, ඩී. බී. ගංගොඩතැන්න ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

මෙගා නාට්‍ය ගැන ඔබ දරන මතය කුමක්ද?

මගේ විරුද්ධත්වයක් නැහැ. මෙගා හොඳයි. හැබැයි ගුණාත්මක වෙන්න ඕන. ගහන්නං වාලේ නාට්‍ය කරලා ඇති වැඩක් නැහැ. මෙගා වුණත් මෙගා නොවුණත් නාට්‍ය ඇතුළේ හරයක් තිබිය යුතුමයි.

නව පරපුරේ අධ්‍යක්ෂවරයකු හැටියට නව පරපුරේ නළු නිළියන්ව ඔබ දකින්නේ කොහොමද?

අලුත් පරපුරක් සිටිය යුතුයි. ඔවුන් අතරේ ඉතාම දක්ෂයෝ ඉන්නවා. නමුත් ඔවුන්ට අවස්ථාවන් අඩුයි හැකියාව මතුපිටට ගේන්න. මගේ පෙර නිර්මාණවලදී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකුවම හඳුන්වා දුන්නා. නමුත් ඔවුන් එහෙම මාව මතක් කරනවද කියලා නම් මම දන්නේ නැහැ.

ඔබ ආයතනගතව වැඩ කරන අයෙක්. එහෙයින් ඔබට නිර්මාණකරණයේ යෙදෙන්න වෙන්නේ සීමාවක් ඇතුළේ?

මට විතරක් නෙවෙයි ලංකාව වගේ රටක නිර්මාණකරණයේ යෙදෙන බහුතරයකට සංස්කෘතිය කියන රාමුව ඇතුළේ ඉඳන් තමයි නිර්මාණකරණයේ යෙදෙන්නට වෙන්නේ. ආයතනගත වුණා කියලා මට වෙනමම නීතිරිති මාලාවක් නැහැ. මමත් යම් නිර්මාණයක් කළා. ඒක මෙහෙම කරන්න ඕනෑ. අර විදිහට කරන්න ඕනෑ කියලා මට ආයතනයෙන් කිව්වේ නැහැ. නිර්මාණකරුවකු හැටියට මං දන්නවා සීමාව කොතැනද කියලා.

ජාතික නාළිකාවේ දිගටම රැඳී සිටීමට ද ඔබ බලාපොරෙත්තු වන්නේ?

ඔව් ජාතික නාළිකාවේ වගේ තැනක රැඳී සින්නට ලැබීම මම සලකන්නේ පූජනීය දෙයක් හැටියටයි. මම ඊට සම්බන්ධ වුණේ 1996 වසරේ සිට. වසර විස්සක් මං මෙය තුළ රැඳී ඉඳලා ලබාගත් දැනුම අපමණයි. ඒ හින්දා කිසිසේත්ම අදහසක් නැහැ ජාතික නාළිකාව හැර යන්න.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

චිත්‍රපටයක් කිරීම තමයි එකම හීනය. එය මොන වගේ ආකෘතියක් තුළ නිර්මාණය කරනවාද කියලා හිතමින් තමයි මං කාලය ගත කරන්නේ. බලමු නේද?

අවසන් කොට මොනවද කියන්නට තියෙන්නේ?

මම මගෙ ගුරු පියාණන්ව මේ මොහොතේ මතක් කරන්න කැමැතියි. ඔහු තමයි විමලරත්න අධිකාරි මහත්මයා. අද ඔහු ජාතික නාළිකාවේ නාට්‍ය අංශය බාරව ක්‍රිියා කරනවා. ඔහුගෙන් ලද ගුරුහරුකම් නිසයි අද මං යම් තැනක ඉන්නේ.