වර්ෂ 2017 ක්වූ මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
කෝපි කඩේට තිස් වසරයි
තුන්වැනි පරම්පරාවේ වංශවත් අරගලය
ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්
මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ
හිරු නාළිකාවේ ‘සෙවණැලි’ තනද්දී බියකරු සිදුවීමක්
ජනතාවට හොඳ සම්මාන උලෙළක් දීලා බැනුම් අහන්න මම බය නැහැ
තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය
ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි
සමනලුන්ට එන්න කියන්න අපි මහඉලුප්පල්ලමට ගියෙමු
එයාගේ වචන සිංහලත් නෙවේ ඉංග්‍රීසිත් නෙවේ
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
ප්‍රේක්ෂක හදවත් උණුසුම් කරනා අපූර්ව ටෙලි සිත්තමක්
ජයලාල් රෝහණගේ අලුත් ම නැටුම
ටෙලි නිෂ්පාදනය ගැහැනු අපිට කොහොමද?
ආදරය ගින්දරක් 1 දා සිට
ජාතික රූපවාහිනියේ අලුත්ම විදේශීය ටෙලි නාට්‍යයක් ‘සූරිය දියණි’
යුදකාමී රැජනකගේ වීර කාව්‍යය
අපේ ඉතිහාසයේ එක් පිටුවක් 07 වැනිදා සිට සෑම ඉරු දිනකම රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට

කැළුම් පාලිත මහීරත්නගේ ටෙලි සිතුවමක්
 

යුදකාමී රැජනකගේ වීර කාව්‍යය

ඉතිහාසයේ සිදු වූ එක් දේශපාලන කුමන්ත්‍රණයක් ආරම්භ වනුයේ පොළොන්නරු සමයේය. එම ඉතිහාසය මේ සතියේ සිට ස්වාධීන රූපවාහිනිය ගෙන එයි. මිත්තා බිසව විසින් ගෙන එන කුමන්ත්‍රණයේ ප්‍රතිඵල භුක්ති විඳිනුයේ ඊළඟ පරම්පරාවයි.

මේ ක්‍රි. ව. 1130 පමණ කාලයයි. දැන් පොළොන්නරුව අගනුවර කොටගෙන වික්‍රමබාහු රජරට පාලනය බලය උසුලයි. මානාභරණ සමඟ විවාහ වූ රත්නාවලී බිසව පරාක්‍රමබාහු නමින් පුතෙක් ද මිත්තා සහ පබාවතී සහ භද්දවතී නමින් දියණියන් තිදෙනෙකු ද ජාතක කර ඇත. ඔවුන් කුඩා අවදියේම මානාභරණ මිය යයි. සුගලා බිසව සමඟ විවාහ වී සිටින සිරිවල්ලභට මානාභරණ නමින් පුතෙක් ද ලීලාවතී නමින් දියණියක් ද සිටියි. ලෝකනාතා සමඟ විවාහ වී සිටින කිත්සිරිමේඝට රූපාවති නමින් දියණියක්ද සිටී. වික්‍රමබාහුට ගජබාහු නමින් පුතෙක් සිටියි. දරුවන් කුඩා අවදියේම මානාභරණ මිය ගිය හෙයින් කුඩා පරාක්‍රමබාහු, මිත්තා, පබාවතී සහ භද්දවතී හැදෙන්නේ සුගලා බිසව සහ සිරිවල්ලභ ඇසුෙර්ය. මේ අතර සිය සොයුරු මානාභරණ මිය යෑමෙන් පසු දොලොස් දහස් රට පාලනය කළ කිත්සිරිමේඝ දක්ෂිණ දේශයේ පාලනයට සඳහා පිටව යයි. මේ නිසා සිරිවල්ලභට යාබද දොලොස් දහස් රටේ බලය ද හිමි වේ. ඒ අනුව දැන් ලංකාවේ පාලන බලය ප්‍රධාන කලාප තුනක් යටතේ සිදු වේ.

කැළුම් පාලිත මහීරත්න

පොළොන්නරුව අගනුවර කරගත් රජරට පාලනය වික්‍රමබාහුත් දක්ෂිණ දේශයේ පාලනය කිත්සිරිමේඝත් අටදහස් රටත් දොලෙස් දහස් රටත් එක්කර නැවත රෝහණ දේශය ලෙසින් ගෙන එහි පාලනය සිරිවල්ලභත් සිදු කරයි. සිරිවල්ලභ සහ කිත්සිරිමේඝගේ ඇවෑමෙන් රුහුණේ බලය සිරිවල්ලභගේ පුත් මානාභරණටත් දක්ෂිණ දේ්ශයේ බලය පරාක්‍රමබාහුටත් හිමි වේ. තම වැඩිමල් සොහොයුරිය වන භද්දවතීව පොළොන්නරුවේ රජකම් කළ වික්‍රමබාහුගේ පුත් ගජබාහුට සරණ පාවා දීමට කටයුතු කරන පරාක්‍රමබාහු අනෙක් සොහොයුරියන් දෙදෙනා මානාභරණ හා සරණ යන ලෙසට කටයුතු පිළියෙල කරයි. කිත්සිරිමේඝ සහ ලෝකනාථාට දාව උපන් රූපවතී සිය සහකාරිය කරගන්නා පරාක්‍රමබාහු එතැන් පටන් මායා රටේ පාලකයා ලෙසින් කටයුතු මෙහෙයවයි. වික්‍රමබාහුගෙන් පසු පොළොන්නරුවේ බලය ගජබාහුට හිමිවේ.

සිය යාබද රාජ්‍ය වූ පොළොන්නරුවේ බලය ලබා ගැනීමට මාන බලන පරාක්‍රමබාහු ගජබාහුට එරෙහිව යුද ප්‍රකාශ කරයි. සිදුවන්නට යන මහා සංහාරය වලක්වා ගැනීමට කටයුතු කරන සංඝරත්නය රජවරුන් තිදෙනා අතර සමගි සන්ධාන ගිවිසුමක් අත්සන් කර එය ගලක කොටයි.

මානාභරණ හා විවාහ වූ පරාක්‍රමබාහුගේ සොහොයුරියන් දෙදෙනා මානාභරණට දාව පුතුන් දෙදෙනෙක් බිහි කරයි. මිත්තා බිහි කරන දරුවා සිරිවල්ලභ ලෙසත් පබාවතී බිහි කරන දරුවා කිත්සිරිමේඝ ලෙසත් නම් කෙරේ. සුගලාගේ ආදරය යටතේ දරුවන් දෙදෙනා හොඳින් හැදේ. රෝහණ දේශයේ මිනිසුන් සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන යන සුගලා රුහුණේ වැසියන්ගේ නිදහස වෙනුවෙන් කතා කරයි. පෙනී සිටියි. කවදා හෝ පරාක්‍රමබාහුගෙන් රෝහණ දේශයට අක්‍රමණයක් එල්ල වන බව නුවණින් දකිනා ඇය ඒ සඳහා සූදානම් වීම සඳහා බලකොටු ඉදි කිරීමට මානාභරණව උනන්දු කරවයි.

මේ අතර වාරයේ හදිසියේ ගජබාහු අභාවයට පත් වේ. ඔහුගෙන් පසු පොළොන්නරුවේ රජකමට කිසිවෙක් නොසිටි බැවින් ලද අවසරයෙන් ක්‍රියාත්මක වන පරාක්‍රමබාහු දක්ෂිණ දේශයත් රජරටත් එක් කර එහි පාලකයා බවට පත් වේ. එතැන් පටන් ලංකාව තුළ තිබෙන්නේ ප්‍රධාන පාලන කලාප දෙකක් පමණි. එතැන් පටන් පරාක්‍රමබාහුට අවශ්‍ය වන්නේ ලංකාව එක කොඩියක යටතට ගැනීමටය. එහෙත් ඒ සඳහා ඔහුට ලොකුම බාධාව වී තිබෙන්නේ පාත්‍ර ධාතුන් වහන්සේත් දන්ත ධාතුන් වහන්සේත් රෝහණ දේශයේ වැඩම කර සිටීමයි. මානාභරණ රණකාමිත්වයෙන් දුබල බව දන්නා පරාක්‍රමබාහු මානාභරණට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ ඉතා පහසුවෙන් සිය අරමුණට ළංවීමේ අටියෙනි.

පරාක්‍රමබාහුගේ සේනාව සමඟ සටනට වැද සිටින මානාභරණගේ සේනාව මෙහෙය වන්නේ සූකරබානු නම් ප්‍රබල රණ ශූරයා විසින් හිටි හැටියේම ඔහු පරාක්‍රමබාහුගේ අත් අඩංගුවට පත් වේ.

මේ ක්‍රියාව ගැන හරිහැටි නොදැන සිටි සුගලා සිය මුනුපුරන් දෙදෙනා ද පරාක්‍රමබාහුට නතු වුණා යැයි සිතා සිය තීරණ ය දැඩි කරමින් පරාක්‍රමබාහුට එරෙහිව යුද්ධයට නායකත්වය දෙයි. රෝහණ දේශයේ ගම් නියම් ගම් පුරා යමින් සේනාව සංවිධානය කරන ඇය පිරිමින්ට පවා යුද පුහුණුව දෙමින් බලය තහවුරු කරයි. ගැමියන්ගෙන් සුගලාට පුදුමකාර සහයෝගයක් ලැබේ. සිය පුංචි අම්මාගේ රණකාමිත්වය ගැනත් සුගලා පිරිමි වේෂයෙන් යුද වැදීමට ඇති අපූරු හැකියාව ගැනත් කුඩා අවදියේ පටන් මනා තක්සේරුවකින් සිටි පරාක්‍රමබාහු රක්ඛ නම් සෙනවියා යටතේ සේනාවක් රෝහණ දේශයට එවන්නේ ඉතා ඉක්මනින් ධාතුන් වහන්සේ රැගෙන නැවත එන ලෙස දන්වමිනි. මහියංගනයෙන් සටන ආරම්භ කරන රක්ඛට හිතූ තරම් සටන පහසු නැති බව දැනෙන්නේ පළමු මොහොතේදීමය. සිය සේනාව සමඟ ගොස් බිඳ දමන බලකොටු වැඩි කලක් යන්න මත්තෙන් යළි ඉදිවෙනු දැක ඔහු පුදුම වේ.

ඉතිහාසය පුරා විශිෂ්ට රණකාමිණියක් ලෙස බුහුමනට පත් වන සුගලා දේවියගේ පුවත අවසන් වන්නේ කෙලෙසද?