වර්ෂ 2018 ක්වූ ජුනි 20 වැනිදා බදාදා




දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?
හතර දෙනෙක් ගැන හතර වරම් කතාවක් ඉලන්දාරියෝ
ඔබත් මමත් ඇයත්
බටහිර අහසේ අසිරිය වින්දෙමි
නිකිනියානේ ‘කැලෑහඳ’ මෝදුවන අයුරු කැන්දකැටියවත්තේ සිට බලා සිටියෙමි
පුංචි තිරය මත බටහිර අහස ඇඳි සිතුවම
මුලදී හැම තැනින්ම ප්‍රතික්ෂේප වුණා....
විසුවියස් කඳුපාමුල හැදෙන ගිනි ගත් ජීවිත අනාවරණය
තව දුරයි ජීවිතේ මා මෙතෙක් ලියූ ටෙලි නාට්‍යවලට වඩා වෙනස්
හුළං ගෙදර ලියූ ගාමිණී එස්. බණ්ඩාර
එකම පවුලක් ලෙස පෙළ ගැසී රූ ගැන්වෙන “සල් සපු නා”
මේ මමයි
‘සිරකාරි’ එක්ක හත් අවුරුද්දක්
මංගල තෑග්ගේ දෙවෙනි ගමන
මැණිකේ මම ආයේ ගෙදර එනවා
‘පත්තිනි’ හි සංගීතය භාරතීය හැඩතල සඳහා අපේ නාද රටා මුසු කළ පර්යේෂණාත්මක නිර්මාණයකි
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
හාරකෝටිය තවම ඉවර නැහැ
The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ
බහුජාතික සමාගම්වල ග්‍රහණයට යටවුණු ගමක් ගැන කියන වැහි බිත්තර
ටෙලිනාට්‍ය කලාවේ උණුසුම් පුවත්

දිරිය මිනිසකුගේ කතාව අස්වැන්න

මේ 19 වන සියවසේ අග භාගයයි. බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව ජීවත් වූ ලාංකිකයන් බහුතරයකගේ දිවි ගෙවුණේ ගොවිතැනින්ය. බුංජප්පු ද ඒ මිනිසුන් අතර එක් මිනිසකු විය. සතුටින් සොම්නසින් දිවි ගෙවූ ඔහුගේ ජීවිතයට එක්වරම නස්පැත්තියක් සිදු විය. දුක උරුම කරගත් මිනිසාට කරදර කම්කටුලු එමටය. ඔහුගේ බිරිය හදිසියේ මෙලොව හැර ගියාය. දරුවා සහ බුංජප්පු තනි විය. මරණයට හේතුව ගමේම වූ ඊර්ෂ්‍යාකාරයකුගේ හුනියමකි. වනාන්තරය සැරිසරා බලන කළ මේ රූස්ස ගස් මැද නොපෙනෙන බලවේග බොහොමයකි. බුංජප්පු එයින් මිදෙන්නට වෙර ගන්නේය. ඔහු සිය දරුවා ද රැගෙන වනගත වූයේය. ඒ තමා වටා ජීවත් වූ පිරිස් කෙරෙහි ඇති වූ කලකිරීමෙනි. වනාන්තරය සමඟ ඔට්ටු වන ඔහු එය මට්ටු කරන්නට වන මැද පැලක් සාදා දරුවා සමඟ පදිංචි විය. අවාසනාව මිනිසකු සොයා ලුහුබඳිද්දී ඉන් මිදෙන්නට මඟක් නැත. ඔහුගේ එකම දරුවා අවාසනාවන්ත ලෙසට පිඹුරකුගේ ග්‍රහණයට නතුව මරු තුළට ගියේය.

....සම්පූර්ණයෙන් කියවන්න
 

දෙයියෝ සාක්කි මේ දෙයියන්ගේ රටේ?

දෙයියන්ගේ රටේ නාට්‍ය වැටෙන්නේ සීරියස් කොමඩි ගණයට. මං මීට ප්‍රථම එහෙම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා නැහැ. මට මෙහි පිටපත ලැබෙන්නට සැලැස් වූයේ ජගත් මනුවර්ණ. ඒක ලියලා තිබුණේ චාලක රණසූරිය කියලා කෙනෙක්. මට එම පිටපත කියවද්දී මට හිතුණා පර්යේෂණාත්මක වැඩක් විදියට මේක කරන්න. ඒ වාගේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනියි කියලත් හිතුණා. නිර්මලා සිතා සිටින්නේ ඇය පැවත එන්නේ ඇහැළේපොල කුමාරිහාමි පරපුරෙන් බවය. එහෙයින් තම පෙළපතේ පම්පෝරිය ද ඉවරයක් නැත. ඇන්ටනී මිනී බෑන්ඩ් එකක හිමිකරුවෙකි. එහි ප්‍රධාන වාදකයා ද ඔහුය. පොළවේ පය ගසා ජීවත් වන යථාර්ථවාදී චරිතයක් වන ඇන්තනි ඒ හේතුවෙන්ම අකරතැබ්බයන්ට මුහුණ දෙයි. ශාන්තිිගේ ව්‍යාපාරය අමුතු එකකි. ඇගේ අතට සැලකිය යුතු මුදලක් දෙන ඕනෑම කෙනෙකුට ඇය ආචාර්ය පට්ටමක් ලබාදීමට පැකිළෙන්නේ නැත. අල්මේදා ක්‍රිකට් පුහුණුකරුවෙකි. එපමණක් නොව ක්‍රිකට් පිස්සෙකි. ඔහු සිටින්නේ ක්‍රිකට් ලෝකයකය. කතාබහ කරන්නේ ද ක්‍රිකට් පිටියේ වචනගෙනය. 

....සම්පූර්ණයෙන් කියවන්න