නාළිකා අවුරුදු සමරන හැටි...

අප්‍රේල් 8, 2021

රූපවාහිනි අවුරුදු අපේ ගමේ සිට...

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මඟින් සංවිධාන කෙරෙන 'සිරිලක පිරි අවුරුදු සිරි 2021' ජාතික බක් මහා මංගල්‍යය අප්‍රේල් 13 සහා 14 දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ නව අවුරුදු ටෙලිනාට්‍ය 'ඇල් හාලේ කිරිබත්' අප්‍රේල් 13 වෙනි අඟහරුවාදා රාත්‍රි 9ට විකාශය වේ. ඉන් අනතුරුව තරංගි අතුරලිය අධ්‍යක්ෂණය කළ අවුරුදු විශේෂාංගය ' හිරු කැන්දන නැකැත් ඇවිත්' එදින රාත්‍රි 9.30 ට විකාශය වේ.

අවුරුදු ක්‍රීඩා සහ සෙසු විශේෂාංග අප්‍රේල් 14බදදා උදෑසන 5.30 සිට දවස පුරා අපේගම පරිශ්‍රයේ සිට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. අවුරුදු චාරිත්‍ර එදින උදෑසන 5.30 සිට 9.00 දක්වා අපේ ගම ජනාධිපති මන්දිරය හා රූපවාහිනී ආලින්දය කේන්ද්‍ර කොට ගෙන සමගාමීව විකාශය වේ. පෙරවරු 9.30 සිට සවස 6.00 දක්වා අවුරුදු ක්‍රීඩා ඉදිරිපත් කෙරෙන අතර ප්‍රේක්ෂකයන්ටද සම්බන්ධ විය හැකි ඔන්ලයින් ඉසව් කිහිපයක්ද මෙහිලා හඳුන්වා දීමට නියමිතය. මෙවර 'රූ කිරුළ' අවුරුදු කුමාරි තරඟය ඇරඹෙන්නේ එදින පස්වරු 6.00ටයි. ජනප්‍රිය ගායක ශිල්පීන් සහභාගි වන 'එරබදු වැස්ස' අවුරුදු ගීතාවලිය 14 වනදා රාත්‍රි 9.30 සිට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකිවන අතර සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව ඒ සඳහා ජාතික රූපවාහිනිය සමඟ අත්වැල් බඳගනී.

 

 

ITN  සූර්යය මංගල්‍යය ගිරිතලේ වැව්තාවුල්ලේ දී...

 

ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව සංවිධානය කරන ITN  සූර්යය මංගල්‍යය අප්‍රේල් මස 13 සහ 14 දෙදින පුරා ගිරිතලේ වැව් තාවුල්ලේ සිට ගෙන එන්නට සූදානම්ලු.

අවුරුදු කුමරා-කුමරිය තේරීම, ජනකාන්ත ගී තරු පිරිවරා සූර්යය මංගල්‍යය ගී මියැසිය පැවැත්වීම, සෙල්ලම් ගෙදර අවුරුදු, ටෙලි තරු රැල්ලේ අවුරුදු, මහගෙදර අවුරුදු ආදී වශයෙන් කලා ලොවේ තරු පිරිවරා මෙදා පාර අලුත් අවුරුද්ද වෙනදාටත් වඩා වෙනස්ම ආකාරයෙන් ආදරණීය ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න මේ වන විටත් කටයුතු සූදානම් බවයි ස්වාධීන රූපවාහිනි සාමාන්‍යාධිකාරී- වැඩසටහන් සරත් කුමාර සරසවිය අපිට කිව්වේ.

 

සිරසින් අවුරුද්දට දියවන්නාවේ...

 

හැමදාම වගේ මේ පාරත් සිරස ටී වී වෙතින් අලුත් අවුරුද්දට වෙනුවෙන් ප්‍රේක්ෂක ඔබට සියලු නැකත් වේලාවන් සමඟ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න සැදී පැහැදී ඉන්නවා. දරුවන් වෙනුවෙන්ම සංවිධානය කළ 'පුංචි අපේ අවුරුද්ද' හා සිඟිති අවුරුදු කුමරා කුමරිය තේරීම වගේම රට කරන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු එකතු කරන් ' දියවන්නා සාජ්ජය' ත් අරගෙන එනවා. දියවන්නා සාජ්ජය' මෙහෙයවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර. ඒ වගේම දැවෙන මිනිසුන් නමින් ටෙලි චිත්‍රපටයක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නත් සූදානම්. 2019 වසරේ තිරගත වූ ' පානීපාත්' හින්දි චිත්‍රපටය පුංචි තිරයේ පළමු වරට දිගහැරේ. ඉන්දීය රුපියල් මිලියන 920ක මුදලක් මේ චිත්‍රපටය සඳහා වැය වී තිබෙනවා. ඒඵඩභබධඵඩ ට්ධඹචපඪඬඥප අධ්‍යක්ෂණය කරන ලද මෙහි අර්ජුන් කපූර්, සංජය දත්, ක්‍රිටි සැනොන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

 

දෙරණ තරු පිරිවරා...

 

ටී වී දෙරණ මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රසවත් වැඩසටහන් රාශියක් තිළිණ කෙරෙනවා. මේ සියලුම වැඩසටහන් ඔබ වෙත ගෙන එන්නේ සමාජ දුරස්ථීකරණ සහ නිරෝධායන රීතීන් උපරිමයෙන් ආරක්ෂා කරමින්. 'දෙරණ කලා ගමේ අවුරුද්ද' යනු කලා ලෝකයේ සියලුම කලාකරුවන් ඒකරාශී කරගෙන සිදුකරන ඉතාමත් රසබර වූ විනෝදජනක ක්‍රීඩා ඇතුළත් කලාකරුවන්ගේ අවුරුදු උත්සවයකි. 2007 සිට අඛණ්ඩව ටී වී දෙරණින් මෙම කලා මංගල්ලය ගෙන එනවා. මෙලෙස කලාකරුවන් ඒකරාශි කරගෙන අවුරුදු ක්‍රීඩා පවත්වන වැඩසටහනක් ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ගෙන ආවේ ටී වී දෙරණින්. මෙම නිර්මාණශීලී අදහස අද වනවිට ඉතාමත් ජනප්‍රියත්වය ට පත්වී තිබෙනවා. දෙරණ කලාගමේ අවුරුදු වැඩසටහන අවුරුදු ක්‍රීඩාවලින් සහ සංස්කෘතිකාංග වලින් අන්තර්ගතයි. මෙවර මෙම සංස්කෘතිකාංග තුළින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සහ නවක ජනප්‍රිය කලාකරුවන්ගේ අපූරු සුසංයෝගයන් දැකගත හැකයි.

දෙරණ අවුරුදු කුමරා සහ කුමරිය වැඩසටහනින් දිවයිනේ නන් දෙසින් යොමුකරන ලද අයදුම්පත් දස දහස් ගණනක් අතරින් අවසන් වශයෙන් අවුරුදු කුමරුන් 12 දෙනෙකු සහ අවුරුදු කුමරියන් 12 දෙනෙකු තේරී පත්වූ අතර කඩවසම්ම සහ පෞරුෂයෙන් හෙබි කුමරුන් සහ රූසපුවෙන් අගතැන්පත් කුමරියන් ජයග්‍රාහිකාවන් බවට පත්වුණා.

ටී වී දෙරණින්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කරන ලද සිගිති අවුරුදු කුමරා සහ කුමරිය වෙනස්ම ආකාරයකින් මෙවරත් ගෙන ඒමට කටයුතු සිදු කර තිබෙනවා. අයදුම්පත් විශාල ප්‍රමාණයක් අතරින් සිගිති කුමරියන් 12 දෙනෙකු සහ කුමරුන් 12 දෙනෙකු අවසන් වටයට තෝරාපත් කරගනු ලැබුවේ වට කීපයකින් සිදුකරන ලද ර්‍ණදතඪදඥ පරීක්ෂණ වලින්. ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් සහ සුරතල් කතාබහ තුළින් මෙවරත් දෙරණ සිගිති අවුරුදුකුමරා සහ කුමරිය විචිත්‍රවත් අන්දමින් ඔබවෙත තිළිණ කරයි.

ජනප්‍රිය කලාකරුවන් යුවළ දහයක් සහභාගී කරවා ගනිමින් දෙරණ තරුවරණය මෙවරත් පැවැත්වේ. මෙවර 'තරුවරණය' ප්‍රහසන තේමාවක් පාදක කරගනිමින්, ජනප්‍රිය රංගන ශිල්පීන් වන විශ්ව ලංකා,දෙනුවන් සේනාධි, පියුමි බොතේජු, දනුෂ්කා ඉරෝෂිනි වැනි ශිල්පීන්ගේ දායකත්වයෙන් ආකර්ෂණීය අන්දමින් තරු අතර සුරූපි තාරකාව සහ කඩවසම්ම තරුව තෝරාපත් කරගනු ලැබේ.

අදියර 09ක දෙරණ ඩ්‍රීම්ස්ටාර් සිහින තරු එක්කාසු කරගනිමින් 'සිහින තරු උදානය' අවුරුදු උලෙළ පැවැත්වූයේ කළුතර රිච්මන් කාසල් හී.

අදියර හයක් සම්පූර්ණ කළ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වැඩසටහනෙන් කළඑළි දුටු නර්තන ශිල්පීන් සහ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලඑළි මංගල්‍යය දෙරණ ලිට්ල්ස්ටාර් වසර 10ක් තුළ බිහිවු පුංචි තරු එක්කාසුවී දෙරණ අවුරුදු රඟ සුවිශේෂි වැඩසටහනෙන් අවුරුදු අසිරියේ නර්තනයන් ඉදිරිපත් කරයි. වසර කිහිපයක් දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් සහ ඔවුන්ගේ සහකරුවන් එක්කාසු කරගනිමින් විනෝදාත්මක වූත්, ආනන්දනීය වූත් වැඩසටහනක් වන අවුරුදු විත් ස්ටාර්ස් වැඩසටහන මෙවරත් ආකර්ෂණීය අන්දමින් ගෙන එනු ලැබනවා.

දෙරණ අවුරුදු පැදුර වැඩසටහන මෙවර ගෙන එන්නේ මේරියන්ස් සමඟිනි. එය ප්‍රේක්ෂකයින්ට වෙනස්ම අද්දැකීම් වේ.

අවුරුදු කෑම විශේෂ වැඩසටහනක් දෙරණ අපේ හැඩය වැඩසටහනින් ගෙන ආවාය. ලක්ෂ්මි ලොරෙන්සෝ හේවා සහ රසාදරී මුණසිංහ සුසංයෝගයෙන් රසවත් අවුරුදු කෑම සාදාගන්නා ආකාරය සහ මෙම වැඩසටහනින් සාම්ප්‍රදායිකත්වය මුසුවූ නිර්මාණශීලී ඉහුම් පිහුම් එකතුවෙන් ද 'කුකවුට් 'වැඩසටහනින් විශේෂ අවුරුදු තිළිණයක් ගෙන එනු ලබයි.