සකර්ම ළඟදීම ස්වාධීන රූපවාහිනියෙන්...

අප්‍රේල් 1, 2021

සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ පඬරැල් නවකතාව ඇසුරෙන් ලාල් වසන්ත කරුණාරත්න රූපවාහිනියට රචනා කරන 'සකර්ම' අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දුගෙනි. චන්දන පී. ලියන ගුණවර්ධන නිෂ්පාදනයක් වන මෙහි චම්පා ශ්‍රියාණි, ප්‍රියංකර රත්නායක, කෞශල්‍යයා ප්‍රනාන්දු, උමාලි තිලකරත්න, සුබුද්ධි ලක්මාලි, තුසිත ලක්නාත්, පබෝදා සංදීපනී, සූර්යයා දයාරුවන්, අනුරාධා එදිරිසිංහ, නෙතලි නනායක්කාර, ශිරන්ත ප්‍රේමවර්ධන, ජෙහාන් අප්පුහාමි, තරිෂ තෙන්නකෝන්, පූජන දන්දෙණිය, ශ්‍රීමාලි ෆොන්සේකා, පවිත්‍රා වික්‍රමසිංහ, පහන්දි නෙතාරා සුදර්ශන ක්‍රිශාන්ත, අනිල් ජයසිංහ, ජයතිස්ස අතුලසිරි, යොහන්සා රිතිනි යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙති. දේශජ ආරක ලාංකික පොළොව ස්පර්ශ කරන්නා වූ සමාජ ආර්ථික දේශපාලනික වේදිකාව මත හිටගත්තා වූ මිනිසුන් හා ගැහැනුන්ගේ ස්වාර්ථ සාදනය විසින් පොලොඹවන ලද්දාවූ පරපීඩන කාමය නම් යථාර්ථය යළි යළිත් පසක් කරලීම උදෙසාද, වත්මන් රූපවාහිනී ප්‍රේක්ෂකයාට ඉවසීමෙන් විදිය හැකි භාවාතිශය කතාවක රූප පෙළපාලියක් සකස්කොට අතීතකාමයෙන් ඔද වැඩුණු ප්‍රේක්ෂකයා නැවත වරක් රූපවාහිනි තිරය ඉදිරියේ අසුන් ගැන්වීම පරමාර්ථය කරගනිමින් සකස් වන්නකි. මේ අරමුණ ඔස්සේ දිග හැරෙන සකර්ම ළඟදීම ස්වාධීන රූපවාහිනීය ඔස්සේ ප්‍රේක්ෂක ඔබට සමීප කරන්නට සූදානම් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සරසවියට පැවසුවේ.


චරණ චිත්‍රපට පෙළට මේ සතියේ එක්වන චිත්‍රපට...

චරණ බම වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්‍රපටයක අත්දැකීම විදගන්නට ප්‍රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතියේ සෑම දිනකම විකාශය කෙරෙන අතර සතියේ දිනවල දහවල් එකටත්, සතිඅන්තයේ දහවල් දොළහට හා සෙනසුරාදාට දහවල් දොළහට හා රාත්‍රී නවයට චිත්‍රපට දෙකක්. චරණ මේ සතියේ චිත්‍රපට පෙළගැස්ම මෙසේයි. අද දහවල් එකට දිගහැරෙන්නේ 2018 වර්ෂයේ තිරගත වූ මෙස්සෙයාටු මලයාලම් චිත්‍රපටයයි. තිර රචනය හා අධ්‍යක්ෂණය කේ.පි. සුවීරන් වන මෙහි නිෂ්පාදනය ඵනඥතතඡධභදඤ ටඪතථඵ ධ්දජ. සංගීතය ගෝපි සුන්දර්ගෙනි. අපර්නා ගෝපීනාත්, මනෝජ් කේ. ජායන්, ශාන්ති ක්‍රිෂ්ණා, නිකේෂ් රාම් මෙහි චරිත නිරූපණය කරති.

අප්‍රේල් 02 වෙනිදා සිකුරාදා
ඔක්ක කශ්නම්- 2017 (තෙළිඟු)
අප්‍රේල් 03 වෙනිදා සෙනසුරාදා දහවල් 12.00ට
ශිබූ 2019 (මලයාලම්)
අප්‍රේල් 03 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 9.00ට
ද ගැම්බ්ලර් 2019 (මලයාලම්)
අප්‍රේල් 04 වෙනිදා ඉරිදා
පට්ටභිරාමන් 2019 (මලයාලම්)
අප්‍රේල් 05 වෙනිදා සඳුදා
අරවින්ද සමිත වීරා රාගව 2018 (තෙළිඟු)
අප්‍රේල් 06 වෙනිදා අඟහරුවාදා
ආකාශ ගංඟා 2 - 2019 (මලයාලම්)
අප්‍රේල් 07 වෙනිදා බදාදා
ජානූ 2020 (තෙළිඟු)
 
 තිළිණි රාජපතිරණ