රෝහණ සමරදිවාකරගේ අක්කරගල රූගත කෙරේ

අප්‍රේල් 1, 2021

රෝහණ සමරදිවාකරගේ නවතම ටෙලි සිත්තම ' අක්කරගල' මේ දිනවල රූගත කිරීම් ආරම්භ කරලා කියලා සරසවිය අපිට දැනගන්න ලබුණා. ගැමි පරිසරය පාදකකොට ගනිමින් නිර්මාණය වන මේ ටෙලිසිත්තම වෙනස්ම විදිහේ කතාවක්. සිය නැගණියගේ ඇස් දෙක තමන්ගේ අතින්ම අහිමි වෙන සහෝදරියක් කැලේට ගොස් හේන් ගොවිතැන් කරලා ඖෂධ සකස්කර කොහොමහරි සිය නැඟනිය සුවපත් කරගන්න අක්කා කෙනෙක්ගේ කතාව. ලලිත් වසන්ත එදිරිසිංහ නිෂ්පාදනයක් වන මෙහි පිටපත සුනෙත් වර්ණකුළසූරියගෙනි. කැමරාකරණය නිෂාන් හසිතද සංගීතය සමන් ලෙනින්ද සිදු කරයි.මාදනී මල්වත්ත, සරත් චන්ද්‍රසිරි, ප්‍රසන්නජිත් අබේසූරිය, රුවන් පෙරේරා, ඉමා වීරසූරිය, තිළිණි ජයමාන්න, පවිත්‍රා වික්‍රමසිංහ යන නළු නිළියන් අක්කරගල රංගනයෙන් හැඩ කරති.