සුමති සම්මාන හෙට වෝටර්ස් එජ්හිදී නාම යෝජනා මෙන්න

මාර්තු 25, 2021

ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාව ඇගයීම සඳහා පමණක් නොව රූපවාහිනී ක්ෂේත්‍රයේ නියැලෙන සෑම නිර්මාණකරුවෙක්ම තමන්ගේ නිර්මාණ උදෙසා ඇගයීම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින සුමති සම්මාන උළෙල විසිපස්වන වරටත් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව එහි ප්‍රකාශකයෙකුසඳහන් කළේය. සම්මාන උළෙල 2021 මාර්තු මස 26 වන සිකුරාදා දින එනම් හෙට පස්වරු 7.00 සිටවෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. ගෝලීය වසංගත තත්වය හේතුවෙන් පනවා තිබූසෞඛ්‍ය නීතී රීතී අනූව 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මාන උළෙල කල් දැමීමටසිදු වුණත් එම වසරේ නිර්මාණ ඇගයීමට ලක් කිරීමට සුමති සම්මාන කමිටුව තීරණය කරඇත.

සම්මාන උළෙලේදී රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම තිරයේ දිග හැරෙන සියලු නිර්මාණයන් සාර්ථක නිර්මාණයන් බවටපත් කිරීමට තිරය පිටුපස සිටිමින් මහඟු දායකත්වයක් ලබා දෙන කැමරාකරණය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය, වේශ නිරූපනය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂණය, වාර්තාකරණය, ගවේෂශීලී වාර්තාකරණය, රූපවාහිනී නිවේදක, වෙළඳ දැන්වීම් යන පුළුල් පරාසයන් ඔස්සේ සම්මාන වර්ග 60කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණයන්හිගුණාත්මකබව අගයමින් පිරිනමනු ලබයි.

සම්මාන පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකාවල 2019 ජනවාරී මස 01දා සිට දෙසැම්බර් 31 දක්වාවිකාශය වූ ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලි නාට්‍යයන්ද විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ වැඩසටහන්ද නැරඹූ උසස්කලා රසඥතාවයෙන් හා සෞන්දර්යාත්මක හා තාක්ෂණික ඥානයෙන් පිරිපුන් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මානය පිළිබඳ තීරණය කරන ලද බව සංවිධානය පවසයි.



හොඳම ටෙලි නාට්‍ය (ප්‍රසංගික)
අඩෝ - කපිල නවරත්න
(සිරස රූපවාහිනිය)
වීරයා ගෙදර ඇවිත් -
ආනන්ද අබේනායක /
ෆාහිම් මවුජූඩ්
(ජාතික රූපවාහිනිය)
සුදු ඇඳගෙන කළු ඇවිදින් - මංජුල කැකුලාවල / ධනුෂ්ක කරුණාතිලක / නඳුනි රොස්මරි (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය (ඒකාංගික)
පවිත්‍රානිගේ ප්‍රේමය - අතුල පීරිස් (ජාතික රූපවාහිනිය)
හෘද සාක්ෂිය - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)
අපරාරම්භ - සන්තුස ලියනගේ (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ආනන්ද අබේනායක - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය))
සුපුන් රත්නායක - අඩෝ
(සිරස රූපවාහිනිය)
සුනිල් කොස්තා - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර - (චාමර කුලරත්න) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
ආනන්ද කුමාරඋන්නැහේ - (විල්සන්) සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
දසුන් පතිරණ - (අරවින්ද) අඩෝ (සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය නිළිය
උමයංගනා වික්‍රමසිංහ - (සුභා) සුදු ඇඳගෙන කළු ඇවිදින්
(ජාතික රූපවාහිනිය)
සමනලී ෆොන්සේකා - (ඩෝරා) අඩෝ (සිරස රූපවාහිනිය)
ජයනි සේනානායක - (නිලන්ති) වීරයා ගෙදර ඇවිත්
(ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා
සරත් කරුණාරත්න - (රුක්ෂාන්) හුස්ම වැටෙන මල්
(ස්වාධීන රූපවාහිනිය)
සුරාජ් මාපා - (විජිත) අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)
කළණ ගුණසේකර - (සඳුන්) අඩෝ (සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය
තිසුරි යුවනිකා - (ඊෂානි) හුස්ම වැටන මල් (ස්වාධීන රූපවාහිනිය)
රම්‍යා වනිගසේකර
(සියුමල්ගේ ආච්චි) හුස්ම වැටන මල්
(ස්වාධීන රූපවාහිනිය)
චාන්දනී සෙනෙවිරත්න -(මල්කාන්ති) වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
චමීර ලියනගේ (රමේෂ්) - වෙස් (ස්වර්ණවාහිනිය)
දුලාන් ලියනගේ (පැංචා) - සුදු ඇඳගෙන කළු ඇවිදින්
(ජාතික රූපාහිනිය)
සංජය මුරමුදලි (සඳරා) - අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)

වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
චන්දිමා කරුණාදාස (ලවන්තියා) - අවසන් හුස්ම තෙක්
(ස්වාධීන රූපවාහිනිය)
මිෂෙල් දිල්හාරා (අයෝමා) - සුදු ඇඳගෙන කළු ඇවිදින්
(ජාතික රූපවාහිනිය
මනීෂා චංචලා - (මධුරි) අමුතු රසිකයා - (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය
තුසිත අනුරාධ - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
සිසිකිරණ පරණවිතාන - සුදු ඇඳගෙන කලු ඇවිදින්
(ජාතික රූපවාහිනිය)
තිසර තුල්වන් - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය
ජගත් වීරතුංග - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
ශාන් අල්විස් - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)
අනූෂ සංජීව ජයවර්ධන - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ
පියතිස්ස අකුරම්බොඩ - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
පියතිස්ස අකුරම්බොඩ - රන් බැඳී මිනිස්සු (ස්වර්ණවාහිනිය)
සරත්චන්ද්‍ර ජයවීර - රාවණා (දෙරණ රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය තිර රචක
නාමල් ජයසිංහ - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
සුපුන් රත්නායක - අඩෝ
(සිරස රූපවාහිනිය)
සුනිල් කොස්තා - සුදු ඇඳගෙන කළු ඇවිදින් (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
ලහිරු මාඩිවිල - අවසන් හුස්ම තෙක් (ස්වාධීන රූපවාහිනිය)
ගයාන් ගණකධාර - වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
කපිල පූගලආරච්චි - අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය
රසික සුරවීරආරච්චි - “ජනපද කළණි ඉඳුවර මන රූ සොඳනා” - අවසන් හුස්ම තෙක්
(ස්වාධීන රූපවාහිනිය)
මණ්ඩික සංජිත දිල්පහන් - දෙරණ සරණ සුබ සිරි මංගලසිරි - රාවණා (දෙරණ රූපවාහිනිය)
ධම්මික තිසේරා - “මුරුගසන් වැහි කෝඩ බිඳුණා” -හේලංකඩ
(සිරස රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍ය ගායනය
ලහිරු මාඩිවිල / මේඛලා සුබසිංහ - “මේ රම්‍ය වූ ප්‍රේමයේ සරන්නේ” - අවසන් හුස්ම තෙක්
(ස්වාධීන රූපවාහිනිය)
දුමාල් වර්ණකුලසූරිය -
“අරුමැසි ආදරේ” - සක්කාරං
(සිරස රූපවාහිනිය)
රයිනි චාරුකා - “මහා කතරක ඉතින් ඉඳහිට” - ක්ලික් (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය රචනය
බුවනෙක රණවක -
රාවණා (දෙරණ රූපවාහිනිය)
ප්‍රේමලාල් ලියනගේ -
රන් බැඳී මිනිස්සු (ස්වර්ණවාහිනිය)
ප්‍රියංක තිලක් රත්නායක - සක්කාරං (සිරස රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය කාලීන වැඩසටහන
රූපාන්තර - කොළඹ වායු දූෂණය - ජීවන් ලියනගේ (ශ්‍රද්ධා රූපවාහිනිය)
විල්පත්තු වාදය -
ඒ.ඩබ්ලිව්. වරුණ ලක්මාල්
(ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
Art 4 U -
චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න
(ස්වාධීන රූපවාහිනිය)
රටා - විරාජ් ධර්මදාස
(ජාතික රූපවාහිනිය)
Now showing – ඉනෝකා ප්‍රේමවර්ධන (සිරස රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන
රඟන රාග - සුමිත් සී දිසානායක (ජාතික රූපවාහිනිය)
Acoustica Unlimited- ජනජීව වේහැල්ල (ස්වාධීන රූපවාහිනිය)
බොදු සිසිල - සුමිත් සී දිසානායක (ජාතික රූපවාහිනිය

හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන
වුල්ෆ් නොකී බැද්දේගම -
නාමල් ප්‍රසන්න
(ජාතික රූපවාහිනිය)
දැහැම් මගට පාර කියන විහාර සිතුවම් - අමිත් ප්‍රියන්ජන්
(ශ්‍රද්ධා රූපවාහිනිය)
අසිරිමත් හෝර්ටන් තැන්න -
පූජිත දිසානායක
(ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ළමා වැඩසටහන
සතුටු වෙන්න එන්න යාළුවේ - උදාන්ත කමල් ගුණතිලක
(ජාතික රූපවාහිනිය)
කුරුල්ලන්ට ගී - මාලතී වීරසිංහ (ජාතික රූපවාහිනිය)
පුංචි අපේ ලෝකය -
තුසිත විදානපතිරණ
(ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
ජාතික පාසැල - විද්‍යාව නිලූෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
Knowledge First - Safty First  - ජානක සුජීව ජයකොඩි (ජාතික රූපවාහිනිය)
හෙට රට - සමිත් රංගික බස්නායක (සිරස රූපවාහිනිය)

හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන
Beyond the Boundary - යෙනුක දසනායක
(ජාතික රූපවාහිනිය)
13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ 2019 - කුෂාන් ඉන්දික
(අයි නාලිකාව)
ගජබා සුපර් ක්‍රොස් 2019 -
සම්පත් සී පෙරේරා (අයි නාලිකාව)

හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන
වැවක් වගේ කතක් - සන්ධ්‍යා විතානවසම් (ජාතික රූපවාහිනිය)
2 දිවිය දිනන බිසෝවරුන් -
අමිත් ප්‍රියන්ජන්
(ශ්‍රද්ධා රූපවාහිනිය)