වර්ෂ 2021 ක්වූ April 18 වැනිදා Sunday
ජගත් මනුවර්ණ ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට

ජගත් මනුවර්ණ ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට පිවිසෙමින් නිර්මාණය කරනු ලබන කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණ. ඈත පිටිසර ගමකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටා මෙම ටෙලි නාට්‍ය ගලා යයි.
කොඩි ගහ යට නිෂ්පාදනය කරමින් දේශමාන්‍ය අනිල් බණ්ඩාර ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිශ්පාදනයට පිවිසෙයි. කොඩි ගහ යට 3 win forceසමාගමෙහි පළමුවන නිෂ්පාදනයයි.
දිල්හානි ඒකනායක, සේවියර් කණිෂ්ක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, කළණ ගුණසේකර කොඩි ගහ යට චරිත මවති.
සම අධ්‍යක්ෂණය ලසන්ත ප්‍රැන්සිස් ද තිර රචනය අරුණ ප්‍රේමරත්න ද කැමරාකරණය චින්තක සෝමකීර්ති ද සහය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න ද සංගීතය විහඟ විජේසේකර ද දායකවන කොඩි ගහ යට වේෂ නිරූපණය නාරද ධනංජි තොටගමුව විසිනි.
සංඛ මල්වත්ත ගේ සංස්කරණයෙන් හැඩවන කොඩි ගහ යට කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ විසිනි.
කොඩි ගහ යට නිෂ්පාදන කළමනාකරණය රාජා රණසිංහගෙනි.
කොඩි ගහ යට ප්‍රචාරණ සැලසුම් red pen event විසිනි.