ගෙදරින් යනවිට නැති දත් පාසලෙන් එනවිට ඇවිත් ඉස්කෝලේ හදද්දී අපූරු සිදුවීමක්

මාර්තු 18, 2021

 

විදේශීය ටෙලිනාට්‍ය ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තක තිබු කාලයක ඒ ඒකාධිකාරය බිඳ දමමින් ස්වදේශීය ටෙලිනාට්‍ය ලාංකේය ප්‍රේක්ෂකයාගේ හදවතට සමීප කරමින් ඒවා ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ඉහළට ඔසවා තබන්නට දෙරණ ට හැකිවිය. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ද එයමය. ඹ්ර්අඕ දත්ත වාර්තා අනූව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍ය බවට දෙරණෙහි විකාශය වන දෙවෙනි ඉනිම පත්වන්නේ උඩ කී කරුණ සනාථ කරමිනි. එවන් වෙනස්කම් වෙනස්වීම් සමඟින් ප්‍රේක්ෂක හදවත් ඇදබැඳ තබා ගත් දෙරණ මේ දිනවල ඔවුන්ගේ නවතම ටෙලි නිර්මාණය වන ' ඉස්කෝලේ' මේ වන විටත් ප්‍රේක්ෂක ඔබට තිළිණ කළ අවසන්ය. සතියේ දිනවල රාත්‍රි 7.30 ට එම දෙරණ එක්ක එකතුවෙන ඔබට මේ නව නිර්මාණය ‍රසවිඳීන්නට හැකියි. කණඩායමක් විදිහට එකට එකතු වී ගොඩනඟන මේ අලුත් නිර්මාණය පිළිබඳවත්, එය නිර්මාණය කළ ආකාරය පිළිබඳවත්, නිර්මාණයේ මුලසුන හොබවන දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේත් මෙහි අධ්‍යක්ෂ දිලූක ගුණතිලකත් සමඟ කතා කරන්නට අපි සිතුවෙමු. ඒ අනුව මුලින්ම මා හැරුණේ ලක්සිරි වික්‍රමගේ වෙතට.

කාගෙද මේ අදහස?

මේක අපේම නිර්මාණයක්. අපි නිර්මාණ කරන විදිහ වෙනස්. මේ අදහස මගේ වුණත් කතාව ගොඩනඟන්නේ අපි කණඩායමක් විදිහටයි. ඉන් අනතුරුව සමන් එදිරිමුණිට මෙහි පිටපත රචනා කරන්න දුන්නා. කතාවේ දළ සටහන සිද්ධි දාමය නිර්මාණය කළ පසුව සමන්ට හොඳ හැකියාවක් තියෙනවා සංවේදී තැන් හඳුනා ගැනීමට. ඒ වගේම දිලූකව මෙය අධ්‍යක්ෂණයට යොදා ගත්තා. කණඩායමක් විදිහට අපි එකතුවෙලා තමයි මේ සියලු දේ සැලසුම් කරන්නේ. ලංකාවේ තිබෙන රටාවට අනූව අපිට ගෙනත් දෙන නිර්මාණ විකාශය කිරීම කරන්න බලාපොරොත්තුවක් නෑ.

 

ඒ කියන්නේ ඉස්සරහට දෙරණ වෙනත් අයගේ නිර්මාණ විකාශය කරන්නේ නැද්ද?

ගන්නෙම නැත්තේ නෑ.

ඉතාම අතළොස්සක් තමයි ඒ විදිහට භාර ගන්නේ. නමුත් නිවැරැදි ක්‍රයම මේක. ලෝකයේ ටෙලි නිර්මාණ කරන්නේ කොහොමද ඒ ආකරයට නිර්මාණ බිහි කරන්නයි අපේ වෑයම.

 

දෙරණ මේ ළමයින්ගේ දඟවැඩ පෙන්නලා දරුවෝ නරක් කරනවා කියන චෝදනාව ආවොත්?

( සිනා සෙමින්) දඟකාරකම්වලින් මුදවලා යහමඟට ගන්න නම් මුලින්ම දඟවැඩ මොනවද කියලා පෙන්නන්න එපැයි. අපි ටෙලිනාට්‍ය කරන්නේ රටේ බහුතර ප්‍රේක්ෂකයාට මිසක් සුළුතරයක් වූ විචාරකයන්ට විවේචකයන්ට නොවේ. එහෙම කළොත් කර්මාන්තයක් ලෙස පවතින්න අමාරුයි.

 

දෙරණ කරන හැම නිර්මාණයකම වගේ රියැලිටි වැඩසටහන් හරහා දෙරණ හොයාගත් පිරිස තමයි දකින්න ලැබෙන්නේ?

මේවා දිනපතා විකාශය වන නාට්‍ය. ඉතින් මේ නාට්‍යයට දිගටම සහභාගී විය හැකි අය තෝරාගැනීමට අවශ්‍යයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අප සමඟ දිගටම සම්බන්ධ විය හැකි පිරිස යොදාගන්න. මේ අයව නිකන් දාන්නේ නෑ. හැකියාව තියෙන අය හඳුනාගෙන පුහුණුවක් ලබා දීලා තමයි රංගනයට යොදා ගන්නේ. එය ලෝකයේ ටෙලිවිෂන් කරන ක්‍රමය. ගොඩක් නළු නිළියෝ බැඳිලා ඉන්නේ නාළිකා එක්ක. නළුවා හෝ නිළිය අදක්ෂයි නම් ප්‍රේක්ෂකයා ඒ නාට්‍ය ප්‍රතික්ෂේප කරනවා. ඒ චරිතය එක්ක ප්‍රේක්ෂකයා සතුටු වීම හෝ දුක් වීම සිදු කරන්නේ නෑ. නළුවෙක් නොවේ නම් එතැන තිබෙන්නේ පෙනී සිටීම. පිනී සිටියාට පමණක් ප්‍රේක්ෂකයා නාට්‍ය බලන්නේ නෑ. අපි ආධුනියකයින්ට තැන දෙනවා. එතැනදී අප දන්නා අධුනිකයිනුයි මේ ඉන්නේ.

 

මෙහි අධ්‍යක්ෂ දිලූක ගුණතිලක නිර්මාණය පිළිබඳ අපි එක්ක කතා කළේ මේ විදිහට.

 

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙක් නිර්මාණයක් කරනවට වඩා වෙනස් ආකාරයටයි ඔබ මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මොකද්ද ඔබේ අදහස?

දෙරණ ප්‍රතිපත්තියක් විදිහට යම් තීරණයකට ඇවිත් තියෙනවා තව දුරටත් අධ්‍යක්ෂවරුන්ගේ නිෂ්පාදකවරුන්ගේ කැමත්ත පරිදි නිර්මාණය වුණ ටෙලිනාට්‍ය භාරගන්නේ නෑ කියන තැනට. ඒ ආයතනයක් විදිහට හා ඒ අයගේ දැක්ම එක්ක තමයි නිර්මාණ කරන්නේ. නිර්මාණයක් කරනකොට ඒ අය හිතනවා අපි මොනවගේ නිර්මාණයක්ද ප්‍රේක්ෂකයාට ලබා දිය යුත්තේ කියලා. ඒක තීරණය කරලා ඒ පිළිබඳ යම් එකඟතාවයක් ඇතිකරගෙනයි නිර්මාණය කරන්නේ. ' ඉස්කෝලේ' එහෙම එකක්. මේ කාල වකවානුවේ දී යම් අධ්‍යයනයකින් තේරුම් ගෙන ඉන් පසුව කතාව ගොඩනඟාගෙනයි මේ නිර්මාණය කරන්නේ. ඒ අතරේ තමයි අධ්‍යක්ෂණයට මට කතා කළේ.

 

මෙය අධ්‍යක්ෂවරයා විදිහා ඔබට දනුණේ කොහොමද?

මට මේක තවත් සමීප වෙන්නේ මගෙ බරිඳ ගුරුවරියක්. ඇයත් මේ වන විට දුෂ්කර ගමක පාසලක තමයි සේවය කරන්නේ. අපිත් වසර පහක පමණ කාලයක සිට මේ අත්දැකීම් වලට මුහුණ දෙනවා. මං දැකලා තියෙනවා ඒ දුෂ්කරතාවය කොපමණද කියලා. ඒ දරුවෝ දාලා එන එක හරි පවු කියලා හිතෙනවා. ඒ අත්දැකීමත් එක්ක මට මේ නිර්මාණය තවත් මගේ කරගෙන නරන්න පුළුවන්.

 

මේ කුඩා දරුවො එක්ක වැඩ කරනවිට මතකයේ රැඳුන තැන් එහෙමත් ඇති. මතක් කරමුකෝ ඒ වගේ අවස්ථා කිහිපයක්?

ඔව් ඔව්. මුල්ම දර්ශන කීපය නෙවෙයි මුලින්ම රූගත කළේ. ඊට පසුව එන දර්ශන වාර කිහිපයක් තමයි මුළින්ම රූගත කිරීම් කළේ. මැද ටික රූ ගත කරලා මුල ටික රූගත කරන්න යනකොට එක දරුවෙක්ගේ කටේ දත් හැලිලා. (සිනාසෙමින්) හොඳම දේ කියන්නේ ඒ දර්ශනෙන් දරුවා නිවසින් එළියට යද්දි දත් නෑ. පාසලේ ඉදලා නිවසට එනකොට දත් තියෙනවා...(නැවතත් සිනාසෙමින්)

තවත් අවස්ථාවක විකාශය ආරම්භ වෙන්න සතියක් දෙකක් වගේ කාලයක් තියෙද්දි ඒ දරුවගෙම අත කැඩුණා. ඉතින් සමහර දර්ශන රූගත කළේ ඒ දරුවගෙ ප්ලාස්‍ටර් එක ගලවලා. දුවනවා වගේ දර්ශන රූ ගත කරද්දි ඇත්තටම ඒ දරුවගේ අත කැඩිලා. ඒවා ප්‍රේක්ෂකයාට නොදැනෙන ආකාරයට රූ ගත කිරීම් සිදු කළා. ඒ වගේ හරි දඟයො ටිකක් එක්ක තමයි මේ නිර්මාණය කරන්නෙ.

 

කොහොමද ඉතින් ඔය දඟයෝ ටික එක්ක මේ වැඩේ කරන්නේ?

මේ එකතුවෙලා ඉන්න බහුතරයක් දරුවන්ට කැමරාව නුහුරු නුපුරුදු දෙයක් නොවේ. මොකද මේ දරුවන් දෙරණ ඹ්ඪබබතඥ ඵබචප වගේ රියැලිටි වැඩසටහන්වලට සහභාගී වූ දරුවන්. ඔවුන්ට යම් අවබෝධයක් තිබෙනවා කැමරාව හා ඉදිරිපත් කිරීම් පිළිවඳව. අපි උත්සාහ කරන්නේ දරුවන්ට කියලා ඒ අයගේ චරිත තුළින් අපට අවශ්‍ය චරිත ගොඩනඟා ගන්නට. පිටපත තුළ චරිත ලියවිලා තියෙනවා. සිද්ධිය දරුවන්ට තේරුම් කරලා දුන්නම නිරායාසයෙන් ඒ දරුවන්ගෙන් එන රංගනය ගන්න තමයි වුවමනාව. පුංචි දරුවෝනේ ඉතින් දඟ වැඩියි. විශේෂයෙන්ම පිරිමි දරුවෝ. පොඩ්ඩක් මෙල්ල කරගන්න අමාරුයි. එහෙම වෙලාවලුත් නැතුවම නෙවේ. ඒත් ඔවුන්ගේ දඟවැඩ හරියට ඉස්මතු වෙන තරමට තමයි චරිතය හොඳීන් කෙරෙන්නේ.

 

ඒ කියන්නේ මේ පොඩ්ඩෝ දඟවැඩ් කරන තරමට දිලූකට අධ්‍යක්ෂණය පහසුයි?

ඔව් ඔව්. මේ නාට්‍යය සාර්ථක වෙනව නම් ඒ සාර්ථකත්වයට බලපාන්නේ ඒ දරුවන්ට අපි නිදහස දෙන එක. නිදහස දුන්නොත් තමයි ඔවුන් ඒ දඟවැඩ ඒ විදිහට කරන්නේ. නැතුව චරිතය මෙහෙමයි කියලා ඔවුන් ඒ තුළ හිරකරලා අපිට අවශ්‍ය දේ ඔවුන්ගෙන් ගන්න ගියොත් ඒ දරුවන් ඒක නිසියාකාරව කරන්නේ නෑ. මූලීක කතාබහේ සිටම අපි බලාපොරොත්තු වුණෙත් මේ දරුවන් තුළින්ම එන චරිතය ඉදිරිපත් කරන්නයි.

 

පවතින වසංගත තත්ත්වය එක්ක මේ පොඩි දරුවන් යොදාගෙන මේ වැඩේ කරන එක අභියෝගයක් නේද?

ගොඩක් ජනාකීර්ණ ප්‍රදේශවල නම් රූගත කිරීම් කරන්නේ නෑ. මේ පොඩි දරුවෝ උපරිමයෙන් පරිස්සමින් කරන්න වගබලා ගන්නවා. ජනාකීර්ණ නොවන නිදහස් ප්‍රදේශවලට ගිහින් තමයි රූ ගත කිරීම් කරන්නේ. ගොඩක්ම අපි මේ කතාව පරිසරය එක්කයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගෙවල් දොරවල්වලින් එළියට ගිහිල්ලා වෙල් ඉපනැල්ල, ගම, ඇළදොළ, ගමේ පාරවල්, කඩමණ්ඩිය ආදී තැන්වල දර්ශන එක්ක තමයි මේ ටෙලි නාට්‍යයේ රූපරාමූ සකස් වෙන්නේ.

 

කොහෙද රූගත කිරීම් කරන්නේ?

ප්‍රධාන නිවාස පිහිටලා තියෙන්නේ අතුරුගිරිය ප්‍රදේශයේ. පොකුණුවිට, පෝරුවදණ්ඩ, මා තොටුගල, වගේ ප්‍රදේශවලයි රූ ගත කිරීම සිදු කරන්නේ.

 

එතකොට මේ පාසල?

ඔව් විශේෂයෙන්ම මේ පාසල ගැනත් කියන්න ඕන. මේක කාලයකට කලින් වහලා දාපු පාසලක්. නැවතත් පිළිසකර කරලා නිර්මාණයට අවශ්‍ය පරිදි ගැළපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කරගෙනයි රූගත කිරීම් සිදු කරන්නේ. ඒක අපිට ලොකු වාසියක් වුණා. නැතිනම් දැනට අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන පාසලක් ගත්ත නම් මේ කාලය තුළ තිබෙන ප්‍රශ්න එක්ක රූ ගත කිරීම් කරන එක ලොකු අභියෝගයක් වෙනවා.

 

' ඉස්කෝලේ' ඉස්සරහට වෙන වෙනස්කම් මොනවගේද? පුංචි ඉඟියක් දෙන්න පුළුවන්ද?

ගොඩක් නාට්‍ය දෙබස් පදනම් කරගෙන යන ටෙලි නාට්‍ය තමයි නිර්මාණය වුණේ. නමුත් දෙරණ ටෙලි නාට්‍ය එහෙම නෙවෙයි. ගීත තියෙනවා. ඒවා ඇතුළේ නැටුම් තියෙනවා. මේ වගේ විවිධ වෙනස්කම් අපේ ඉස්කෝලෙනුත් ඉස්සරහට දකින්න පුළුවන්.