‘පංචායුධ’ අද ස්වාධීන රූපවාහිනියේ

ජනවාරි 28, 2021

ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂණය කරන පෝ දින ටෙලි චිත්‍රපට මාලාවේ සිව්වැන්න මේ මස 28 වැනිදාට යෙදෙන පොහෝදා එනම් අද දින දහවල් 1.00ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වේ. පංචායුධ ලෙසට නම තබා ඇති එහි කලණ ගුණසේකර, වොල්ගා කල්පනී, අයේෂා මදුශානි, ගයාන් දර්ශන විතාන රංගනයෙන් දායක වෙති. රූපවාහිනී රචනය තනූජාවී විජේවික්‍රමගෙනි. ගයාන් මහගලගේ සහය අධ්‍යක්ෂවරයාය. ලලිඳු ජයකොඩි සංස්කරණයෙන්ද, චානක සෝමකීර්ති කැමරාකරණයෙන්ද, සඳුන් විමලරත්න අංග රචනයෙන්ද, චතුර ජයරුවන් සහ ප්‍රභාත් මදුසංක කලා අධ්‍යක්ෂනයෙන්ද මෙයට දායකවී තිබේ. ප්‍රියාන් රංදික නිෂ්පාදන කළමනාකරුය, තිවංක රත්නපාල සහය කැමරාකරණයෙන්ද, පැතුම් මදුසංක ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය පටිගත කිරීමෙන්ද ඉෂාන් ජයතිලක සහය පටිගතකිරීමෙන්ද, මංජුල ගයාන්, නුවන් සමීර, පහන් රූබසිංහ ආලෝකකරණයෙන්ද පංචායුධ සඳහා එකතු විය. මෙම ටෙලි චිත්‍රපටය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදනයකි.