වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
සිවගුරුනාදන් නාඩගම්කාරයෝ අරඹයි

ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ නවතම ටෙලි සිතුවම නාඩගම්කාරයෝහි මුහුරත් උලෙළ ඉකුත් දා කිරිඳීවැල පිහිටි එම ටෙලි නාට්‍යයේ ප්‍රධාන දර්ශන තලයේදී පැවැත් විණ. එහි රූපගත කිරීම් මේ දිනවල දී සිදු වෙමින් පවතියි. සජිත අනුත්තර සහ සෙනාලි ෆොන්සේකා නාඩගම්කාරයෝ ටෙලි සිතුවමෙහි ප්‍රධාන චරිත රංගනයේ යෙදෙති. ගිරිරාජ් කෞෂල්‍ය, හෂිනිකා කරලියද්ද, මීනා කුමාරි, ප්‍රසන්නජිත් අබේසූරිය, සංගීත් ප්‍රභූ, විරාජ් දනුෂ, රහල් බුලත්සිංහල, ෂාරද් චන්දුම, කෝකිල පවන්, මදුෂානි පෙරේරා සෙසු නළු නිළියෝය. නාඩගම්කාරයෝ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ රූපවාහිනී රචනයකි, ප්‍රභාත් දර්ශන කැමරා අධ්‍යක්ෂවරයාය,අංගරචනයෙන් වාසනා බන්ඩාර දායකවේ, මනෝජ් වික්‍රමසිංහගේ කලා අධ්‍යක්ෂණයකි.
සහාය අධ්‍යක්ෂණය ජයන්ත අබේරත්නගෙනි, චින්ත ශ්‍රීමාල් නිෂ්පාදන කළමනාකරුය.
සංස්කරණය තිවංක උඩගෙදරගෙනි, තරුපති මුණසිංහ ටෙලි නාට්‍ය සංගීතවත් කරයි. නාඩගම් කාරයෝ චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයකි. හාර කෝටිය කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, අමුතු රසිකයා, දඩයම් බඹරු, රාජ යෝගය, කලු කුරුල්ලා, ආගන්තුකයා, චාමර මීට ප්‍රථම නිෂ්පාදනය කොට ඇති ටෙලි නාට්‍ය අතරවේ.