අග්නි පියාපත් අලුත් වෙලාවක

දෙසැම්බර් 17, 2020

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ ගුවන් කාලය වෙනස් වේ. එය සතියේ දිනවල රාත්‍රී 07.30 ට ස්වර්ණවාහිනී නාළිකාවේ දිග හැරෙන අතර මෙම මස විසි එක් වැනිදා සිට එය විකාශය වන්නේ රාත්‍රී 8.30 ටය. අග්නි පියාපත් ටෙලි සිතුවම චාමර සමරවික්‍රමගේ නිෂ්පාදනයකි. බිමල් ජයකොඩි, සාරංග දිසාසේකර, ශලනි තාරකා, සඳනි ප්‍රනාන්දු, කුසුම් රේණු, සද්ධාමංගල සූරියබණ්ඩාර, බුද්ධික රඹුක්වැල්ල, තිලාන් වර්ණජිත්, නයනා හෙට්ටිආරච්චි, චන්දිමා කරුණාදාස, අර්ඩ්ලී වෙදමුණි, ගාවින්ද නවරත්න, සංජානා ඔනාලි, චාමි සේනානායක ඇතුළු පිරිස එය රංගනයෙන් හැඩ කරති.