ස්වාධීන රූපවාහිනියෙන් අපේක්ෂා ළඟදීම

මැයි 7, 2020

සැමියා අධ්‍යක්ෂවරයාය.බිරිය නිෂ්පාදනයෙන් දායක වේ.ඔවුන් දෙදෙනා එකතුව නිර්මාණකරණයේ යෙදෙති. උදිත ගුණසේන සැමියාය. කුමාරි හෙන්නායක ඔහුගේ ප‍්‍රිය බිරියයි.මේ සටහන ලියැවෙනුයේ ඔවුන් වෙනුවෙනි.මේ වෙසක් පොහොයදා දෙදෙනා එක්ව තැනූ පොහොය නාට්‍යක් විකාශය වේ.එය පිළිබඳවද මෙහිදී සඳහන් වනු ඇත.

උදිත සහ කුමාරි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෝය. ඇය වත්මනහි මිලාගිරිය ශාන්ත පවුළු විදුහලේ ගුරුවරියකි.එහි උසස් පෙළ මාධ්‍ය අංශයේ වගකීම් භාරව ඇත්තේද කුමාරි ටයි.උදිත හෝමාගම ලංකා බැංකුවේ සේවය කරයි. කෙටි කතා රචනයේද යෙදුන ඔහු ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදාරයි.උදිත අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ඉන් අනතුරුවයCLUE ඔහු නිර්මාණය කළ පළමු කෙටි චිත‍්‍රපටයයි.එය නිෂ්පාදනය කරනුයේ කුමාරිය.සමාජ ජාලා මඟින් තාරුණ්‍යයට කෙරෙන බලපෑම ඊට තේමාව වී තිබේCLUE සඳහා සම්මාන හතක් මේ වනවිට ලැබී තිබේ. ඉකුත් දා එය අන්තර්ජාලයට මුදා හැර තිබේ.කෙටි චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය හසිත දේශප‍්‍රියගෙනි.රංග මුණසිංහ සහාය අධ්‍යක්ෂවරයාය.සංගීත අධ්‍යක්ෂණයෙන් දිලූ‍ම් නුරාධ එක් විය.

උදිත සහ කුමාරි එක්ව නිර්මාණයක් කළ අවුරුදු නාට්‍යයක් ඉකුත් වසරේ අවුරුදු දා විකාශය විය. පින්තූර රාමුව ලෙසට නම් කළ ඒ සඳහා හොඳ ප‍්‍රතිචාර ලැබී තිබේ.

උදිත අධ්‍යක්ෂණය කළ පොහොය නාට්‍යයක් ළඟදීම විකාශය ‍වේ. අපේක්ෂා නමැති එය ස්වාධීන රූපවාහිනී නාළිකාව ඔස්සේ ඔබට නැරඹීමට හැකිය. හේමසිරි ලියනගේ, කලණ ගුණසේකර එහි ප‍්‍රධාන චරිත රඟ දක්වා තිබේ. එය කුමාරිගේ නිෂ්පාදනයකි. ඔවුන් තම නිෂ්පාදන සඳහාම ලොහස්නා සිනෙ ආට්ස් නමින් නිෂ්පාදන ආයතනය පිහිටුවා තිබේ අපේක්ෂා නරඹන්නට උදිත ඔබට ආරාධනා කරන අතර මෙතෙක් පැමිණි ගමනට උදවි කළ සියල්ලන්ට තුති පුදන බව අවසන සඳහන් කර සිටියේය.