ඉන්දික ධර්මතිලක ගිරිදේවි හදයි

ජූලි 11, 2019

සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටි ඉන්දික ධර්මතිලකගේ පළමු ටෙලි අධ්‍යක්ෂණය ගිරිදේවි ලෙස නම් කර ඇත. එහි මුහුරත් උලෙළ පසුගියදා පැවැතිවිණි. ශාන්ති දිසානායකගේ ගිරිදේවි නවකතාව ඇසුරෙන් සමන්ත කුමාර ගමගේ විසින් රූපවාහිනි රචනය කළ ගිරිදේවි ටෙලි වෘත්තාන්තයට පසුබිම් වී තිබෙන්නේ අනුරාධපුර දුෂ්කර ගමක සිදු වූ කතා පුවතකි. ශලිනි තාරකා, දසුන් පතිරණ, නිරෝෂන් විජේසිංහ, නෙතලි නානායක්කාර, පූජන දන්දෙණිය, අනුරාධා එදිරිසිංහ, නයනා හෙට්ටිආරච්චි, මාධනි මල්වත්ත, චමීර ලියනගේ, වසන්ත විට්ටච්චි, සමන්ත කුමාර ගමගේ, දිලීප මනෝහර, හයිසින්ත් විජේරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

ගිරිදේවි කැමරාකරණය ඉන්දික ලක්මාල් ගෙනි. ප්‍රියන්ත එස්. වන්නිනායක අංගරචනයෙන් දායක වන අතර මංගල ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්‍ෂණයක්. ඩිලාන් වික්‍රමකීර්ති සංස්කරණය කළ ගිරිදේවි ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය සතීෂ් සුරේන්ද්‍ර ඒකනායක ගෙනි. නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

Add new comment