ක්ලික් පුංචි තිරයේ

ජූලි 11, 2019

ත්‍රාසය කුතුහලය සමඟ අවතාර කතා පුවතක් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන ක්ලික් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ සතියේ දිනයන්හි රාත්‍රි 10.00ට විකාශය කෙරේ. සංස්කරණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට එක් වූ තිලංක නිලංජන බණ්ඩාරගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන ක්ලික් ටෙලි නිර්මාණයේ සූර්ය දයාරුවන්, නයෝමි තක්ෂිලා, ඩිස්නි රාජපක්ෂ, චන්දික නානායක්කාර, දයා වයමන්, රොෂාන් පිලපිටිය, සරත් චන්ද්‍රසිරි, රාජා ගනේෂන්, චරිත් සේනානායක, ගාමින්ද නවරත්න, මිලින්ද පෙරේරා, මහේෂ් උයන්වත්ත, අවන්ත පෙරේරා, පවිත්‍රා වික්‍රමසිංහ, රුක්ෂානා දිසානායක, චතූ ගම්ලත්, නිලාන් මධුසංඛ, සංජීව සොයිසා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

තිලංක මධුෂර ගුණරත්න අංග රචනයෙන් දායක වන අතර චින්තක විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රගීත් ද සිල්වා සහය අධ්‍යක්ෂණයෙන් ද, උදාර සමරවීර සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වෙති. ඉන්දික ලක්මාල් කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සමීර ප්‍රියරත්න තිර රචනයෙන් සම්බන්ධ වන ක්ලික් ටෙලිනාට්‍ය සඳහා සචිනි කෞශල්‍යා සමගින් ජනක සම්පත් තඹරවිල නිෂ්පාදන දායකත්වය දක්වා ඇත.

Add new comment