සුසුමක ඉම ITN

මැයි 23, 2019

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනාගත් මහේන්ද්‍ර කුලසිංහගේ නවතම ටෙලි සිතුවම සුසුමක ඉම මෙම මස 27 වැනිදා සිට සෑම සතියේ දිනකම (බදාදා හැර) රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වේ. අමිල අබේසේකර, විනු සිරිවර්ධන ප්‍රධාන චරිත මවන මෙහි ජනක කුඹුකගේ, රොෂාන් පිලපිටිය, රිතු ආකර්ෂා, චන්දික නානායක්කාර, මොරින් චාරුනී, නිල්මිණි කෝට්ටේගොඩ, චාමර ප්‍රියදර්ශන. ධනංජි තාරුකා, සුදර්ශන බණ්ඩාර, නයනා හෙට්ටිආරච්චි, කුමාර රණපුර, අල්මේදා අල්විස්, ගාවින්ද නවරත්න ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. සංගීතය ප්‍රගීත් පෙරේරාගෙනි. සජිත් වී. චතුරංග ගීපද රචනයෙන් දායක වේ. නුධීර ගාල්ලගේ සංස්කරණ ශිල්පියාය. සුසුමක ඉම ප්‍රයිම් ටයිම් ක්‍රියේෂන් වෙනුවෙන් අයේෂා ඩී. අබේගුණරත්නගේ නිෂ්පාදනයකි. හිරු සඳුට ආදරෙයි, ආදරවන්තියෝ, තරුමලී, ඉටිමල්, ගිම්හානයේ සඳ මහේන්ද්‍ර මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ ටෙලි සිතුවම් අතර වේ.

Add new comment