චන්දිකලා දෙදෙනෙක් හාරත හේරාට අත තබති

පෙබරවාරි 21, 2019

චන්දික නමැති දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද ටෙලි සිතුවමක මුහුරත් උලෙළ පසුගියදා ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි අධ්‍යක්ෂවරයා චන්දික විජේසේන වන අතර නිෂ්පාදනය ජනප්‍රිය නළු චන්දික නානායක්කාරගෙනි. හාරත හේරා ලෙසට නම් කොට ඇති මෙය කුමාර සිරිවර්ධනගේ රූපවාහිනී රචනයකි.

බුද්ධදාස විතානාරච්චි, ජනක් ප්‍රේමලාල්, හයිසින්ත් විජේරත්න, චන්දික නානායක්කාර, මීනා කුමාරි, තනුෂි සිරිවර්ධන, හිරුණි විජේසේන, අංජලි බුදවත්ත, මිෂෙල් දිල්හාරා, ෂාන් විරෝෂිත, සද්ධා උත්පලකන්දගේ, ඉෂාන් ගම්මුදලි, කුමුදිත ගුණවර්ධන, හර්ෂි අංජුමාලා, ඕමී රණසිංහ, මධුෂාන් හත්ලහවත්ත, සුරංගි රුවන්මලී, මධුෂාන් නානායක්කාර, ගයාන් ගුණවර්ධන, තාර්යා කෙනඩි, තරින්ද්‍රි ප්‍රනාන්දු මෙහි රංගන දායකත්වය සපයති. ධර්මරත්න පෙරේරා ගී පද රචකයායි. ගයන්ත විජේරත්න සංගීතය නිර්මාණය කරයි. අනුෂ ජයවර්ධනගේ සංස්කරණයකි. මහේෂ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයයි. චාමර ප්‍රසන්න රේඛීය නිෂ්පාදකවරයාය. දීප්ති මංගලසෝම කලා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි.

මෙහි අධ්‍යක්ෂ චන්දික විජේසේන අතිශය ජනප්‍රිය ටෙලි සිතුවම් රැසක නිර්මාණකරුවෙකි. බොඳ මීදුම්, ඉතිං ඊට පස්සේ, කොන් කළ දෝණි ඒවා අතර වේ. හාරත හේරා ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වීමට නියමිතය.

Add new comment