Bohemian Rhapsody ගෝල්ඩන් ග්ලෝබ් දිනා ගනී

ජනවාරි 10, 2019

76 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන් සම්මාන උලෙළ පසුගිය ජනවාරි 06 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ටන්හිදී අති උත්කර්ශවත් අයුරින් පැවැත් විණි. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය මෙහෙයවනු ලැබූයේ, කැනේඩියානු නිළි සැන්ඩ්‍රා ඕ සහ අමෙරිකානු නළු ඇන්ඩි සැම්බර්ග් විසිනි. මෙවර හොඳම නාටකීය චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ, බටහිර සංගීත ලෝකය තුළ ඉහල ජනප්‍රියත්වක් දිනූ සංගීත කණ්ඩායම් අතර බ්‍රිතාන්‍යයේ Queens (ක්වීන්ස්) සංගීත කණ්ඩායමේ ෆ්‍රෙඩී මර්කරිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ Bohemian Rhapsody  චිත්‍රපටය යි.

 

2019 ගෝල්ඩන් ග්ලෝබ් සම්මානලාභීන්

හොඳම නළුවා (නාටකීය) - රමි මලෙක් - Bohemian Rhapsody

හොඳම නිළිය (නාටකීය) - ග්ලේන් ක්ලෝස් - The Wife

හොඳම චිත්‍රපටය (හාස්‍ය/ සංගීතමය) - Green Book

හොඳම නළුවා (හාස්‍ය/සංගීතමය) - ක්‍රිස්ටියන් බේල් - Vice

හොඳම නිළිය (හාස්‍ය/ සංගීතමය) - ඔලිවියා කෝල්මන් - The Favourite

හොඳම සහය නළුවා - මාර්ෂෙලා අලී - Green Book

හොඳම සහය නිළිය - රෙජීනා කිංග් - If Beale Street Could Talk

හොඳම අධ්‍යක්ෂණය - අල්ෆොන්සෝ කූරොන් - Roma

හොඳම තිරරචනය - බ්‍රයන් හේයස්, පීටර් ෆෙරලි, නික් වෙලෙන්ගා - Green Book

හොඳම ස්වීය තිරරචනය - ජස්ටින් හර්විස්ට් - First Man

හොඳම ස්වීය ගීතය -  “Shallow” - A Star Is Born

හොඳම සජීවකරණ චිත්‍රපටය - Spider-Man: Into the Spider-Verse

හොඳම විදෙස් චිත්‍රපටය - Roma (මෙක්සිකෝව)

Vice චිත්‍රපටය මෙවර සම්මාන උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත්ව සිටිය ද වැඩිම සම්මාන සංඛ්‍යාව ලෙස සම්මාන ත්‍රිත්වයක් දිනා ගත්තේ A Star Is Born  චිත්‍රපටය යි. මෙවර ද රතු පලසේ මෝස්තර කැපී පෙනුණි. හොඳම සහය නිළිය සම්මානයට නිර්දේශ නාම ලබා සිටි එමා ස්ටෝන් පැමිණියේ කුඩා වීදුරු නල 63,000කින් හැඩ කළ ඇඳුමකින් සැරසී ගෙනයි. මෙවර ලේඩි ගාගා ගැන ද කතා බහ විශේෂ වූයේ A Star Is Born චිත්‍රපටය සමඟින්. ඇය රංගනයෙන් දායක වු එම චිත්‍රපටය තෙවැනි ප්‍රතිනිර්මාණය යි. ලේඩි ගාගා මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට පැමිණියේ 1954 වසරේදී ඒ Star Is Born  චිත්‍රපටයේ එම චරිතයට පණ පෙවූ ජූඩි ගාර්ලන්ඩ් විසින් වරෙක ඇඳී ඇඳුමකට සමාන වන ලෙසින් සැකසු ගවුමකින් සැරසීගෙනයි. පොප් ගායකයකු සහ නළුවකු වන බිලී පෝර්ටර්ගේ ඇඳුම ද රතු පලසේ මෝස්තර අතර කැපී පෙනුණි.

      

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.