යශෝදරා තෙරණිය දොරට වඩී

අප්‍රේල් 1, 2021

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී ආර්. ජේ. ද සිල්වා විසින් රචිත උතුම් කාන්තා රත්නයක් වූ "යශෝධරා තෙරණිය" ග්‍රන්ථය මෙම මස 06 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදැක්වේ. "යශෝධරා තෙරණිය" ග්‍රන්ථයට පාදක කොට ගෙන ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ජාතික කතා, ථේරි අපදාන සහ පූජාවලියේ දැක්වෙන යශෝධරා කරණයට අදාළ තොරතුරු පමණි. යශෝදරාවත ගැන ලියන ලද ග්‍රන්ථ කිහිපයක්ම ඇතත් මෙතෙක් යශෝධරා තෙරණිය පිළිබඳ පමණක් ලියැවුණු ග්‍රන්ථයක් නොමැති නිසාය එම අඩුව යම් ප්‍රමාණයකට හෝ මෙයින් පිරිමැසෙන කර්තෘවරයා දන්වා සිටියි.