හෙක්ටර් කුමාරසිරිගේ ‘ආණ්ඩු’ 27 දා ඇරැඹේ

මාර්තු 25, 2021

චිත්‍රපට හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ හෙක්ටර් කුමාරසිරිගේ නවතම වේදීකා නාට්‍ය නිර්මාණය ' ආණ්ඩු' ඇරැඹීමේ මුහුරත් උලෙළ සෙනසුරාදා (27) නාඩා ආයතනයේ පැවැත්වේ. සුලෝචනා වීරසිංහ ප්‍රධාන චරිතය නිරූපනය කරන මෙහි රොඩ්නි වර්ණකුලසූරිය, කුමාර තිරිමාදුර, ජයනාත් බණ්ඩාර, ශිරානි කුමාරසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අඹේසූරිය, ආචාර්ය අංජලි මිශ්‍රා කථිකාචාර්ය ශාස්ත්‍රපති නිමන්ත හේෂාන් මෙහි රංගනයෙන් මෙන්ම සංගීත සංයෝජනයෙන්ද දායක වන අතර අංග රචනයෙන් හා රංගනයෙන් වසන්ත විට්ටච්චි දායක වේ. ලංකාවේ මුල්වරට ඩිජිටල් මාධ්‍ය භාවිත කරමින් නළුවන් වේදීකාවට ගෙන එන ක්‍රමවේදයක් ඔස්සේ නාට්‍යය නිර්මාණය කෙරෙන බව හෙක්ටර් කුමාරසිරි සරසවියට පවසයි.

ප්‍රසාද් සමරතුංග -- තිළිණි රාජපතිරණ

 


චරණ චිත්‍රපට පෙළට මේ සතියේ එක්වන නිර්මාණ..

චරණ බම වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්‍රපටයක අද්දැකීම විඳගන්නට ප්‍රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතියේ සෑම දිනකම විකාශය කෙරෙන මේ චිත්‍රපට සතියේ දිනවල දහවල් එකටත්, සතිඅන්තයේ දහවල් දොළහට හා සෙනසුරාදාට දහවල් දොළහට හා රාත්‍රී නවයට විකාශය වේ. චරණ මේ සතියේ චිත්‍රපට පෙළගැස්ම මෙසේයි. අද දහවල් එකට දිගහැරෙන්නේ 2020 වසරේදී තිරගත වූ රාමන තේජා විසින් අධ්‍යක්ෂණය කළ අස්වාතම තෙළිගු චිත්‍රපටයයි. සර්ගුන් කවුර් ලූත්‍රා හා නාග සව්ර්යා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය ඌෂා මුල්පුරි, ශන්කර් ප්‍රසාද් මුල්පුරි නිෂ්පාදනයකි. සංගීත සංයෝජනය ශ්‍රී චරන් පාකලා හා එම්. ගිභ්‍රාම් ගෙනි.

මාර්තු 25
අස්වාතම -2020 (තෙළිඟු)
මාර්තු 26
බ්‍රදර්ස් ඩේ 2019 (මලයාලම්)
මාර්තු 27
ක්ෂානම් 2016 (තෙළිඟු)
මාර්තු 29
N.T.R. කාත්තනායකුඩු 2019 (තෙළිඟු)
මාර්තු 30
ඉට්ටිමානි මේඩ් ඉන් චයිනා 2019 (මලයාලම්)
මාර්තු 31
AWE! 2018 (තෙළිඟු)

ප්‍රසාද් සමරතුංග -- තිළිණි රාජපතිරණ