අකුරු අස්සේ පොහොය දාට

මාර්තු 25, 2021

ප්‍රභාත් දුෂ්‍යන්ත අධ්‍යක්ෂණය කරන පෝ දින ටෙලි චිත්‍රපට මාලාවේ පස්වැන්න මේ මස 28 වෙනිදා එනම් මැදින් පෝ දින දහවල් 1.00ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වේ. අකුරු අස්සේ ලෙස නම් තබා ඇති මෙම ටෙලි චිත්‍රපටයේ තිර රචනය තනූජාවී විජේවික්‍රමගෙනි. අනුරුද්ධිකා පාදුක්කගේ, සංජීව උපේන්ද්‍ර , නේහා බාලසූරිය මෙහි චරිත නිරූපණය කරති. ගයාන් මහගලගේ සහය අධ්‍යක්ෂණයෙන්ද, ලලිඳු ජයකොඩි සංස්කරණයෙන්ද , සුරංග බස්නායක කැමරාකරනයෙන්ද , චතුර ජයරුවන් සහ අමිත් බන්ඩාර කලා අධ්‍යක්ෂනයෙන්ද , නවෝද්‍ය සත්සර අංග රචනයෙන්ද ,ඔසඳ මහගමගේ ඩ්‍රෝන කැමරාකරනයෙන්ද , තිවංක රත්නපාල ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය පටිගතකිරීමෙන්ද ,ඉෂාන් ජයතිලක සහය ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය පටිගතකිරීමෙන්ද මෙයට දායක වූහ. සුරංග සූරියආරච්චි සහය කැමරාශිල්පියාය. පහන් රූබසිංහ, අනුරුද්ධ විජේකෝන් ආලෝකකරණයෙන් එකතු වූහ. සහාය නිෂ්පාදනය හර්ෂන ජයවර්ධනගෙනි. අකුරු අස්සේ ටෙලි චිත්‍රපටය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදනයකි.

ප්‍රසාද් සමරතුංග -- තිළිණි රාජපතිරණ