ජගත් මනුවර්ණ කොඩි ගහ යට වැඩ අරඹයි

මාර්තු 25, 2021

රංගන ශිල්පී ජගත් මනුවර්ණගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ වැඩකටයුතු පසුගියදා ෂැංග්‍රිලා හොටෙල් පරිශ්‍රයේදී පැවැති මුහුරත් උළෙලකින් පසු ආරම්භ කෙරිණ. එය ත්‍රී වින් ෆෝර්ස් එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කිරීමක් වන අතර එදින එම සමාගමේ නිල වෙබ් අඩවියට අන්තර්ජාලයට මුදාහරිනු ලැබිණ. ඒ ලේක්හවුස් ආයතන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් සහ නාට්‍යයේ නිෂ්පාදක අනිල් බණ්ඩාර යන මහත්වරුන් විසිනි. කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ දිල්හානි අශෝකමාලා, සේවියර් කණිෂ්ක, නදීෂා හේමමාලි, කළණ ගුණසේකර, තරින්දි ප්‍රනාන්දු, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ, සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, සුරාජ් මාපා ඇතුළු නළු නිළියෝ රංගනයේ යෙදෙති. ලසන්ත ෆ්‍රැන්සිස් සම අධ්‍යක්ෂවරයාය. අරුණ ප්‍රේමරත්නගේ රූපවාහිනී රචනයකි. චින්තක සෝමකීර්ති කැමරුස් අධ්‍යක්ෂවරයා. ජයන්ත විජේරත්න සහය අධ්‍යක්ෂණයකි. විහඟ විජේසේකර සංගීත අධ්‍යක්ෂවරයාය. ගීත ගායනය ඉන්ද්‍රචාප ලියනගේගෙනි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් දායක විය. සංඛ මල්වත්තගේ සංස්කරණයකි. පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂවරයාය. රාජා රණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් දායකවේ. වෙළෙඳ ප්‍රචාරණය රෙඩ් පෙන් ටීම් ආයතනයෙනි

ප්‍රසාද් සමරතුංග -- තිළිණි රාජපතිරණ