වේදිකාව කණපිට පෙරළු ස්තී‍්‍ර ප‍්‍රතිරූප

මැයි 28, 2020

 පාසල් වේදිකාවේ එදා ශූර ලෙස ස්තී‍්‍ර චරිත රඟපාමින් දස්කම් පෑ ජගත් චමිල මෑත කාලයේ සංක‍්‍රාන්ති ලිංගික :ඔර්බිටැබාැර* තරුණියකගේ භූමිකාවක්ද මැනවින් නිරූපණය කළේය. ඒ අනුර පෙරනගමගේ නිර්මාණය කළ ”වර්ණ යාග” නාට්‍යයෙහිය.

පෙර කී පරිදි අතීතයේ ස්තී‍්‍රන්ට වේදිකාවට ප‍්‍රවිෂ්ට වීමෙහිලා තහංචි පැවති යුගයක පුරුෂයන් ශූර ලෙස ස්තී‍්‍ර චරිත රැුඟු‍වද ටවර්හෝල් යුගයෙහිම ව්‍යතිරේකයක්ද දිස් විය. එනම් තත්කාලීන තහංචි බිඳගෙන ප‍්‍රබල ස්තී‍්‍ර ප‍්‍රතිරූප ති‍්‍රත්වයක් ඉස්මතු වීමය. මෙරට ප‍්‍රථම වේදිකා නාට්‍ය නිළිය වූ ආනා කන්නන්ගරට කලා ලොවෙහි ස්ථාවර වීමට නොහැකි වුවත් ඇනී බොතේජු,‍ ලක්ෂ්මී භායි හා සුසිලා ජයසිංහ යන නිළියෝ සුපිරි තාරකාවන් බවට පත් වූහ.

ඔවුහු එවක පුරුෂයන් ස්තී‍්‍ර භූමිකා රඟපෑමේ ක‍්‍රමවේදය මුළුමනින්ම කණපිට පෙරළුෑහ. එනම් පුරුෂ වෙස් ගෙන පුරුෂයන්ට වඩා හොඳින් ඒ භූමිකා රඟදැක්වීමෙනි. නිදර්ශනයකට එකල එක් රඟහලක ඇනී බොතේජු දුටුගැමුණු චරිතය රඟපෑ අතර, අනෙක් රඟහලෙහි ලක්ෂ්මී භායි ඊට නොදෙවැනිව දුටුගැමුණු චරිතය රඟපාන අයුරු දැකගත හැකි විය. වඩාත් හොඳින් දුටුගැමුණු රජුගේ චරිතය නිරූපණය කරනුයේ ඇනී බොතේජුද නොඑසේනම් ලක්ෂ්මී භායිදැයි දැන ගනු රිසි පේ‍්‍රක්ෂකයෝ මේ නාට්‍ය ද්වයම නැරැුඹීමට පොරකෑහ.

ඇනී බොතේජුටත් ලක්ෂ්මී භායිටත් උමතු වූ රසිකයෝ ඔවුන්ට පෙම් බැන්දෝය. ලක්ෂ්මී භායි රඟන විට මුදල් නෝට්ටු වේදිකාවට වීසි කරමින් තමන්ගේ ප‍්‍රසාදය පළ කළ රසිකයෝද එකල විසූහ. එවක ලක්ෂ්මී භායි හට පෙම් බැඳ ඇය විවාහ කොට ගනු රිසි වූ ප‍්‍රබල ව්‍යාපාරිකයකු අවසන ඇයගෙන් පේ‍්‍රමය අයැදුමට ආත්ම ශක්තියක් නොමැතිව සිය දිවි නසා ගත් පුවතක්ද වාර්තා විය. කෙසේවෙතත් මෙබඳු දෘෂ්ටාන්ත අප හට සනාථ කරනුයේ කුමක්ද? මේ නිළියන්ට එකල පැවැති අසීමිත ජනාදරයයි. ස්තී‍්‍රන්ට වේදිකා නාට්‍ය කලාවට පිවිසීමෙහිලා පැවැති තහංචි මුළුමනින්ම බිඳ දැමීමට මේ නිළි ප‍්‍රතිරූප සමත් වූ බැව් පැවසීම සහේතුකය.

සැබැවින්ම දුරාතීතයෙහි පටන් අප උරුම කොටගත් බෞද්ධ සභ්‍යත්වයෙන් ස්තී‍්‍රත්වයට ලැබිය යුතු නිදහස, ගරුත්වය ඉහළින්ම ලැබී තිබිණ. ලාංකේය සභ්‍යත්වයෙහි නියමුවාණන් වූ බුදුන් වහන්සේ මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම සෞන්දර්යවේදියාණන්ද වූ බැව් අප අමතක නොකළ යුතුය.

මගේ මතවාදයට අනුව මෙලොව බිහිවූ පළමු වේදිකා නාට්‍යය හෝ චිත‍්‍රපටය පෙන්වා වදාළේ බුදුන් වහන්සේය. ඒ බිම්බිසාර රජුගේ ඛේමා බිසවට ජීවිතය වටහා දෙනු පිණිසය. ඛේමා බිසව තම සුරූපී රූසපුව පිළිබඳ අධිමානයෙන් පසු වූවාය. බුදුන් වහන්සේ රූපයෙහි අනිත්‍යතාව අරභයා නිතර ධර්ම දේශනා කරන්නා වූ ශාස්තෘවරයෙකි යන සාවද්‍ය වැටහීමක ඇය සිටියාය.

ඛේමා බිසව බුදුරදුන්ගේ ධර්ම දේශනා ශ‍්‍රවණය කිරීමට මැළිවූයේ එහෙයින‘. එහෙත්,‍ භාග්‍යයට වරක් ඇය බුදුන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කිරීමට වේළුවනාරාමයට පැමිණියාය. තම බිසවට බුද්ධ ධර්මය වටහා දීමට බිම්බිසාර රජතුමාට අවශ්‍ය වූ හෙයින් ඔහු ඊට කදිම උපක‍්‍රමයක් යෙදුවේය. රජු විසින් වේළුවනාරාමයේ සොබා සෞන්දර්ය පිළිබඳ කවි ගායනා කිරීමට ශිල්පීන් යොදවන ලදි. ඒ කවි ගායනා ඇසූ ඛේමා බිසව වේළුවනාරාමයේ සොබා සිරිය නැරඹීමට පි‍්‍රය කළාය. එහි බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන 

ස්ථානයට ඇය අහඹු ලෙස පැමිණියේ මෙහි ඵලයක් වශයෙනි.

බුද්ධ ඥානයෙන් ඇයගේ චරිත ස්වභාවය දුටු බුදුන් වහන්සේ ප‍්‍රාතිහාර්යාත්මක නිර්මාණයක් ඛේමා බිසවට නැරඹීමට අවස්ථාව සලසා දුන් සේක. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන කල්හි අසල සිටි ඉතා සුරූපී කාන්තාවක් උන්වහන්සේට පවන් සලමින් සිටිනු බිසවට දැකගත හැකි විය. ඒ දසුනෙන්ම ඇගේ රූප මාන්‍යය බිඳ වැටිණ. එතෙක් මෙලොව සුරූපීම කාන්තාව තමා යැයි සිතා සිටි ඛේමා බිසවට ඊටත් වඩා බොහෝ සුරූපී කාන්තාවක් බුදුන් වහන්සේට පවන් සලන බව දුටුවාය. ඇසි පිය නොහෙළා ඕ ඇය දෙස බලා සිටියාය. එවිට ඛේමා බිසවට පෙනුණේ ක‍්‍රම ක‍්‍රමයෙන් ඇයගේ රූපවත් බව වියැකී යන ආකාරයයි.

භද්‍ර යෞවන වියෙහි සිටි මේ කාන්තාව ක‍්‍රමයෙන් මැදිවියට එළඹ ඉක්බිතිව මහලූ‍ වී දිරාපත් වී කුදු ගැසී බිමට නැමී යන ආකාරය ඇය විස්මිතව බලා සිටියාය. ඛේමා බිසව ජීවන යථාර්ථය මැනවින් වටහාගෙන පැවිදි දිවියට එළඹ මහා රහත් තෙරණියක වූයේ මේ නිර්මාණය හේතු කොටගෙනය.

සෞන්දර්ය හා යථාර්ථය එකට මැනවින් බද්ධ වූ ලොව ප‍්‍රථම දෘශ්‍ය කලා නිර්මාණය මෙය යැයි මම සිතමි. ස්ති‍්‍රය හා ඇගේ සෞන්දර්ය එහි මුඛ්‍ය භූමිකාව වූ බැව් මෙමඟින් පැහැදිලි වේ. ලොව පුරෝගාමී ස්තී‍්‍ර විමුක්තියේ ප‍්‍රකාශන සේම විශිෂ්ට කලා නිර්මාණ ලෙස සැලකිය හැකි ඛුද්දක නිකායට අයත් ථේරි ගී බිහි වූයේ මේ දර්ශනයෙහි දිගුවක් ලෙස යැයි මම සිතමි.

මෙහි එන අඞ්ඪකාසි, සුමංගල මාතා,‍ විමලා,‍ චාපා, ඛේමා,‍ උප්පලවණ්ණා,‍ චන්දා,‍ චිත්තා, පටාචාරා, කුණ්ඩල කේශි,‍ අම්බපාලි, මුක්තා,‍ අභය මාතා, දන්තිකා,‍ සුජාතා,‍ ඉසිදාසි,‍ මෙත්තිකා,‍ නන්දුත්තරා,‍ කිසාගෝතමී,‍ වාසෙට්ඨි යනාදී රහත් තෙරණියන්ගේ කාව්‍ය ඔස්සේ ගිහි ජීවිතයේදී ඔවුන් විඳි අනේකවිධ දුක් පීඩා, කම්කටුලූ‍ පිළිබඳවත් ඉන් සපුරා මිදී ලැබූ ආධ්‍යාත්මික,‍ ලෝකෝත්තර රසය පිළිබඳවත් මැනවින් විවරණය කෙරේ. සෞන්දර්යවාදය හා යථාර්ථවාදය එහි එකිනෙකට මැනවින් බද්ධ වී තිබේ.

බටහිර ස්තී‍්‍රවාදී ආකල්පවලින් ව්‍යාකූලත්වයට පත් වී පුරුෂයන් අබිබවා ව්‍යාජ ස්තී‍්‍ර විමුක්තියක් සොයා යෑමට වෙර දරන ඇතැම් පශ්චාත් නූතන ”අම්මණ්ඩිලා” ථේරි ගී හදාරා නිවැරැුදි දර්ශනයෙන් සම්පන්න වීම අතිශය වැදගත් වේ.

ඇනී බොතේජු,‍ ලක්ෂ්මී භායි හා සුසිලා ජයසිංහ යන ටවර්හෝල් යුගයේ සුපිරි තාරකා ති‍්‍රත්වයට පසුව අපට වේදිකාවෙන් හමුවන සුවිශේෂ නිළිය මිලී ආරියවතීය. මවිසින් පූර්වයෙහි සඳහන් කරන ලද පරිදි මෙරට බිහිවූ ප‍්‍රථම නිහඬ වෘත්තාන්ත චිත‍්‍රපටය වූ ”රාජකීය වික‍්‍රමය නොහොත් ශාන්තා” (1925* චිත‍්‍රපටයෙහි ප‍්‍රධාන නිළි චරිතය රැුඟු‍වේ සිබිල් ෆීම් නමැති බර්ගර් ජාතික කාන්තාවය.

මෙරට තිරගත වූ ප‍්‍රථම නිහඬ වෘත්තාන්ත චිත‍්‍රපටය ලෙසත් ලාංකේය සිනමාවේ ආරම්භය ලෙසත් මා සලකන ඩබ්ලිව්. දොන් එඞ්වඞ්ගේ ”පළිගැනීම” චිත‍්‍රපටයෙහි (1936* ප‍්‍රධාන නිළි චරිතය රැුඟු‍වේ ටවර්හෝල් රංගන ශිල්පිනී මිලී ආරියවතීය. ශි‍්‍රයාකාන්තා නමින්ද ඇය එකල හැඳින්විණ. ලාංකේය සිනමාවේ මහා නිළි පරපුර ඇරැුඹෙනුයේ මිලී ආරියවතීගෙන් යැයි මම සිතමි.

”පළිගැනීම” චිත‍්‍රපටයට ඇතුළත් වූ කතා තේමාවට අනුව ධනවත් පුද්ගලයකුගේ අතවරයට ලක්වන චරිතයක් ඇය රඟපෑ අතර පළමුව මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම තහනමට ලක් විය. 1936 වැනි කාල වකවානුවක ස්ති‍්‍රයකට අතවර කරන දර්ශනයක් මෙරට චිත‍්‍රපටයකට ඇතුළත් වීමත් එබඳු දර්ශනයක් නිර්භය ලෙස මිලී රඟපෑමත් මතභේදයට ලක්වීම පුදුමයක් නොවේ. එහෙත් මතභේද,‍ අභියෝග මැද මිලී ආරියවතී තැබූ පුරෝගාමී පියවර සදාඅනුස්මරණීය වේ.

 

ඉතිරි කොටස ලබන සතියේ