ඇතුගල්පුරෙන් කලා ලොවට පිවිසිකණ්ඩුල සෙනෙවිරත්න

අගෝස්තු 15, 2019

අනුරාධපුර, රාජාංගනයේ උපත ලැබූ කණ්ඩුල සෙනෙවිරත්න රාජාංගනය මහ විද්‍යාලයෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා වර්තමානයේ කුරුණෑගල වෑඋඩ ශ්‍රී විද්‍යාතිලක පිරිවෙණ විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් කටයුතු කරන කලාකරුවෙකි.

මුද්‍රා ගීත නාට්‍ය කලාවේ නියැළි තම පියාගේ සෙවණින් රංගනයේ අත්පොත තැබූ කණ්ඩුල සෙනෙවිරත්න පාසැල් වේදිකාවේත් ග්‍රාමීය නාට්‍යවලටත් එක් වූ අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවීමත් සමඟ ප්‍රසිද්ධ සහ ප්‍රාදේශීය වේදිකාවට පිය නැඟීමට අවස්ථාව උදා විය. එතැන් සිට හේමචන්ද්‍ර පියදාසගේ ‘උරචක්‍ර මාලය, සැබෑ මුහුණ, සංවේගයෙන් දැනුම් දීමයි!, ගෙදර බුදුන් මියැදුණාය, අනේ රත්තරං’ සහ කුසුම් පරණගම්පලගේ ‘නඩු තීන්දුව’ යන නාට්‍යවල රඟපෑවේය.

2014 වර්ෂයේ වයඹ රාජ්‍ය නාට්‍ය උලෙළ වෙනුවෙන් ලාල් හපුආරච්චි නිර්මාණය කළ ‘බස් එක එනකං’ නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා බවට ඔහු පත් විය.

2018 වර්ෂය වෙනුවෙන් වයඹ රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් මායාදුන්න බණ්ඩාර විසින් නිර්මාණය කළ ‘පිළිම නෙලන්නා’ කෙටි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් වසරේ හොඳම නළුවා සම්මානය හිමි කර ගනු ලැබීය. මේ වන විට ප්‍රියංකා හේමමාලිගේ ‘නෝවාගේ නැව’ නාට්‍යයේ සහ මායාදුන්න බණ්ඩාරගේ ‘සලාම්’ සහ ‘මහජන හෝටලේ’ වේදිකා නාට්‍යයේත් පුහුණුවිම්වල යෙදී සිටින කණ්ඩුල සෙනෙවිරත්නගේ මුල්ම ටෙලි නාට්‍යය කපිල කුමාර කාලිංගගේ වනබිමේ සිරකරුය. ස්වාධීන රූපවාහිනියේ විකාශිත වූ ‘පාරමිතා’ නාට්‍ය මාලාවේ සිට සරත් ධර්මසිරිගේ ‘ඇත්කඳ ළිහිණි’, ‘සුජාත පුත්‍ර’ ‘බණ්ඩාර දෙයියෝ’ සුදත් රෝහණගේ ‘ගිරිකුල’, සමන් කුමාර ලියනගේ ගේ ‘රන්තලිය වලව්ව’, ‘මොණරතැන්න, ‘පිත්තල කොණ්ඩෑරුම’, ‘දේවි’ සහ ‘සඳසාවි’ නාට්‍යවලත් ටිකිරි රත්නායකගේ ‘ස්වර්ණපාලි’ නාට්‍යයේ සොමින්දු ගුරුන්නාන්සේ ලෙසත්, සමන් කුමාර ලියනගේ නිර්මාණය කළ ‘සඳසාවි’ නාට්‍යයේ ජුසේ අප්පුගේ චරිතයත් ඔහුගේම නිර්මාණයක් වූ ‘දේවි’ ටෙලි නාට්‍යයේ ඇට්ටේරියාවේ ටිකිරාගේ චරිතයත් ‘සුජාත පුත්‍ර’ හි රන් නයිදේ ලෙසත්, තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ විලියම් ලෙසත් ‘අම්මා’ ටෙලි වෘතාන්තයේ කඩේ මුදලාලි ලෙසත් කළ චරිතයන් පේ‍්‍රක්ෂක අවධානයට පාත්‍ර විය.

එසේම මහරජ ගැමුණු 1 සහ 2 නාට්‍යවලත් ටිකිරි රත්නායකගේ ‘මුතුකුඩ’ ටෙලි නාට්‍යයේ විදානේ බවට පත් විය. එමෙන්ම ඉරේෂ් ලොකු බණ්ඩාරගේ ‘සිතින් සියවර’ ටෙලි වෘතාන්තයේ ද ප්‍රධාන චරිතයකට එක් වූ කණ්ඩුල සෙනෙවිරත්න ‘මහින්දාගමනය’ ‘ඇහැලේපොල කුමාරිහාමි’ චිත්‍රපට ඔස්සේ සිනමාවට ප්‍රවිෂ්ට විය. ප්‍රදර්ශනයට නියමිත ආනන්ද කුමාර පින්නවලගේ ‘රාක්ෂ අසපුව’ ළමා චිත්‍රපටයෙත්, රසික හේරත්ගේ ‘අහසට පිම්මක්’ චිත්‍රපටයේත් රංගනයට එක් විය. ‘හඳයා’ ටෙලි නාට්‍යයේ මුදලාලි වූයේ ද ඔහුමය. ඉදිරියට විකාශයට නියමිත දිනූෂ කුමාරගේ පොකුරු වැස්ස ටෙලි නාට්‍යයේ කන්දේවත්තේ අයියාගේ චරිතයත්, විකාශයට නියමිත ජී. නන්දසේනගේ ‘නාඉල්ලේ ගී රාවය’ ටෙලි නාට්‍යයේ ග්‍රාම සේවක ලෙසත් මේ දිනවල රූප ගතවන ටිකිරි රත්නායකගේ ගුරන්නාන්සේ ටෙලි නාට්‍යයේ පින්සිරිගේ චරිතයත් රඟපාන කණ්ඩුල සෙනෙවිරත්නගේ සුවිශේෂ චරිත නිරූපණයක් වන්නේ විකාශයට නියමිත මායාදුන්න බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ‘ගොම්මනේ අපි’ ටෙලි වෘතාන්තයේ ඇබිත්තයගේ චරිතය ලෙස හැඳින් වෙයි. දැනට විකාශය වන ‘සක්කාරං’ ටෙලි නාට්‍යයෙන්, මායදුන්න බණ්ඩාර නිර්මාණය කළ ‘නොනගතේ අමුත්තා’ ඒකාංගික අවුරුදු නාට්‍යයේ ඔහුගේ රංගනයන් ඉදිරියේදී දැකිය හැකිය.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි කණ්ඩුල සෙනෙවිරත්න රංගන ශිල්පියාගේ දුරකථන අංකය 071-4489502.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.