බොහෝ දේට සමත් සමන් කුමාර

අප්‍රේල් 11, 2019

ඔහුගේ නම සමන් කුමාර ගමගේ. වැලිගම තැපැල් කාර්යාලයේ සේවය කරන ඔහු කෙටි නාට්‍ය නිර්මාණකරණයේද යෙදෙයි. ඒ වෙනුවෙන් ඔහු අප්‍රමාණව සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.

ඔබ කලාවට පිවිසුණේ?

තරුණ සේවා සභාවේ නාට්‍යය ඩිප්ලෝමාවක් කළා. ඒ සඳහා නැසීගිය එච්. ඒ. පෙරේරා සර් තමයි උදවු කළේ. පසුකාලීනව නිර්මාණකරණයට යොමු වුණා.

මේ වන විට ඔබ කෙටි නාට්‍යය කීයක් නිර්මාණය කරලා තියෙනවාද?

දහයක්.

ලබාගෙන ඇති සම්මාන?

ජාතික මට්ටමේ සම්මාන හතළිස් හයක් ලබාගෙන තියෙනවා.

ඔබට වැඩිපුරම සම්මාන හිමි වූ නාට්‍ය මොනවද කියලා සඳහන් කළොත්?

දෙදහස් අටේ මං ප්‍රතිබිම්බය කියලා නාට්‍යයක් කළා. ඒකට සම්මාන දොළහක් ලැබුණා. දෙදහස් දහසයේ මං කළ අන්තිම කෝච්චිය නාට්‍යයට සම්මාන අටකුත් ඉකුත් අවුරුද්දේ කළ නිවුන්නු නාට්‍යයට සම්මාන දහතුනකුත් හිමි වුණා.

ඔබේ පදිංචිය?

මාතර නූපේ.

දෙදහස් දහය වසරේදී ඔබ තවත් සම්මානයක් දිනා ගන්නවා නේද?

නාට්‍යය වෙනුවෙන් නෙවෙයි ඒ සම්මානය ගත්තේ. මං තමයි ඒ අවුරුද්දේ හොඳම තැපැල් සේවකයා.

ඔබ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය හැර තවත් කලා ඉසවු නියෝජනය කරනවාද?

ඔව්. මං රංගන ශිල්පියකු වශයෙන් ද කටයුතු කරනවා. එකගෙයි මිනිස්සු, මුතුමලී, සඳඑළිය, තනමල්විල කොල්ලෙක් ආදී ටෙලි නාට්‍යවල රඟපෑවා. සඳඑළියේ රජීව් තමයි හොඳට ප්ලේ වෙන චරිතයකට මට ලැබුණේ.

ඔබ නිර්මාණය කළා කෙටි චිත්‍රපටයකුත්?

අමරණීය හැන්දෑව තමයි ඒකෙ නම. එය දෙදහස් දොළහ ජාත්‍යන්තර බෞද්ධ කෙටි චිත්‍රපට උලෙළේදී හොඳම චිත්‍රපටය වුණා.

පවුලේ විස්තර?

මං විවාහකයි. බිරිය ශිල්මා තරංගනි. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.

ප්‍රසාද්
නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.