කේරල අන්තර්ජාතික නාට්‍ය උලෙළේ සමාරම්භයට ජනකරළියේ ‘‘තිත්ත කහට’’

ජනවාරි 24, 2019

 මෙවර 11 වැනි කේරල අන්තර්ජාතික නාට්‍ය උලෙළ ආරම්භ කෙරුණේ ජනකරළිය සංස්කෘතික පදනම විසින් නිර්මාණය කළ ‘‘තිත්ත කහට’’ නාට්‍යය සමාරම්භක නාට්‍ය ලෙස වේදිකාගත කරමිනි. ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව ලද උපහාරයක් ලෙස මෙම අවස්ථාව සැළකිය හැකි අතර එම නාට්‍ය උලෙළේ 20 සහ 21 යන දෙදින ‘‘තිත්ත කහට’’ නාට්‍යයේ දර්ශන වාර දෙකක් ති‍‍්‍රෂූර්හි සංගීත නාටක ඇකඩමියේ ප‍්‍රධාන රංග ශාලාවේදී රඟදක්වන ලදී. කේරලයේ ති‍‍්‍රෂූර් නගරයේ සංගීත නාටක ඇකඩමිය විසින් ජනවාරි 20 වැනිදා සිට 26 වැනිදා දක්වා මෙම නාට්‍ය උලෙළ පැවැත්විණි.

ජනකරළිය නිර්මාතෘ පරාක්‍ර‍ම නිරිඇල්ලගේ මූලිකත්වය යටතේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් නිර්මාණය කළ මෙම නාට්‍යය සිංහල වේදිකාවේ මෙතෙක් එළි නොදැක්වූ තේමාවක් අනුව නිර්මාණය වූ ශි‍්‍ර ලාංකේය ජන සමාජයට අමතක වී ගිය, බොහෝ දෙනා නොදන්නා, වතු කම්කරුවන් මුහුණ දෙන අත්දැකීම් විදාරණය කෙරෙන නාට්‍යයකි. රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශි‍්‍ර ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප‍‍්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල්, අමිල දිනේෂ් කුමාර, තිලිණි නිමේෂා සහ මදීරා උදීෂානි යන ජනකරළිය ශිල්පීහු මෙම නාට්‍යයට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වූහ.

Add new comment