කුසුම් චන්ද්‍ර 50 සමරයි

දෙසැම්බර් 13, 2018

ජය ශක්ති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි කුසුම් චන්ද්‍ර ගමගේ සිනමා දිවියට වසර 50 ක් සපිරේ. ඒ වෙනුවෙන් ඔහුට උපහාර පිණිස එලීසා නමින් වේදිකා නාට්‍යයක් සංවිධානය කොට ඇත. එය මෙම මස 17 වන දින සවස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි වේදිකා ගත කෙරේ. කුසුම් චන්ද්‍ර ගමගේ. සරත් දික්කුඹුර, නිරෝෂා මෛත්‍රී, රොෂානා ඔන්ඩච්චි ඇතුළු පිරිස එලීසා නාට්‍යයේ රංගනයේ යෙදෙති.

විජයග්‍රහණය, ඉන්ස්පෙක්ටර් ගීතා, ෆර්ස්ට් ලව් පූජා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ආත්ම වරුසා, මුතු සලඹ යන සිනමා පට කුසුම්ගේ සිනමා අධ්‍යක්ෂණයන්ය. ඔහුගේ නවතම චිත්‍රපටය වූ මායා රාත්‍රිය ළඟදීම තිරගතවිමට නියමිතය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.