තොපේ කොළඹ තොපිම තියාගනිව්

උඩ ගිය දවසක මාතලේ කැරැල්ලක් අරඹන
කමල් පී. අලහකෝන්
නොවැම්බර් 29, 2018

ප්‍රවීණ නාට්‍යවේදියකු මෙන්ම නාට්‍ය හා රංග කලා ගුරුවරයකු වූ කමල් පී අලහකෝන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ''උඩ ගිය දවස''යි. සමාජයට වටිනාකම් රැසක් ගෙන එමින් නිර්මාණය වූ මෙහි 25 වන දර්ශනය පසුගිය දා වේදිකා ගත විය. කමල් සමඟ යෙදෙන මේ කතා බහ ඒ නිමිත්තෙනි.

උඩ ගිය දවස නාට්‍ය නිර්මාණයට බල පෑ හේතුව ගැන කැමැතියි මුලින්ම දැන ගන්න.?

"උඩ ගිය දවස නිර්මාණය සඳහා මා පෙළඹ වූ සාධක ගණනාවක් තියෙනවා. අනිකුත් කලාවන්ට වඩා නාට්‍යය කලාව කියන්නේ ජනතතාවට බොහොම සමීප කලාවක්. ගමේ ජීවත් වූ ගැමියන් එදා නාට්‍ය කලාවෙන් මහත් වූ ආස්වාදයක් වින්දා. ගොයම් ටික කපලා කමතට වෙලා දවස් ගණන් නාට්‍ය රඟදැක්වූවා. ඒ කලාව අද ගැමියාගෙන් දුරස් වූ මාධ්‍යයක් බවට පත්වෙලා. එය නගරයේ ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ කලාවක් බවට පත් වෙලා. මේ තත්ත්වයෙන් අත්මිදෙන්න අවශ්‍යයි. මට අවශ්‍ය ගමේ නාට්‍ය කලාව නැවත ගමේ මිනිසුන් අතරට ගෙනියන්නයි.

*මෙහි කතා තේමාව මොන වගේද?

මේ නාට්‍යයට පාදක වන්නේ, ජාතක කතාවක්. ඒ සේරිවාණිජ ජාතකය. මේ කතාව ඉතාම විරල කතාවක්. ඒ අතරින් මම මෙහි දකින වි‍ශේෂත්වය තමයි දුෂ්ටයාගේ නමින් නම් වූ එකම ජාතක කතාව මෙය බව. මේ ඇසුරින් තමයි උඩගිය දවස නාට්‍යය නිර්මාණය වෙන්නේ.

අද නාට්‍යය සාමාන්‍ය ගැමි ජනතාවට නරඹන්නට පුළුවන් මිලක ද තිබෙන්නේ?

අද කොළඹ පෙන් වන නාට්‍යයක මිළ ලක්ෂ එකහමාර ඉක්මවනවා. එතකොට සංවිධායක වරයෙක් මෙම නාට්‍යය දර්ශණයක් සංවිධානය කිරීමට ලක්ෂ දෙක තුනක් යට කරනවා. මේ මුදල පෙරළා උපයා ගන්න ප්‍රධාන ආකාරය තමයි ප්‍රවේශපත්. එවිට ඔහුට සිද්ධ වෙනවා අවම ප්‍රවේශපත් මිල රුපියල් දාහක් , පන්සීයක් කරන්නට.

සාමාන්‍යය ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් දෙදාහේ සිට පන්දාහ වගේ මිළ ගණන් වෙනවා. ඒ වගේ මිලක් ගෙවලා නාට්‍යයක් බලන්ට පුළුවන් කාටද අද.

කාටද ඔවුන් නාට්‍යය පෙන්වන්නේ?

නාට්‍යයකරුවො නාට්‍යය කරන්නෙ ජනතාව පෙළන බලවේග, ඔවුන් සූරාකන ඈයොන්ට,ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු වුනත් ඒවා නරඹන්නේ, ඔවුන්ව සූරාකන පැලැන්තියක්. මුදලාලිලා,තැරැවුකාරයො,විශෙෂඥ වෛද්‍ය‍යවරු,පෙරකදොරුවො වගෙ පිරිසක්. එතකොට අපේ නාට්‍යකරුවො කරන්නෙ ජනතාවගේ ප්‍රශ්න ඇසුරින් කරන නාට්‍යය ඔවුන් සූරා කන්නන්ගෙ මාසික සුඛ වින්දනය සදහාඅතුරුපසක් කොට ලබා දීමයි. මේ තත්තවය තමයි මම දකින්නේ.

උඩගිය දවස එයට එරෙහිව යන දෙයක්?

"උඩගිය දවස"කරැල්ලක් වන්නේ,මෙම තත්වයට එරෙහිවත් එය අරගල කරන නිසා. මම කොයි කාටත් කියන්නෙ ප්‍රධාන නාට්‍යය ප්‍රවාහය සමග "ගේම ඉල්ලාගෙන,උඩු ගම් බලා යන"ගමනේ "ඓතිහාසික අවස්ථාවක් තමයි මෙය කියළා.

මේ නාට්‍යය සඳහා ඔබ භාවිතා කරන ආකෘතිය මොන වගේ ද?

"උඩගිය දවස"සඳහා මා භාවිතා කරන "ආකෘතිය"මගෙම එකක්. එයට මා තව බොහො දේවලින් "ආභාෂය" ලැබූ බව ඇත්ත.

නමුත් මෙම ආකෘතිය මගේම වූවක්!මේ ගැන "මම"ම කියන්නෙ,

මම නාට්‍යය කලාව තුළ "බුදු වුනත්"අපේ ඈයෝ ඒ ගැන "නුදුටූ දෑස්ව" ඉන්නා බවහොඳීන්ම දන්නා නිසා!මෙම ආකෘතිය

"මීට පෙර කවරෙකු හෝ භාවිතා කර ඇත්නම්" දක්වන ලෙස මම අභියෝග කරනවා!නමුත් එහෙම කරන එකකුත් නෑ!

මීට පෙරාතුවත් වේදිකාව තුළ මම"බරපතල අත්හදාබැලීම්" කරලා සාර්ථක වුනා!වරක් විනාඩි විස්සෙ කෙටි නාට්‍යයක

"විනාඩි දෙකක් වේදිකාව හිස්ව තැබුවා"!"මස්කටු"නාට්‍යයයේ.....

දැක්කා,!නමුත් නොදැක්කා වගෙ හිටියා!තවත් වරක් "යෝධයගෙ උයනෙ"දි'කැමරාවක් සූම් වනකොට රූපයට සිද්ධ වෙන දේ'මම වේදිකාවෙ කලා!දැක්කට නොදැක්ක වගේ හිටියා! උඩගිය දවස තුළත් මම විවිධාකාර වූ නැවුම් විධි ක්‍රම ගණනාවක් උපයෝගී කරගන්නවා.

 

මෙවැනි නාට්‍ය නිර්මාණ වලට අද සමාජයෙන් ලැබෙන තැන?

ශ්‍රී ලාංකීය නාට්‍යය කලාවට අරක්ගත් බොහෝ අධිගෘහිත,උරුමක්කාර,පොල්මඃකාර,අදිමිනිස්ත්‍රිකාර,දෙවිදේවතාවුන්වහන්සේලාප්‍රේතයන්,කුම්භාණ්ඩයන්,පිසාචයන්වහන්සේලාකිසිදිනක ඒවා නොදකින බව මම දන්නවා.පත්තර,ගුවන් විදුලි, රෑපවාහිනී නාළිකාමේවා නොදකිනවා. ටෙලිනිළියකගේ කළවාමුල ඇති උපන්ලපය උන්ට ඊට වඩා දස දහස් ගුණයක් වටීනවා.(දුකා වැන්නෙකුට හැර) ඊට කම්ක් නැහැ. ඒ හැමදේ අතරේ මම ප්‍රේක්ෂකාගාරය විස්වාස කරනවා.මම දන්නා,මාව දන්නා ගමේ ප්‍රේක්ෂකයො හැමදාමත් මා සමඟ සිටින බව දන්නවා.කෙසේ වෙතත් කොළඹදී මගේ නාට්‍යයක් දැකගත හැකි වන"අවසාන අවස්ථාව"ද මෙයම විය හැකියි.

උඩගිය දවස"කොළඹට අරං එන්නෙ ඇයි? කියලා සමහරු ඔබෙන් අහනවලු?

"ගමේ තිබුන නාට්‍යයනැවත ගමට අරං යන්ට ඕන"ය කියලනේ මම වැඩේ පටන්ගත්තේ. ඉතිං කොළඹට ගේන්නෙ මොකටෙයි?" කියලා අහනවා ලු......!සමහරු..

මේකට උත්තරයක් "දුකා" දුන්නලු.......

"සොඳුරු ආඥාවෙදි"!

කමල් ඒක කොළඹට ගේන්නෙ'අපිට පෙන්නන්ට!" ඒකත් එක අතකට හරි.පහුගිය කාළෙත් අපි කොළඹ ආවෙ අපේම රසවතුන් වෙනුවෙන්! රාජ්‍යය නාට්‍යය උළෙලට අරකට මේකට නාට්‍යය ඉදිරිපත් කළේ 'කොළඹ ෂෝ එකක් 'හම්බවෙන නිසා විතරමයි! උන්ගෙ සම්මාන කොහොමටත්අපිට දෙන්නෙ නෑ කියලා අපි දන්නවා!

මොකද මා ලව්වා'සෝඩා බෝතලයක්වත් ගෙන්න ගන්ට' බැරි විත්තිය උන් දන්නවනෙ! උඩගිය දවස රාජ්‍යය නාට්‍යය උළෙලට

ඉදිරිපත් කළා!දෙදාස් පහළොවේ ඒ අරමුණම ඇතිව. නමුත් "බෙල්ලම කපලා දැම්මා!"නමුත් මම මැරුනේ නෑ!මහ පොළවෙ පය ගහපුවම 'කැපුනු බෙල්ල හා වෙනවා' කියලා මම දන්නවා!

"තොපෙ කොළඹ තොපිම තියා ගනියවු!කියලා මම ගමෙන් ගමට ගියා! විසි හතර පොළක විසිහතර වතාවක් පෙන්නුවා.!පත්තරවල ඇඩ් නැතිව!සම්මාන නැතිව! ජනප්‍රිය නළුවො නැතිව!අනික කොළඹ නගරයක් කියලා මම හිතන්නෑ, ලෝකෙ හැබෑ නගරවලට සාපේක්ෂව,කොළඹ තාමත් අර්ධ ගමක්!

මහරගමෙන් ටිකක් ඇතුළට ගියාම තාමත් අමුඩෙ ගහගෙන කුඹුරු කොටන ගොවියො ඉන්නවා!අනික කොළඹ ඉන්න සීයට අනූවක් ගම්වල එවුන්!අළුත් අවුරුදු කාළෙටහයිලෙවල් පාරෙ ක්‍රිකට් ගහනවා!

තේ එකක් බොන්ට කඩයක් නෑ සතියක් විතර යනකල්!

ඉතිං එහෙවු කොළඹ මට මගේම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා!

කොළඹ හැදෙන 'පෝච්චිවල හැදෙන මල්ගස්' වගේ

''වර්ක් ෂොප්' නාට්‍යය බළලා එපාවෙලා ඉන්න සමහරු

අපි මාතලෙන් ගේන නාට්‍යය බලන්ට වෙනමම එනවා, උන් දන්නවා අපි නැවුම් යමක් ගේන බව. ඉතින් උඩගිය දවස ගේන්නෙත් ඒ ප්‍රේක්ෂක පිරිසට. අද මුහුණු පොත හරහා එම ප්‍රේක්ෂකාගාරය තවත් පුළුල් වෙලා!

මේ හැදේම කියන ඔබගේ අතීීතයත් දැනගන්නට කැමැතියි?

මම වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ තමයි සේවය කළේ. වැඩි වශයෙන්ම නාටය නිර්මාණය කර ගිබෙනවා. රංගන ගීල්පීන්, අධ්‍යක්ෂකවරුන් වගේම රංග කලාවේ විවිඡ පැතිකඩ ස්පර්ෂ කරන නිර්මාණකරුවන් බොහෝ දෙනෙකු මා වෙතින් කලාවට දායාද කොට තිබෙනවා. මම මීට පෙර ප්‍රොමිතියස් නාටයය 1995 දී නිර්මාණය කළා.වැඩි වශයෙන්ම කෙටි නාට්‍ය තමයි හැම වසරකම වගේ නිර්මාණය වුණේ. ඒ අතර 'සිරියාවතී මැරිලා', 'යුද්දේ', 'මාස්කටු',මේ වගේ නාට්‍ය සෑහෙන ප්‍රමාණයක් ඉදිරියට ආවා. මේ අතර මගේ නාට්‍ය ජීවිතයේ දී ප්‍රොමිතියස් නාට්‍යයට සිදු වූ අසාධාරණයක් නිසා මගේ කොළඹ නාට්‍ය පෙන්වූවේ නැහැ. ඒ නිසා මම මගේ නාට්‍ය අරගෙන ගමට ගියා.'යෝධයාගේ උයන නාට්‍යය දර්ශන වාර 100ක් ඉක්මවා කළා. ලග්ගල, විල්ගමුව, වගේ ජීවිතේට නාටය බලන්න පහසුකම් නැති ප්‍රදේශවලට ගිහින් මම නාට්‍යය පෙන්වූවා. මට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර එමටයි. ඒ මත තමයි උඩගිය දවස නට්‍යයත් නිර්මාණය වුණේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.