ජනකරළියෙන් නොමිලේ පාඨමාලාවක්

නොවැම්බර් 8, 2018

වේදිකා නාට්‍ය, සිනමා (ටෙලිනාට්‍ය ඇතුළුව) රඟපෑම, රචනය සහ අධ්‍යක්ෂණය පිළිබඳ ක්‍රමානුකූල වෘත්තීය පුහුණුවක් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් ජනකරළිය සංස්කෘතික පදනම විසින් නොමිලේ ආරම්භ කර තිබේ.

හලාවත, අනුරාධපුර, පොළොන්නරුව සහ යාපනය යන ඉසව් හතරෙහි 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 4 කට මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. ඒ ඉසව් හතරේම පවත්වන සෑම පාඨමාලාවක්ම දින 5 පුහුණු වැඩමුළු වාර 10 කින් සමන්විතය. සහභාගි වන කණ්ඩායම්වල දැනුම සහ රසඥතා වර්ධනය සඳහා තෝරාගත් දිනවල විවිධ කලා නිර්මාණ ඇසුරු කිරීමේ සහ සංවාද පැවැත්වීමේ වැඩසටහන්ද මීට ඇතුළත්ය. කණ්ඩායම් හතරම සහභාගි වන වේදිකා නාට්‍ය 4 ක්ද, ටෙලිචිත්‍රපට 4 ක්ද නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

ප්‍රවීණ නාට්‍ය හා සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීම යටතේ පවත්වන මෙම ඩිප්ලෝමා පාඨමාලා සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර පුහුණු වැඩමුළු පවත්වන දිනවල සහ නාට්‍ය හා ටෙලි චිත්‍රපට රූපගත කරන දිනවල ආහාර, තේපැන් සහ නවාතැන් නොමිලයේ සපයනු ලැබේ.

යුනෙස්කෝවට අනුබද්ධ ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ (UNESCO-ITI) සහයෝගී සාමාජිකත්වය(Cooperating Member) දරමින් ශ්‍රී ලාංකේය ජනසමාජය තුළ සහජීවනාත්මක සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා වසර 16 ක කාලයක් තිස්සේ අඛණ්ඩ මෙහෙවරක් ඉටු කරන ජනකරළිය සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන මෙම නාට්‍ය හා සිනමා පුහුණු වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජර්මන් කාර්මික සහයෝගිතා ආයතනයේ (GIZ) මූල්‍ය සහාය ඇතිවය.

මෙම පාඨමාලාවට සම්බන්ධවීමට කැමැති ඉල්ලුම්කරුවන් නම සහ ලිපිනය ලියා රු. 15.00 ක මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක් අංක 33/1, ජනකරළිය නාට්‍ය හා රංගකලායතනය, තිඹිරිකඩවල පාර, ශ්‍රාවස්තිපුර, අනුරාධපුරය යන ලිපිනයට එවීමෙන් හෝ 0717776644 දුරකථනයට ඇමතීමෙන් හෝ [email protected]  ඊ-මේල් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබාගත හැකිවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.