දෙරණ Cinema of Tomorrow ජූනි 22, 23 ඇතුළුවීම නොමිලේ...

ජුනි 20, 2019

 2018 වර්ෂයේ මෙරට තිරගත වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අගයනු වස් දෙරණ රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන 07 වෙනි දෙරණ සිනමා සම්මාන උළෙල එළඹෙන ජූනි 28 වෙනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන අතර, එයට සමගාමීව ක්‍රියාත්මක වන "හෙට දවසේ සිනමාව" (Cinema of Tomorrow) නම් වූ අංශය යටතේ තරඟ වදින සිනමාපට තිරගත කිරීම, එළඹෙන ජූනි 22, 23 දෙදින තුල (සෙනසුරාදා/ ඉරිදා) කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

තවමත් මෙරට නිළ වශයෙන් තිරගත නොවුනු සිනමාපට වෙනුවෙන් වෙන්වන "Cinema of Tomorrow" අංශය සඳහා මෙවර සිනමාපට 10 ක් ඉදිරිපත්ව තිබූ අතර, එයින් සිනමාපට 05 ක් තේරීම් කමිටු ජූරීයේ නිර්දේශය මත උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීය. මෙහිදී සිනමාපට 20කට අධික සංඛ්‍යාවකට සම අධ්‍යක්ෂණයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති සුදේශ් වසන්ත පීරිස් සහ සිය දෙවන සිනමා නිර්මාණය සමග උළෙලට එක්වන විජිත ගුණරත්න සමග එකට තරඟ වැදීමට කසුන් පතිරණ, සුජීව ප්‍රියාල්, සුබා සිවකුමාරන් යන කුළුදුල් සිනමා නිර්මාණකරුවන් තිදෙනා සුදුසුකම් ලැබ තිබීම කැපීපෙනේ.

ජූනි 22 (සෙනසුරාද) සවස 2.30 කසුන් පතිරණගේ නයිට් රයිඩර් (Night Rider)

කලණ ගුණසේකර, යූරේනි නොෂිකා, ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, තුමිඳු දොඩංතැන්න, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර, අරුණි මෙන්ඩිස් යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන ‘නයිට් රයිඩර්’ සිනමාපටයේ තිර රචනය ශ්‍රීනාත් චතුරංග හා කසුන් පතිරණගෙනි. කැමරාකරණයෙන් විශ්වජිත් කරුණාරත්නත්, සංස්කරණයෙන් ලක්රුවන් ද සේරමුත්, සංගීතයෙන් අජිත් කුමාරසිරිත් සිනමාපටයට දායක වී ඇත.

 

ජූනි 22 (සෙනසුරාද) සවස 6.00 සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්ම (The Breath)

දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණී, අංජන ප්‍රේමරත්න යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවී ඇති ‘හුස්ම’ සිනමාපටය සඳහා කැමරාකරණයෙන් ගාමිණී මොරගොල්ලාගමත්, සංස්කරණයෙන් අනුර බණ්ඩාරත්, සංගීතයෙන් කේෂාන් පෙරේරාත් දායක වී ඇත.

 

ජූනි 23 (ඉරිදා) උදෑසන 10.30 සුජීව ප්‍රියාල්ගේ සුපර්ණා (Suparna)

දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර, වීණා ජයකොඩි, සංජීව උපේන්ද්‍ර, ජනක් ප්‍රේමලාල්, කෙනෙරා වීරතුංග, විශ්වජිත් ගුණසේකර, බුද්ධික ජයරත්න, රයන් වැන්රයන්, හයිසින්ත් විජේරත්න, මාලි ජයවීර, රංජිත් රූබසිංහ, වසන්ත විට්ටච්චි යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවෙන ‘සුපර්ණා’ සිනමාපටයේ තිර රචනය සුජීව ප්‍රියාල්ගෙනි. කැමරාකරණයෙන් ධනුෂ්ක ගුණතිලකත්, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්නත්, සංගීතයෙන් පබළු විජේගුණවර්ධනත් දායක වූ ‘සුපර්ණා’, 2019 වර්ෂයේ බංගලිදේශයේ පැවති 17 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට සමත්විය.

 

ජූනි 23 (ඉරිදා) සවස 2.30 විජිත ගුණරත්නගේ අමාවක (Invisible Moon)

2008 වසරේදී තිරගත වුනු 'වලාපටල' සිනමාපටයෙන් ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ විජිත ගුණරත්නගේ දෙවන සිනමා නිර්මාණය 'අමාවක' වන අතර, එය ශ්‍යාම් ප්‍රනාන්දු, සුරංගා රණවන, දුලීකා මාරපන, ශිරානි කෞශල්‍යා, මොහමඩ් ඇඩමලි යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවේ. විජිත ගුණරත්නගේම තිර පිටපතකට අනුව නිර්මාණය වූ මෙම සිනමාපටය සඳහා කැමරාකරණයෙන් ධනුෂ්ක ගුණතිලකත්, සංස්කරණයෙන් රවින්ද්‍ර ගුරුගේත්, සංගීතයෙන් තරුපති මුණසිංහත් දායක වී ඇත. 2017 වර්ෂයේදී 03 වෙනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කළ 'අමාවක' , 2018 වර්ෂයේ පෘතුගාලයේ පැවති 02 වෙනිසෙවෑ දො වෝගා අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් විශේෂ ජූරි සඳහනකින් (ඉනඥජඪචත බ්භපර ර්ඥදබඪධද) පිදුම් ලැබීමට සමත්විය.

 

ජූනි 23 (ඉරිදා) සවස 6.00සුබා සිවකුමාරන්ගේ නොමියන මතකය (House of My Fathers)

බිමල් ජයකොඩි, ප්‍රදීපා ජීවා, ස්ටීව් සිල්වා, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් නළු නිළියන්ගේ රංගනයෙනුත්, කාලිංග දේශප්‍රියගේ කැමරාකරණයෙනුත් හැඩවෙන 'නොමියන මතකය' සුබා සිවකුමාරන්ගේම තිර රචනයයකට අනුව නිර්මාණය වූවකි. ආසියාවේ සුවිසල්ම අන්තර්ජාතික සිනමා උලෙළ ලෙසින් සැලකෙන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කරමින් 2018 වර්ෂයේදී ජාත්‍යන්තර උලෙළ නියෝජනය ඇරැඹූ 'නොමියන මතකය' සිනමාපටය, ලන්ඩන්, රොටර්ඩෑම්, සියටල් ආදී ලොව සුපතළ උලෙළයන් ඇතුළුව අන්තර්ජාතික උළෙලයන් 13ක් නියෝජනය කිරීමට මේ වනවිට සමත්ව ඇත.

  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.