වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්

වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්

               

ලංකාවේ ගීත කාලවේ නොමැකෙන නාමයක් රැන්දූ මිල්ටන් මල්ලවාරච්චියන්ගේ ගීත එදා මෙන්ම අදත් නොඅසන කෙනෙකු නැත. ඒ ගීත අද අපට ඇසෙන්නේ ගුවන් විදුලි නාලිකාවලින් ඉඳහිට වුවත් එහි රසය අඩුවක් නොවෙයි. ඒත් රනිල් මල්ලවාරච්චිත් තම පියාගේ හඬ සහජයෙන්ම පිහිටා ඇති පුතෙකි. ලංකාවට මේ ගීත සජීවි ප්‍රසංගවල අහන්න දෙනෝ දාහක් රසිකයන් බලා සිටියත් එය මෑත කාලයේ නොඇසුනේ මන්ද? කාටත් ප්‍රශ්නයක් බඳු වුවත් රනිල් සහ නිරාශා විදේශ ගත වන්නේ හදිසියේමය.

ඒ තම දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් බලා ඔවුන් දෙදෙනා විදේශ ගත වෙයි. එදා කුඩා ළමුන් වූ රනිල්ගේ සහ නිරාශාගේ දුවා දරුවන් අද තරුණ වියට එළඹී ඇත. ඔවුන් දෙදෙනා අධ්‍යාපන මාවතේ පැති දෙකක ගමන් කරයි. පුතා විශ්ව විද්‍යාලයේ ගුවන් නියමුවකු ලෙස උපාධිය ලැබීමට තවත් වසර දෙකක් ගත වේ. දූගේ පාසල් අධ්‍යාපනය නිමවීමට තවත් වසර තුනක් ගතවේ. ඇය නීති ප්‍රවේශයෙන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමයි ඒකායන අරමුණ වී ඇත්තේ. රනිල් සහ නිරාශා මෙල්බන්වල ස්ථිර රැකියාවන් කරමින් තම පියාගේ ගීතාවලිය ඉදිරියට ගෙන යන බව පසුගිය දින ලංකාවට පැමිණි මොහොතේ නිරාශා සඳහන් කළේය. ‘සඳ ඔබයි පියාණෙනි’ උපහාර ගීත ප්‍රසංගය වසරක් පාසා විවිධ රටවල පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.

වසර නවයකින් ලංකාවට පැමිණි නිරාශා මල්ලවාරච්චි පසුගිය දිනක සරසවියට කතා කරන්නට අමතක නොකළහ. ඒ වසර නවයක් මෙල්බන්වල පදිංචිව සිටි නිරාශා මෙවර සිංහල අවුරුද්ද සමරන්න ලංකාවට පැමිණියේ ඉතාම සතුටින් බවයි අප සමඟ සඳහන් කළේ. ඒත් මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ශ්‍රාවකයන්ට සතුටුදායක දෙයක් ඇය පැවසුවේය. එළඹෙන වසරේ සිට ලංකාව පුරා ‘සඳ ඔබයි පියාණෙනි’ උපහාර ප්‍රසංගය රනිලුත් නිරාශත් එක්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් කළේ. මේ තොරතුරු කියා අවසන් කළ ඇය තවත් නොබෝ දිනකින් සිංහල සංස්කෘතික මංගල්‍යය අවසන් වු පසු මෙල්බන් බලා පිටත් වන බවත් මේ වසර අවසානයේ රනිලුත් - නිරාශාත් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.